
(නිමල කොඩිතුවක්කු)
මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව තහනම් කර ඇති අලංකරණ කොටස් හැර සෙසු අමතර කොටස් අලංකරණ උපකරණ වාහන සඳහා යොදා ගැනීමේ හැකියාව ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.
ත්‍රීරෝද රථ සහ මෝටර් රථ අලංකරණයට සිදුකර ඇති ඉල්ලම් සලකා බලා මෙම තීරණය ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ක්‍රීඩා සමාජයක ලියාපදිංචි වූ වාහන වලට එම අලංකරණ කොටස් සඳහා විශේෂ අවසරයක් ලබාදෙන බවද අමුනුගම මහතා සඳහන් කළේය.
එන්ජින් ධාරිතාව 450 සිට 1000 දක්වා ධාරිතාව සහිත යතුරු පැදි ආනයනය කිරීමට අවසර නොදෙන බවත් ඒ පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කර ඇති යතුරුපැදි ලියාපදිංචි කිරීමට පමණක් අවසර දෙන බවද ඔහු කියා සිටියේය.
එම යතුරුපිදි ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂ 8 ක අධිභාරයක් ගෙවීමට සිදුවන බවත් අමුණුගම මහතා කීවේය.
එමෙන්ම ලියාපදිංචි කිරීමේ දී ගැටලු මතුව ඇති ජිප් රථ සහ මෝටර් රථ ලියාපදිංචි කරගැනීමට සහන කාලයක් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දඟලන්න ඕනෑ නැහැ... ත්‍රීවීලර් තහනම් කළා නම් ප්‍රශ්න විසඳෙනවනේ.
ඉතා හොඳයි. ඒ වගේම මාර්ග නීති හරියටම ක්‍රියාත්මක කරවන්න. තනි මංතීරුවල මෝටර් සයිකල් සහ ත්‍රී විලර් වමෙන් ඉස්සර කිරීම දැන් නීතියක් බවට පත්වෙමින් තියෙනවා. වහාම ඊට එරෙහිව කටයුතු කරන්න.
450 CC සිට 1000CC දක්වා ගෙන්වීම තහනම් නමුත් පාලකයන්ගේ සහ ඔවුන්ට මුදල් පොම්ප කරන මුදලාලිලාගේ අයට අවසරය දුන්නේ කොහොමද.? දැන් තහනම් කරන්නේ මොකටද.?