
(නිමල කොඩිතුවක්කු)
පළාත මාරු වන විට වාහන සඳහා නව අංක තහඩුවක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
දිවයිනටම බලපාන නව අංක තහඩුවක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නා බැවින් වාහන විකුණන වාරයක් පාසා නව අංක තහඩු ලබාගැනීමට අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වාහනයේ අංක තහඩුව ස්කෑන් කිරීමකදී වාහනයේ හිමිකරු ඇතුලු සියලු තොරතුරු ලැබෙන පරිදි මෙම ක්‍රමවේදය සකස් කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම රියදුරු බලපත්‍රය සහ අංක තහඩු ලබාගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගොස් රස්තියාදු වීමට අවශ්‍ය නොවන බවත් අධිවේගි තැපෑලයෙන් ඒවා කඩිනමින් හිමිකරුට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාහන ට්‍රාන්සර් ෆෝම් එක කැන්සල් කරලා මාසයක් හරි, අවුරුද්දකට වතාවක් ඔය ෆෝම් එක මාරු කරානම් බලන්න තිබුණා ඕපන් පේපර්ස් සෙල්ලම කොහොමද කියලා...
ඉතා හොඳ වැඩක්. මෙතුමා ඉතාම හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙන ඇමතිවරයෙක්... අනිත් අයත් මේ වගේ හිතලා වැඩ කරනවා නම් කොච්චර හොඳද..?
ඔය විදිහටම වාහන පැදවීමේ බලපත්‍රයත්, හැඳුනුම්පතත්, ගමන් බලපත්‍රයත් එකම අංකයක් සහ සිස්ටම් එකක් යටතට ගෙනැවිත් තාවකාලිකව රටට පිවිසෙන්නටත් ගුවන් තොටුපළේදීම ආපසු යනවිට ආපසු බාරදිය යුතු තාවකාලික හැඳුනුම්පතක් දීම වැනි යමක් යටතට ගෙනෙනවා නම් හොඳයි නේද?
ඊ- මේල් එකකට උත්තර දීමකවත් නොකරන 18 වැනි සියවසේ රාජ්‍ය සේවය වළලා දැමිය යුතුයි. මම කෝවිඩ් 19 කාලයේ අවශ්‍යතාවයකට මහරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඊමේල් එකක් එව්වා.. තාම ප්‍රතිචාරයක් නැහැ.
මේක නම් ඇත්තටම හොඳ වැඩක්.. එ්ත් බිස්නස් කරනවිට වාහනය පාවිච්චි කරපු පළාත අනුව සාමාන්‍යයෙන් යම් තක්සේරුවක් ඇත. නමුත් වාහනයක් ගත්විට එය වෙනත් පළාතකට ගෙනයනවිට අලුත් නම්බර් පේලෙට් යෙදීම මුදල් නාස්තියක් නිසා, මේ වැඩ පිළිවෙල වඩාත් වැදගත්..
ඔය නොම්මර තහඩුව මාරු කිරීම වෙනුවට ස්ටිකරයකින් පළාත වෙනස්කර ගත හැකි නොවේද? මහත්තයෝ දැන් කරන දේ කොපමණ කිව්වාද, දැන් පටන් ගන්න... එකින් එක කරන්න. නැත්නම් කාලය අවසන් වෙනකොට කළදෙයක් නැති වෙයි.
වෙනවා නම් හොඳයි...