අඩු වියදමින් පෝෂ්‍යදායී කෑම වේලක් ගනිමු
අපේ ප්‍රධාන පෝෂණ ගැටලු අතරට උසට සරිලන බර අඩු වීම, ඌන පෝෂණ තත්ත්වය සේම උසට සරිලන බරට වඩා වැඩි බරක් ඇති වීම, බර වැඩි නැතිනම් තරබාරු තත්ත්වයත්, ක්ෂුද්‍ර පෝෂක ඌනතා වන යකඩ ඌනතා නිරක්තය, විටමින් ‘ඒ‘ ඌනතාව, අයඩින් ඌනතාවත් ඇතුළත් වේ. මෙනිසා අඩු උපත් බර දරුවන් ඇති වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත.