IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


උණ, කැස්ස සමඟ එන ළමා හතිය

මේ දිනවලදී ළමයින් අතර උණ, කැස්ස සමඟ ළමා හතිය ඇති වීමේ තත්ත්වයක් වාර්තා වේ. වැසි සහිත කාලගුණ තත්ත්වය පහව ගියද තුඩා දරුවන් අතරේ  මෙම රෝග ලක්ෂණ වැඩිපුරම පැතිරීමට පටන් ගෙන තිබේ. උණ, කැස්ස සමග ළමා හතිය ඇති වී ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු කුඩා දරුවන් බොහොමයක්ම   කොළඹ ළමා රෝහල, ගාල්ල කරාපිටිය රෝහල ආදී දිවයිනේ රෝහල් ගණනාවකින්ම වාර්තා වේ. ළමා හතියට ගොදුරු වී මේ වනවිටත් ළමයින් ගණනාවක්ම ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහාද යොමු වී ඇත.

සීත දේශගුණයක් ඇති විට ළමයින් අතර හතිය වැළැඳීමේත් ,හතිය ඇති දරුවන්ට එකී තත්ත්වය වැඩි වීමෙත් ප්‍රවනතාවක් ඇතිමුත් දැඩි හිරු එළියත් සමඟ අවට පරිසරයේ දුහුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්ද මෙම තත්ත්වය ඇති විය හැකියි. කුඩා දරුවන් බොහෝවිට වැඩි කලක් නිවස ආශ්‍රිතව ගත කරන බැවින් ඔබේ ගෙබිම දුහුවිලිවලින් තොර කලාපයක් බවට පත් කර ගැනීම වැදගත්ය. ඉහත සඳහන් කළ හේතුවට අමතරව ළමා හතිය හට ගැනීමේ හේතු විවිධාකාර වේ.

අවදානම් සාධක හඳුනා ගනිමු

♦ කොවිඩ් හෝ ඉන්ෆ්ලුවන්සා හෝ වයිරස් උණ රෝගවලට මුලදී ගොදුරුව සිටි අයවලුන් වීම

දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ඉහත රෝගවලට ගොදුරු වූ වැඩිහිටියන් සහ ළමයින් වෙත්නම් ඔවුන්ට පසු වයිරස් තත්ත්වයක් ලෙස උණ සමග හතිය ඇති වීමට පිළිවනි. විශේෂයෙන්ම ඉහත රෝග තත්ත්ව තුනම වයිරස් රෝග නිසා ඉතා ඉක්මනින්ම පවුලේ සෙසු සාමාජිකයන් අතරද සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතී.

♦ සුව නොවූ කැස්ස

කැස්ස තත්ත්වය මෑත කාලීනව හෝ දිගු කාලීනව හට ගත්තා වුවද නිසි ප්‍රතිකාර මත තත්ත්වය සමනය කර ගැනීමට ක්‍රියා කරන්න. එසේ නොවී කැස්ස දිගුකල් අල්ලා පැවතීමෙන් හතිය පමණක් නොව ක්ෂය රෝගය, නියුමෝනියාව වැනි තත්ත්ව දක්වා දරුණු වීමට හැකියි.

♦ දුම්පානය

පවුලේ කෙනකු ඉහත පුරුද්දට දිගු කාලයක් සිටම ඇබ්බැහිවී ඇත්නම් එයද හතිය ඇති වීමට තුඩු දෙන කරුණකි. සිගරට් දුම මෙන්ම එහි අඩංගු විස ටික වේලාවක් යනතුරු අවට වාතයේ රැඳී පවතී. මෙම විස දුම ආඝ්‍රාණය ස්වසනය අපහසු කරනවා පමණක් නොව විවිධ රෝග සඳහාද හේතු කාරක වේ.

♦ බල්ලන්, බළලුන් වැනි සුරතල් සතුන් නිසා

නිවසේ සුරතලයට ඇති කරන සතුන් නිසාද හතිය ඇති වීමට හැකියි. එනිසා සුරතල් සතුන් නිවසේ ඇති කරන සියලුම දෙනා කුඩා දරුවන්ද සිටී නම් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. ඒවගේම කැරපොත්තන් වැනි කෘමි සතුන් නිසාද මේ තත්ත්වය ඇති විය හැකියි.

♦ ආහාර අසාත්මිකතා ඇති පුද්ගලයන්ට

සමහර ආහාර ගත්විට අසාත්මිකතා මතු වේ නම් ඔවුන්ටද හතිය ඇති වීමේ ප්‍රවනතාවක් පවතී.

