
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භූමිය නැවත තිබූ ලෙස හරිත වනාන්තරයක් කිරීමට උපදෙස් දුන් බව වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා අද(14) පැවසීය. මාසයක් තුළ එම කටයුතු ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
ඇමතිවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොට්ට ප්‍රදේශයේ වනය වනසමින් ගිනිතබා විනාශ කළ භූමිය බැලීමට එහි පැමිණි අවස්ථාවේදී ය.
ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී තමන් වන විනාශයට දැඩිව ක්‍රියාත්මක වී දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනිස් ජීවිතයක් වැනසීමට කටයුතු කලා සේ සලකා නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.
වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා සමග වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලියු.ඒ.සි.වෙරගොඩ, වනජීවි අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී.සුරියබණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, පුත්තලම පොලිස් අධිකාරි ජයමහ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, සිමෙන්ති සංස්ථා සභාපති ගාමිණි ඒකනායක, සිමෙන්ති සමාගමෙන් මේ වන විට මෙම භූමිය ලබා ගෙන ඇති ඉන්සි සිමෙන්ති සමාගමේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වන විනාශය සිදුව තිබු ස්ථානයට පැමිණි ඇමතිවරයා පවසා සිටියේ එම ස්ථානය වන ජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොවන බවත්, එය සිමෙන්ති සංස්ථාවට රජය ලබා දුන් අක්කර 5200 කට ආසන්න භුමියේ කොටසක් බවත්ය. එම භූමිය පිළිබඳව සිමෙන්ති සංස්ථාව සොයාබලා නැති බවත්, ඒ හේතුවෙන් මෙසේ විනාශ වී ඇති බවත් කී ඇමැතිවරයා කීය.
මෙම විනාශය සුලු සිදුවීමක් බවට ඉහළ පොලිස් නිලධාරීන් විසින් ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබූවද, සුලු වුවත් විශාල වුවත් එය බරපතල කරුණක් බව ඇමැතිවරයා සඳහන් කළේය.
එම ස්ථානයේ අක්කර 100ක්, 200ක් විනාශ වී ඇතැයි වාර්තා වී තිබුණද, විනාශ වී ඇත්තේ අක්කර 29ක් බවද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේය. එම භූමිය ආරක්ෂා කිරීමටත්, එය හරිත වනයක් ලෙස සකස් කිරීම මාසයක් ඇතුළත ආරම්භ කළ යුතු බවත්, අමාත්‍යවරයා සිමෙන්ති සංස්ථාවට උපදෙස් දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අවුරුදු සිය ගණනක් පැරැණි ගස්... කෝ ඒ ගස් ... ? ඒවාට ලාභ අයකර ගන්නවද? අඩු තක්සේරුවක් දමන්න උත්සාහ කරාවි...
කඩාදාපු කුරුණෑගල මාලිගාව වගේ මේකෙත් බරපැන අහිංසක ජනතාව පිටද පටවන්නේ? මාර වැඩක් තමයි ලංකාවට වුණේ...
මේ විගඩම් වලට කොහෙන් හිනාවෙන්නද මන්දා? වන විනාශය කරන්නේ තමන්ගේ කෙනෙක් නොවෙනකන් ඇමතිවරයා කෙලින්...
නැවත තිබූ තත්වයට ගන්න වියදම් කරන්නේ රජයේ සල්ලිද? නැතිනම් වනය විනාශකළ දූෂිත දේශපාලකයාගේ සහෝදරයාගේ සල්ලිද?
වැඩේ බොහොම හොඳයි සර්.. නමුත් ඔය වනවගා ව්‍යාපෘතියට ආණ්ඩුවේ මුදල් වැයනොකර ඔය අසමජ්ජාති වැඩේ කරපු එවුන්ගෙන්ම අයකර ගන්නවා නම් නේද හොඳ..?
හරිම අපුරුයි...! කඩා බිඳලා දාන ජාතික සම්පත් අපේ වියදමින්ම හදනවා...! නියම ආදර්ශය! ගොයියෝ මේවා පුරුද්දකට නම් තියාගන්න එපා. වැරදි කාරයාව දඬුකඳේ ගහන්න. අපේ පැතුම ඒකයි...
