
(ජේ.කේ.එල්. චාමින්ද සහ ජයන්ත සමරකෝන්)
බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45 දෙනොගෙන් අද (13) උදෑසන වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැඳවියන් 20 දෙනෙකු පමණක් බව බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.
දැනට විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 25 දෙනෙකු ආහාර වර්ජනයට සහාය නොදී ආහාර ගැනීම සිදුකරන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. එම රැඳවියන් අතර පොට්ට නවුෆර්, සහරාන්, ආමි සම්පත්, කැවුමා ඇතුළු පිරිසක් සිටින බව බන්ධනාගාර ආරංචි මර්ග සදහන් කරයි.
මේ අතර ආහාර වර්ජනයේ නිරතව සිටියදී හදිසියේ අසනීප වීමෙන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කරණු ලැබු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට ප්‍රතිකාර කිරිමෙන් පසු යළි බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් ඇති බවද බන්ධනාගාර කාර්යාලය පවසයි.
මොහු ප්‍රතිකාර සදහා බුස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඊ.සි.ජි පරික්ෂණයට ලක් කිරිමෙන් පසු බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට රැගෙනවිත් තිබේ. මේ අතර පොඩි ලැසි, වෙලේ සුදා, නිරෝ , ඔස්ටින් ඇතුළු පිරිසක් තවමත් ආහාර වර්ජනයේ නිරතව සිටිති.
ආහාර ගැනීමේ වර්ජනයක නිරතව සිටින විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් සඳහා ඥාතීන් හමුවීමේ අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර පාලන අධිකාරිය තීන්දු කර තිබේ.
ඉල්ලම් කිහිපයක් මුල්කරගෙන විශේෂ අංශයේ රදවා සිටින රැඳවියන් ඉකුත් 10 වැනිදා සිට ආහාර වර්ජනයක නිරතව සිටිති. කොරෝනා සමයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් සදහා සිය ඥාතින් සමග දුරකථනයෙන් කථා කිරිම සදහා එක් රැදවියකුට විනාඩි 5ක කාලයක් ලබා දි තිබුණි.
ඉරිදා හා බදාදා දින යන වල දින දෙකෙන් ඕනැම දිනයක මෙම රැදවියන්ට එම අවස්ථාව හිමිව තිබිණි. කොරෝනා වසංගතය පහව යාමත් සමග විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් බැලිම සදහා ඥාතීන්ට අවසර ලබාදිමත් සමඟ දුරකථන මගින් ඥාතින් සමග කථා කිරිම අවස්ථා නවතා දමනු ලැබිය.
යළි ඥාතීන් සමඟ දුරකථන මාර්ගයෙන් කථා කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලිම, ඇතුළු ඉල්ලිම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් ආහාර වර්ජනයේ නිරතව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න... රට හදන්නම් ජනාධිපතිතුමනි..
අපි නම් හිතුවේ ගුටිකන්න යනවා කියලා...
මං එක පාරට දැක්කේ 8 දෙනෙක් කනත්තට යති කියලා වගේ...
මේ දරුණුතම අපරාධකාරයින්ගේ අහාර වර්ජනයේ සැබෑම සිද්ධිය සඳහන් කරලා නැහැනේ. එනම්, කිසිම පරීක්ෂාවකින් තොරව තමන්ව හමුවෙන්න පැමිණෙන ලෝයර් මහත්වරුන්ට ඉඩ දෙන්න කියන එක. බන්ධනාගාරේට කුඩු සහ ආයුධ ගෙනියන එක නවත්වන්න ඇමතිලා, මන්ත්‍රීලාගේ ඉඳන් බන්ධනාගාරේම ලොක්කවත් චෙක් කරද්දී මේ මුදලට ආත්මය විකුණන කළු කෝට්කාරයින් චෙක්නොකර හරි යනවද? මම හිතන්නේ රටේම ජනතාව බලාපොරොත්තු වෙච්ච උත්තරේ ඊයෙම ආරක්ෂක ලේකම්තුමා දුන්නා. "බඩගිනි හැදුණම කයි" කිව්වා. ඇත්තටම අපි රට වෙනුවෙන් මැතිවරණයේදී පාවිවිචි කරපු ඡන්දෙට දැන්නම් සැබෑ වටිනාකමක් ලැබිලා තියනවා කියලා පොඩි ආඩම්බරයකුත් අපේ හිතේ තිබෙනවා..
මැරෙන්න දෙන්න අනේ. නඩුවල වියදමත් ඉතුරුයි. කූඩුවේ තියාගෙන කරන නඩත්තු වියදමුත් ඉතුරුයි. හෙංචයියන් ලවා කරන ජාවාරමුත් නිකන්ම ඉවර වෙයි... හරිම අහිංසක ඉල්ලීම් ටිකක් නේ.. පව් දෙයියනේ..
සමාජයේ නීතිගරුක සහ විනයගරුක පුරවැසියන්ට සහ ආර්ථිකයටද දැරිය නොහැකි හානියක් කරන මෙවැනි නැවත නැවත අපරාධ කරන භයානක පිළිල, තිරිසන්නු අඩුම වියදමකින්ම ඉවත් කරන්න.