(ගයාන් සූරිය ආරච්චි)

ජංගම දුරකථනය නොදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තම නැගණියට පහරදී ගෙල සිරකර මරා වතුර බේසමකට දැමූ බව කියන සහෝදරයෙකු ඊයේ (30) අත්අඩංගුවට ගත් බව එරාවුර් පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ එරාවුර්, වෙට්ටුවෙල් ප්‍රදේශයේ පදිංචි සත්‍නාදන් සත්තිසා  නැමති 10 හැවිරිදි සිසුවියකි.

සැකකරු තම නැගණියගේ ගෙල සිරකර ඝාතනය කර නාන කාමරයට ගොස් බේසමකට වතුර පුරවා නැගණියගේ මළ සිරුර එහි දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී ඇත.

නැගණිය මිය ගිය ආකාරය පිළිබඳව මව සැකකරුගෙන් විමසීමේදී ගෙල සිරකර ඝාතනය කළ බව සැකකරු අනාවරණය කර ඇති බව පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එරාවුර්, වෙට්ටුවෙල් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.