ඔබ අසාත්මිකතා ඇති ආහාරවලින් ඉවත් වුවද ආහාර නොගෙන සිටීම අනුමත කළ නොහැකියි. එය ඔබව නුදුරු දිනකදීම මන්දපෝෂණය වැනි තත්ත්වාදියට ඇද දමනු ඇත.

මෙයාකාරයට හතියට ගොදුරු වූ ළමා රෝගීන් අතුරින් රෝගය වැළැඳීමට තුඩු දුන් කරුණ පැහැදිලිව සොයා බලා එය වැලැක්වීම කළ යුතු වේ. නොඑසේ නම් රෝගය වරින් වර පැන නැගීමටත් සුව වීම කල් යාමටත් හේතු වනු ඇති.

ප්‍රතිකාර

ළමා හතියට නිසි ඖෂධ සහ ප්‍රතිකාර පවතී. මේ සඳහා බොහෝවිට සැල්බිටමෝල් ඖෂධය (Salbutamol ) යොදා ගැණෙන අතර විවිධාකාරයෙන් භාවිත කිරීමද සිදු වේ. එනම් සැල්බිටමෝල් සිරප්, පෙති,ඉන්හේලර්, සේලයින්, නිබියුලයිස් ප්‍රතිකාර ක්‍රම පවා ඇත.

හතිය යනු එය වැළැඳුණද නැවතත් යථා තත්ත්වයට පත් කළ හැකි රෝගයකි. හතිය ඇති වන්නේ ස්වසන මාර්ගයේ යම් අවහිරතාවක් හේතුවෙනි. පෙනහලුවල දුර්වල ක්‍රියාකාරීත්වය ,ගර්තවල ස්‍රාවයන් පිරී පැවැතීම නිසා හුස්ම පිටතට දැමීමේ අපහසුතාව පැන නැඟේ. දිගින් දිගටම පවතිද්දී හුස්ම ගැනීමේ අවහිරතාවද මතු වේ.

ළමා හතියට ප්‍රතිකාර තිබියදී එය සුළුවෙන් තැකීම, ප්‍රතිකාර අඛණ්ඩව ලබා නොගැනීම ආදී හේතු නිසා ස්වසනය වඩාත් අපහසු වී ජීවිත හානි පවා සිදු විය හැකියි. ළමා හතියට ප්‍රථම වර ගොදුරු වූවන් මෙන්ම නිතර නිතරම හතිය හට ගන්නා කුඩා දරුවෝද වෙති.

මුල් මාස 06 මවුකිරී දීමේ අගය

බිළිඳකු ඉපදී මුල් මාස 06 මවුකිරි පමණක් ලබා දේ. ඊට විශේෂ හේතු ඇත. මෙවැනි දරුවකුට කල්යත්ම හතිය හට ගැනීමේ හැකියාව ඉතාමත් අල්ප වේ. ඉන්පසු එළැඹෙන්නේ නව ආහාර හඳුන්වා දීමේ කාලයයි. එහිදීත් අවුරුදු දෙකක් යනතුරු සාමාන්‍ය ආහාර සමඟ මවුකිරිද මාරුවෙන් මාරුවට ලබා දිය හැකියි. ඉන්පසු කිරිපිටි ලබා දීම වෙනුවට දියර කිරි හඳුන්වා දිය හැකියි. මෙහිදී කිරිපිටි අත්‍යවශ්‍යම නොවේ. බිළිඳකුගේ ප්‍රධාන ආහාරය , වර්ධනයට මෙන්ම රෝගවලට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැංවීමෙහිලාත් මවුකිරිවල වටිනාකම සුළුවෙන් තැකිය නොහැකියි.

හතිය ගැන සමාජ දුර්මත

හතිය හැදුණු දරුවකු ස්නානය නොකළ යුතුද?

ස්වසනය වඩා අපහසු රෝගීන් හැරුණු විට හතිය වැළඳීම ස්නානය කිරීමට බාධාවක් නොවේ. එබැවින් හතිය රෝගීන් නෑම යෝග්‍ය නොවේ යැයි කිසිම තැනක සඳහන්වද නැත. මාස ගණන් එක දිගට ස්නානය නොකළ දරුවන්ට පවා හතිය වැළඳී රෝහල් ගත කළ අවස්ථා බොහොමයකි. රෝගයක් වැළඳුණු විට සුව වීමට ඖෂධ සේම අප ගන්නා අහාර පාන, සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වා ගැනීමද අත්‍යවශ්‍ය බව සිහි තබා ගන්න.

