
(තිළිණි ද සිල්වා)
කොවිඩ්-19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 100%ක සහතිකයක් ලැබෙනතුරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයින්ට විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (16) පැවසීය.
රජය මේවන විට කොවිඩ්-19 වසංගතය පාලනය කර තිබුණ ද ජනතාවට කිසිදු අවදානමක් ගැනීමට ඉඩ දිය නොහැකි බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කමිටු සංවර්ධන රැස්වීමෙන් අනතුරැව මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
''කැබිනට් මණ්ඩලයට අපි ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබද නිර්දේශ ඉදිරිපත් කළා. මත්තලත්, කටුනායකත් ඒ අනුව විවෘත කරන්න අපි ලෑස්තියි. ඒ නිර්දේශ සදහා සෞඛ්‍ය අංශ අනුමැතිය අපි බලාපොරොත්තු වෙනවා යැයි'' ද ඇමතිවරයා කීවේය
කෙසේ වෙතත් ගුවන්තොටුපළ විවෘත කිරීම සදහා සියල්ල සුදානම් බවත් සෞඛ්‍ය අංශ නිර්දේශ ඊට අත්‍යවශ්‍යය බවත් ඇමතිවරයා දැඩි ලෙස අවධාරණය කළේය.
"අපිට රට තුළ සිටින ජනතාව අනතුරේ දාන්න බෑ. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොගෙන්වා ඉන්නත් බෑ. අපි මේ සියල්ල මනා පාලනයකින් යුතුවයි කරගෙන යන්නේ. කිසිම හේතුවක් නිසා කොවිඩ් 19 වසංගතයට රටට ඇතුළුවීමට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපිට මේ සියල්ල දැඩි ලෙස පාලනය කරන්න සිදු ව තිබෙනවා''යැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන් කෙසේවෙතත් අපිටත් තව අවුරුදු දෙකක්වත් පිටරටටම වෙලා ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ...
වහලා තියාගන්න ලංකාවේන් පිට ඉන්න අපිට එන්න නොදී.
වැඩේ නම් හොඳා... නමුත් රස්සාවල් නැතිව මාස ගණනක් පඩිත් නැතුව අනේකවිධ දුක්විඳින මැදපෙරදිග වහල් සේවයේ යෙදිලා අන්ත අසරණව ඉන්න මිනිසුන් ගැන ඔබලාගේ කියවීම කුමක්ද? ඒ සෑම පුරවැසියකුම තම ලේ, කඳුළු, දහදිය අගුරවලා එවපු ඩොලර් ටිකට යහමින් දියවන්නාව 225ම චිරාත් කාලයක්ම වගකිව්ව නොවේද? ඒ මිනිස්සු නොවිඳිනා දුක් කම්කටොලු විඳලා ඩොලර් එවනකොට "ඒ මිනිස්සු රටවිරුවෝ " දැන් රැකියාවන් නැතිව අන්ත අසරණව තානාපති කාර්යාලවල නිලධාරින්ගේ පුස් පාට් බල බලා කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට ඒ මිනිස්සු මගමරුවෝ.. මීට පෙර බලයේ හිටිය අයටත් මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!
ජාත්‍යන්තර අධිකරණයට යන වැඩක්.. රටේ ජනතාව පිටරට වල සරණාගතයන් දශලක්ෂ ගණන් වුණොත් යූ.එන් එකෙන් රජයට රජයට විරුද්ධව සම්බාධක පැනවෙනවා. හැමදාම ඔය වැඩේ කරන්න බැහැ. සහතික දෙන්න පවිත්‍රා දොස්තර කෙනෙක් නොවේ.
අනිත් රටවල් සේරම එයාර් පෝට් ඇරලා තියෙන්නේ.. ඇයි අපේ රටේ මේවා මන්දගාමී.. කාවද රවට්ටන්න හදන්නේ...?
බටහිර රටවල් දැනටම කොරෝනා දෙවෙනි රැල්ලට ලෑස්ති වෙනවා. මැද පෙරදිග තවම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේ වෙලාවේ රටට එන්න දෙන්න ඕනේ මැද පෙරදිග රැකියා නැතුව අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විතරයි. තව පහු වුනොත් ඔවුන්ව ගෙන්වා ගන්න බැරිම වෙනවා. මේ ආණ්ඩුවේ හිත්පිත් නැතිකම මට නම් ඇත්තටම පුදුමයක්.
මම සෞදි ඉන්නේ... ගොඩක් අය ලංකාවට යන්න බලාගෙන ගොඩක් අසරණ වෙලා. ඒත් යන්න කියලා කිසිම ක්‍රමයක් නෑ. ඉන්ෂුවරන්ස් කියලා මගුලක් කරනවා සල්ලි අරගෙන ෆ්ලයිට්වල ගණන් වැඩිනම් ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවපු එව්වා. දැන් ආණ්ඩුව කරන්නෙත් බිස්නස් එකක් එයාපෝට් එක වහගෙන නිරෝධායනයට ඉඩ නෑ කියලා සල්ලි තියෙන අය විතරක් ගෙන්න ගන්නවා. ආණ්ඩුවේ අය හිතන්නේ අපි බබාලා.. අපි දන්නෙ නෑ මේවා කියලා. සල්ලි දීලා එන කොට නිරෝධායනයට ඉඩ තියෙනවා සාමාන්‍ය විදිහට එන අයට තමයි නිරෝධායන ඉඩ නැත්තේ..
තරුණ කාලේ වෘත්තිය සුදුසුකම් සමගින් ආවේ.. හැම මාසේම ඩොලර් ගොඩක් ලංකාවට යැව්වේ.. අවුරුදු 24 ක් මෙලෙසයි ඩොලර්වලින් අපි යැව්වේ.. කෝවිඩ් අප නැති කෙරුවා ලක් අම්මේ.....
රට විරුවනේ කොහොමද දැන් සැපද? අද අතින් ටිකට් අරගෙන ඇවිල්ලා අපේ සර්ට ඡන්දෙ දැම්මේ .. කොහොමද දැන් අපේ සර් ඔයාලට සලකන සැලකිල්ල...?
ලංකාවට ඇවිත් ඉන්න අයට යන්න පුලුවන්ද.? කොරෝනා නිරෝධාන සහතිකය ඕනද.?