‘එස් එෆ් ලොක්කා’ගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග
වෙඩි තබා ඝාතනය කෙරුණු, අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු වූ එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ නමින් ඔහුගේ ඥාතීන් පස්දෙනෙකු ඇතුළු 10දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා දින 14 ක් ඇතුළත අනුරාධපුර පොලිසියට ලබා දෙන්නැයි, අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්රසන්න සමරසිංහ මහතා රාජ්ය සහ පෞද්ගලික බැංකු 32ක කළමනාකාරීත්වයට අද (14) නියෝග කළේය.