
චීනය තුළ නිෂ්පාදනය කර සංවර්ධනය කෙරෙන එන්නත නොවැම්බර් මාසය වනවිට මහජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි එරට රෝග පාලන සහ නිවාරණ මධ්යවස්ථානය සඳහන් කරයි.
චීනය මේ වනවිට ‘කොවිඩ්-19’ මර්දනය කළ හැකි යැයි කියන එන්නත් හතරක් සංවර්ධනය කර ඇත. එම එන්නත් හතරම මේ වනවිට ඒවායේ අවසන් අදියර වන සායනික අත්හදා බැලීම් මට්ටමේ පවතී. එයින් එන්නත් තුනක් දැනටමත් පරීක්ෂා කර බලා ඇතැයි ද වාර්තා වේ. ඉකුත් ජූලි මාසයේ ක්රි යාත්මක කරන ලද හදිසි භාවිත කිරීමේ වැඩසටහනක් යටතේ අදාළ එන්නත් හතරෙන් තුනක් අත්යිවශ්ය් සේවකයන් ද ලබා දී ඇතැයි පැවසේ.
තුන්වැන් මට්ටමේ සායනික අත්හදා බැලීම් ආරම්භ වී ඇතැයි ද එම එන්නත් මහජනතාව සූදානම් කිරීම නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී කෙරෙනු ඇති බවත් චීනයේ රෝග පාලන සහ නිවාරණ මධ්ය්ස්ථානය නිවේදනය කළේය.
රෝග පාලන සහ නිවාරණ මධ්ය ස්ථානයේ ජෛව ආරක්ෂක විශේෂඥයකු වන ගුයිෂෙන් වූ එරට රාජ්යස රූපවාහිනි සේවයට අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළාය.
අත්හදා බැලීම් මට්ටමේ පැවැති එන්නතක් ඉකුත් අප්රේ්ල් මාසයේදී තමන් ලබාගත් බවත් කිසිදු අසාමාන්යට තත්ත්වයක් පෙන්නුම් නොකළ බවත් ඇය කීවාය. කෙසේ නමුත් ලබාගත්තේ කුමන් එන්නත දැයි ඇය සඳහන් නොකළාය.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන නේ .
ඔය වසන්ගතය ලොවටම දායද කළ ඇයො ඔකෙ ගුණ අගුන දන්නවා ඇති නේ ?
චීන කොරෝනාව මුලු ලෝකයම බිලි ගනිද්දී චීනයේ පමණක් එය ව්‍යාප්ත නොවූයේ ඇයි? එන්නත සාදා ඇත්තේ අද ඊයේ නොවන බව පැහැදිලිය. ගෝලීය ආර්ථිකය සහමුලින්ම ඇද වැටුණු පසු චීනය කියන්නේ එන්නත සූදානම් බවයි. මැයි මස දී ඉතාලියේ මහා සමාගමක් ඔවුන් මිලදී ගත්තේ එම සමාගම වෛරසය නිසා බංකොලොත් වූ නිසාවෙනි. මැනවින් සිතන විට මෙය චීනාගේ උපක්‍රමයකි.