
(විනීතා එම්. ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංක්‍රමණික සේවකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ලබා දෙන ශිෂ්‍යත්ව මේ වසරේ අත්හිටුවා ඇතැයි එම කාර්යංශ ආරංචි මාර්ග පවසයි.
1996 වසරේ මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස ආරම්භ කරන ලද එම ශිෂ්‍යත්ම ලබා දීමේ වැඩසටහන නවත්වනු ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
පහ වසර සිසුවෙකුට රුපියල් 15,000 ද, සාමාන්‍ය පෙළ සිසුවෙකුට රුපියල් 20,000 ක් ද උසස් පෙළ සිසුවෙකුට රුපියල් 30,000 ක් ද වශයෙන් මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
මේ වසරේ ශිෂ්‍යත්ව ලබා දීම සඳහා 2019 සාමාන්‍ය පෙළ සහ 2019 උසස් පෙළ දරුවන්ගෙන් මේ වනවිටත් අයදුම්පත් කැඳවා ඇතත් කොරෝනා තත්ත්වය හේතුවෙන් කාර්යංශය පාඩු ලබන බැවින් මෙම ශිෂ්‍යත්ව ලබාදීම නැවැත්වීමට කළමනාකරණය තීරණය කර ඇත.
මේ අතර කාර්යංශයෙන් වාර්ෂිකව ලබා දෙන පාසල් උපකරණ සඳහා ද ඉල්ලුම්පත් 2000 ක් පමණ ලැබී ඇතත් ඒවා ලබා දීම ද නවත්වා ඇතැයි පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ආයතනය හැමදාම කළේ රට යන අපිට එයාර්පෝර්ට් එකේදී හිරිහැර කරන එක විතරයි. අපෙන් අය කළ සල්ලිවලින් ජොලි කරලා දැන් කියනවා සල්ලි නැහැ කියලා. හෙණ ගහනවා මේ ආයතනයේ බලධාරීන්ට අපේ අහිංසක සල්ලි විනාශ කළාට..
සෞභාග්‍යයේ දැක්ම. ජයවේවා!
පිටරට ඉන්නා අපි නිසා සැපසේ සිටි නිලධාරින් ගුවන් තොටුපලේ අපව පරික්ෂා කලේ හොර වැඩක් කරලා රට යනවා වගේ... දැන් පාඩුනම් කෝවිඩ් -19 වසංගතයට පෙර රක්ෂණ වාරිකවලින් ලැබූ මුදල් ටික කොහේද?
ගොඩක් හොඳයි සර්..
ඉන්ෂුවරන්ස් කියකියා එයාර් පෝර්ට් එකේදී මරන් කන එකත් නවත්තන්න. ඔය ඉන්ෂුවරන්ස් එකෙන් වැඩක් වුණු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න නෑ...
රටවිරුවන්ට දැන් සැපද.?