අවුරුදු 100 ගාණක් පරණ පලු, වීර, බුරුත, කළුවර ගස්වලට මාසෙන් පණ දෙන්නේ කොහොමද මහත්තයෝ..?
මේ කට්ටියට දහවල් කෑම ඇමැතිගේ ගෙදරද?
කෝ මේ ලෝගෝ දාගෙන විල්පත්තු සුරැකීමට හිටපු සෙට් එක. ගෝඨාගේ මිනිස්සුු නම් අපට මොකද? නැද්ද මං අහන්නේ...?
කවුරු කළත් මේවා ජාති ද්‍රෝහී වැඩ
මෙතන ආයේ හදන්න. අවුරුදු 100, 150 පරණ ගහක් හදන්න... විකාරද?
එතකොට විනාශකළ හා අනුබල දුන්න අය පැත්තක නීතිය කෝ...
ඇත්තටම අක්කර 29ක් නම් අක්කරයට වටිනා ගස් කීයක් කපලාද? වන ඝනත්වය කීයද? ගණනය කර හානිය සොයන්න. වැඩුණු ගසක් වීමට යන කාලය කොපමණද? එක ගසක් රෝපණය කිරීමට යන පිරිවැය කොපමණද? කියා ගණනය කරන්න. එම මුදල සමස්ත මහජනයාගේ අරමුදල් වලින් ගෙවනවද? නැතිනම් මෙම හානිය සිදුකළ සෘජු සහ වක්‍රව සම්බන්ධ වුණු කැලෑ පාලුවන් දරනවාද කියා පැහැදිලි කරන්න.
කැලෑ පාළුවන්ගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ.
ඔය සද්දේ පුළුවන් නම් සිංහරාජෙටත් ගිහින් දාන්නකෝ.
පුදුම ඇමතියෙක්. තිබූ විදියට වනේ හදන්න අවුරුදු 500ක් වත් යාවි. වැරැද්ද සිමෙන්ති සංස්ථාවේ. කෝ ඕක කරපු අය? ඒ අයට දඬුවම් කෝ? මේ ඇමතියා කියනවා නීති හදනවලු. පටන් ගන්න, මාසයක් ඉන්නේ කඳන් ටිකත් පටවන් යනකං වෙන්ටෑ. කුරුණෑගල, අර මොකද්ද විල්ලුවේ සහ මෙතැන සේරම කරපු අය කවුරුත් නෑ. මේ රජය පරිසර පාලුවන්ගෙන් පිරීගිය එකකි.
මේ ගැන තිබ්බ රැස්වීම මාධ්‍යයට තහනම් කළා. එළියට ඇවිල්ලා මොනවා කියන්න බැරිද? ඇතුලේ කතා කරපුවා කවුරුවත් දන්නේ නැහැ. කැබිනට් රැස්වීම් නම් රහස්‍යයි කියන්න පුළුවන්. නමුත් මහජන විරෝධය සහ රටේම අවධානය තියෙන මේ වගේ සංවේදී ප්‍රශ්ණයක් මාධ්‍යවලට වැහැව්වේ මොකද? අනික අක්කර 29ක වන විනාශයක් සුළු විනාශයක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අක්කර 5000 න් 29ක් කැපුවට මොකද කියනවා වගේ වැඩක්. මෙතන තියෙන බරපතලකම මේ විනාශය නැවත යථා තත්වයට පත් කරන්න බැරි විනාශයක් වීම. රජයේ හෝ සංස්ථා හෝ පෞද්ගලික ඉඩමක වුණත් වනය විනාශ කරන්න බැහැ. වනයක අගය නොවැටහෙන අරුම. රජයේ ඉඩම් බෙදල දෙනවා කීවට පස්සේ ඉඩමට කෙල හලන ජාවාරම්කරුවන්ගේ වැඩක් මේක. වනය තිබ්බොත් ඉඩම ගන්න බැහැ, ඒ හින්දා ගස් ටික කපලා ගිනි තිබ්බා. කපාපු දැව කඳන් වල අයිතිය කාටද? ඒවා දෙන්න ඕනේ දැව සංස්ථාවට..
මෙවැනි ඇමතිවරුන් පත්කරගැනීමට 2/3 දුන්නා, 20 සම්මතකර රටම විකුණා නැවතත් ලංකාවක් හදමු.?