IMG-LOGO

ඉන්දියාවේ කෝටි බාගයක් කොරෝනා ආසාදිතයෝ වෙති

අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (16) මිලියන පහ ඉක්මවා ගියේය .
 
අසාධ්‍ය තත්ත්වයේ පසුවන දස දහස් ගණනක් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට ද ඉන්දියාවේ රෝහල්වලට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
 
වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ උත්තර ප්‍රදේශ් යන් ප්‍රාන්තවලට ය. එම ප්‍රාන්තවල ඔක්සිජන් අවශ්‍යතාව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි ද වෛද්‍යවරුන් සහ ප්‍රාන්ත ආණ්ඩුවල නිලධාරීහු කීහ.
 
‘‘බලාපොරොත්තු සුන් වුණු රෝගීන් මට මහ රෑ කෝල් කරනවා. ඒත් මම දන්නේ නෑ ඊළඟ තොගය එන්නේ කවද්ද කියලා’’ යැයි නෂීක් නගරයේ ඔක්සිජන් සැපයුම්කරුවකු වන රිෂිකේෂ් පටිල් කී.
 
ඉන්දියාවෙන් බදාදා දහවලින් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,123 දෙනකු හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන පහ ඉක්මවා ගියේය.
 
ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී කොවිඩ්-19’ ආසාදිත මරණ 1, 290ක් වාර්තා වී ඇති අතර ඒත සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 82, 066ක් දක්වා ඉහළ ගියේය.
 
මේ වනවිට ලොව වේගයෙන්ම වයිරස ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවෙන් අවසන් වයිරස ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගත වී ඇත්තේ දින 12ක් පමණි. ඇමෙරිකා එක්සත් ජනපදයට පසු වයිරස ආසාදිතයන් මිලියන පහක් වාර්තා වන අනෙක් රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.
 
දැනට වයිරස ආසාදිත රෝගීන් මිලියනයකට ආසන්න පිරිසක් ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඉන් 6% ආසන්න පිරිසකට ඔක්සිජන් සහාය අවශ්‍යව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.
 
රොයිටර්
055



අදහස් (3)

ඉන්දියාවේ කෝටි බාගයක් කොරෝනා ආසාදිතයෝ වෙති

Rex Wednesday, 16 September 2020 06:32 PM

එහෙම වුණත් ඉන්දියාව තමන්ගේ මිනිස්සු ගෙන්න ගන්නවා. ඒත් අපි කොරෝනා හැදුණු අය 20 හරි 30හරි හම්බ වුණොත් අපේ අයව ගෙන්න ගන්නේ නැහැ. හැබැයි හෙට අනිද්දා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දින7ක් නිරෝධායනය කරලා රට ඇතුළට ගනියි. දැන් තේරෙනවද නීතිය නැමෙන හැටි? 

:       4       22

Naushi Thursday, 17 September 2020 12:15 AM

මිස්ටර්- ඔක්සිජන් ඉන්නේ ලංකාවේ. එයාගෙන් ඉල්ලගන්න.

:       3       18

Chandima Thursday, 17 September 2020 01:02 AM

තව ටික දවසකින් එ් රටේ කොරොනාවලට ප්‍රතිරොදෙ ඇතිවුණු කෝටි භාගයක් ඉන්නවා. අපේ රටේ කවුරුවත් නැහැ.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site