
(නිමල කොඩිතුවක්කු)
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා, අනිද්දා(15) සිට සිසුසැරිය බස්රථ සේවාව විධිමත්ව යළි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
මේ සඳහා බස්රථ 200ක් අලුතින් යොදවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිසුසැරිය සඳහා මෙතෙක් යොදවා තිබූ පරණ බස්රථ වෙනුවට පහසුකම්වලින් සමන්විත පිරිසිදු බස්රථ යොදවන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් ලබාදී ඇතැයිද ලොකුගේ අමාත්‍යවරයා කීය.
දිවයිනේ සෙසු පළාත්වලට ද ඉදිරියේදී සිසුසැරිය බස්රථ යෙදවීමට කටයුතුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd