සහරාන්ලාගේ අවදානමේ තොරතුරු පසුව හරි අසාගැනීම ආරක්ෂක ලේකම්ගේ වගකීමක්
“නායකයෙක් කියන්නේ පහළ නිලධාරියා කරයි කියලා බලාගෙන ඉන්න කෙනාට නොවෙයි. පහළ නිලධාරියා මෙහෙයවන කෙනාටයි. මම බුද්ධි සමාලෝචන රැස්වීමේදී සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම ගැන කියවුණ තොරතුර ගැන මා නොකියා සිටියේ නම් රැස්වීම අවසානයේ හෝ පසු දිනයේ හෝ වෙලාවක් වෙන් කරගෙන නිලන්ත මේක පැහැදිලි කරන්න කියලා කියන්න ආරක්ෂක ලේකම්වරයාට වගකීමක් තිබුණා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (16) පැවැසීය