රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලැබෙන තොරතුරු රැස්වීමට ඉදිරිපත් කිරීම ඔහුගේ වැඩක්
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු තොරතුර ගැන බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීමක් මිස තමන්ගේ වගකීමක් නොවන බව ද ඔහු කිසිම අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොපැතූ අතර ඔහුට උපදෙස් දීමේ වගකීමක් තමන්ට නොමැති බව ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පෙරේදා (14) පැවැසීය.