
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පත්වී තිබේ.
පක්ෂ මූලස්ථානයේ දී අද (14) පැවති රහස් ඡන්දයකදී ඒ මහතා මෙලෙස තේරී පත්විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමඟ එම ධුරය සඳහා විජයවර්ධන මහතා තරග කළ අතර, ඡන්ද විමසීමේදී විජයවර්ධන මහතාට ඡන්ද 28ක් ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක් ද හිමිවී තිබිණි.
ඒ අනුව, වැඩි ඡන්ද 18කින් රුවන් විජයවර්ධන මහතා නව නියෝජ්‍ය නායකයා ලෙස පත්විය.
කෙසේවෙතත්, ජනවාරි මාසය වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් සිටින බවද ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමදා අපගේ නායක රනිල්.. අපි රනිල් සමග නැගිටිමු...
ඉතා හොඳ අවශ්‍යම තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය මත පදනම්ව පක්ෂය ගොඩනැගිය හැකි නියම සුදුස්සාට දැන් අවස්ථාව හිමි වී තිබෙනවා.
හොඳ තීරණයක්... බැංකු හොරුන්ව හිර ගෙට යවමු...
දැන්වත් රනිල් මහතාට නින්ද ගියොත් හොඳයි. මොකද නායකකම තියෙනවනේ...
ජනවාරිය වෙනකොට පක්ෂයට මොකක් වෙයිද දන්නේ නැහැ.. නැතිනම් රනිල් ‘‘ මම අයින් වෙන්නේ නැහැ‘‘ කියලා කියයිද දන්නේ නැහැ..
ලබන සැරේ ඡන්ද 5000ක් ගන්න පුළුවන්ද මුළු ලංකාවෙන්ම...?
තවම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට කෙනෙක් තෝරා ගන්න බැරිවුණා නේද?
එක්සත් ජාතික පක්ෂයේ නායකකමට ඉතාමත්ම සුදුසු මහත්මා ගතිගුණ පෙන්නන දේශපාලඥයෙකි. දැනට සිටින සියල්ලන් අතුරෙන් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය බාර ගැනීමට සිටින සුදුසුම පුද්ගලයා හට එම අවස්ථාව ලැබී තිබේ.
රනිල් සාපේක්ෂව අවංක දේශපාලකයෙක්. හැබැයි අසාර්ථක නායකයෙක්. මෙය ඔහු තේරුම් නොගැනීම අභාග්‍යයක්. එ් නිසා විපක්ෂයක් නැතිවුණා. ජනතාව අසරණ කළා. ඒකාධිපති පාලනයකට මග පෑදුවා.
සේන ඔයාගේ කතාව සහතික ඇත්ත. රනිල් මේ කරන්නේ මොනවාද?
අනේ රවීට වෙච්චි ඉරණම... රනිල්, රවීට මෙච්චර කල් කරත් තේරුමක් නැහැ.