උණ, කැස්ස සමඟ එන ළමා හතිය
මේ දිනවලදී ළමයින් අතර උණ, කැස්ස සමඟ ළමා හතිය ඇති වීමේ තත්ත්වයක් වාර්තා වේ. වැසි සහිත කාලගුණ තත්ත්වය පහව ගියද තුඩා දරුවන් අතරේ මෙම රෝග ලක්ෂණ වැඩිපුරම පැතිරීමට පටන් ගෙන තිබේ. උණ, කැස්ස සමග ළමා හතිය ඇති වී ප්රතිකාර සඳහා යොමු කෙරුණු කුඩා දරුවන් බොහොමයක්ම කොළඹ ළමා රෝහල, ගාල්ල කරාපිටිය රෝහල ආදී දිවයිනේ රෝහල් ගණනාවකින්ම වාර්තා වේ. ළමා හතියට ගොදුරු වී මේ වනවිටත් ළමයින් ගණනාවක්ම ළමා රෝහලේ නේවාසික ප්රතිකාර සඳහාද යොමු වී ඇත.