ඉන්හේලර් භාවිතය ඇබ්බැහි වීමක් වෙයිද?

අදාල රෝගියාව හොඳින් පරීක්ෂා කොට බලා නිසි ප්‍රතිකාර නියම කිරීම වෛද්‍යවරු සතු කාර්යයකි. එහිදී ප්‍රතිකාර ක්‍රම රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර වඩා සුදුසු ප්‍රතිකාර ක්‍රමය , ප්‍රතිකාර ගන්නා කාල සීමාව නිර්ණය කරනුයේද වෛද්‍යවරයා විසිනි. ඒ අනුව හතිය රෝගියකුට ඉන්හේලර් ප්‍රතිකාරය ලබා දිය යුතු නම් ඒ කුමන කාලයකටද යන්නත් වෛද්‍යවරයා පැහැදිලිවම නිර්දේශ කරයි. එය සමහර විට මාස 03ක් හෝ 04ක් ගත යුතු නම් වෛද්‍ය නිර්දේශයට අනුගතව කටයුතු කළ යුතුයි. කෙටි කලක් අඛණ්ඩව ලබා ගැනීම නිසා තත්ත්වය යටපත් වුවද මුළුමනින්ම රෝගය සුව වී නැත. රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබීමට නම් නිසි ප්‍රතිකාරය ගත යුතු නිවැරැදි කාලසීමාවක්ද ඇත. එහෙත් බොහෝ දෙනකු නිර්දේශිත කාල සීමාවටත් වඩා ඉතා අඩු කලකින්ම ඉන්හේලර් භාවිතය නවතා දමති. ඊට හේතු වනුයේ කාලයක් පුරාවට ඉන්හේලර් භාවිත කිරීම අවසානයේදී ඇබ්බැහියක් වේ යැයි යන අනිසි බියයි. එහෙත් මෙය සාවද්‍ය මතයකි. එබැවින් රෝගී තත්ත්වයකදී වෛද්‍ය උපදෙසට පරිභාහිරව කටයුතු කිරීමෙන් තත්ත්වය වඩාත් දරුණු විය හැකියි. අතරමඟ ප්‍රතිකාර නවතා දැමීමෙන් වරින් වර හතිය සෑදී ඔබ රෝගී වීමටත් අපහසුතා මතු කරලීමටත් හැකියාව ඇති බැවින් කුඩා දරුවන්ගේ අසනීපවලදී හිතු මතයට බෙහෙත් නතර කිරීම, ඖෂධ වෙනස් කිරීමට මවුපියන්ට කිසිඳු අයිතියක් නැත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (4)

උණ, කැස්ස සමඟ එන ළමා හතිය

Eranda Saturday, 17 September 2022 03:39 AM

මගේ පුතාට මාස 6 ක විතර ඉඳින් විටින් විට කැස්ස ඇතිවේ. මාසයක ඉඳන් ඉන්හේලර් 2ක් භාවිත කළත් සුවයක් නෑ. විශේෂඥ වෛද්‍යවරයෙක් නිර්දේශ කළේ ඉන්හේලර්.

:       6       0

එනුති Sunday, 13 November 2022 08:51 AM

මගෙ දරුවට දැන් මාස එක හමාරක් විතර කැස්ස තියනව.බෙහෙත් බොනවා.ඩොක්ටර් කිව්වා හතියට ඇවිත් කියලා.ලේ එකක් බැලුවා.ලේවල සෙම කියලා කිව්වා.එහෙම ලෙඩක් තියනවද

:       4       8

ප්‍රදීපා Saturday, 04 March 2023 10:50 PM

බබාගේ හාට් සර්ජරි එකෙන් සති 3 කට පසුව කැස්ස හතිය හැදිලා දවස් 3 යි තාම කැස්ස අඩු නැහැ

:       0       0

Abhiru Tuesday, 01 April 2025 09:46 PM

මගේ දරුවාව දැනට මාස 3 පමණ කාලයක් තිස්සේ ඉන්හේලර් භාවිතා කරණවා. මුලින් දරුවා කැස්ස සමග සෙම තිබුණේ. දැන් හතිය රෝගී තත්ත්වයට පැමිණි ඇත . නමුත් කැස්ස, සෙමද සුව වී නොමැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site