IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


මේ කාලයේදී වැඩිපුර පැතිරෙන ලෙඩ රෝග

වැසි කාලයත් සමඟ බෝ වන රෝගවලද පැතිරීම වැඩි බැවින් එවැනි රෝග හා රෝග ලක්ෂණ මෙන්ම වලක්වා ගැනීම සඳහා වන උපදෙස් අළලා පහත ලිපිය සැකසේ. මේ දැනුම්වත් කිරීම වැස්සත් සමග සේම වැස්සෙන් පසුවද ගෙට ගොඩවන ලෙඩ රැසක් ඇති බැවින් ඒවාට ගොදුරුවූ පසුවට නොව රෝග ගැන දැනුම්වත්ව ඒවායින් පරෙස්සම් වීමටයි.

වැසි කාලයේදී දැනෙන අධික සීතල නිසා බිළිඳුන්,කුඩා දරුවන් බහුලව ගොදුරු වන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝග මේ දිනවලදී වැඩිපුර පැතිර යයි. ඉහළ ස්වසන මාර්ගයේ රෝග අතරට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ යනාදී රෝග අයත් වේ. එසේම පහළ ස්වසන මාර්ගයේ රෝග අතරට නියුමෝනියාව ,ළමා හතිය වැනි රෝග අයත් වේ.

ඒ අනුව මේ දිනවලදී ළමා හතිය වැළඳීමේ ඉහළ අවදානමක් පෙන්නුම් කොට ඇත. ඒ අතරට කොවිඩ් වැළඳුණු ළමයින්ගේ පෙනහලු දුර්වලතාව හා කාලයක් තිස්සේ පැවැති කැස්ස සුව නොවීම නිසාවෙන්ද ළමා හතිය තත්ත්වයට ගොදුරු වීමට අවකාස ඇත. රෝහල් ගත වන හතිය රෝගීන්ගේ තත්ත්වය මත නිබියුලයිසිස් ප්‍රතිකාරය සේම ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමද නිර්දේශ කෙරේ.

දිනෙන් දින වර්ෂාපතනය සීතල ගතිය වැඩි වීම නිසා ළමා හතිය රෝගීන් වාර්තා වෙන මේ සමයේදී ළමයින්ට සීතල ඔරොත්තු දෙන පරිදි ආරක්ෂිත ක්‍රමවලට ඔවුන්ව හුරු කිරීමේ වගකීම මවුපියන් වෙත පැවරේ. කාලයක් තිස්සේ පැවැති කක්කල් කැස්ස ,හතියට හේතු වන අතර ළමයින්ව නිවසින් බැහැරට රැගෙන යාමේදී සීතල ඔරොත්තු දෙන ඇඳුමක්, සාමාන්‍යයෙන් ඇඳුම් දෙකක්වත් ඇන්ද වීම වැනි ක්‍රම අනුගමනය කළ හැකියි.

ස්වසන මාර්ගයේ රෝග එනම් කැස්ස, හෙම්බිරිස්සාව, උණ ගතිය , සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් වුවත් එසේත් නැත්නම් ඉන්ෆුලුවන්සා තත්ත්වයක් වුවද විය හැකියි. වයිරස් තත්ත්ව නිසා හට ගන්නා රෝග ඉතා ඉක්මනින්ම කුඩා දරුවන් අතර බෝ වීම ඇරැඹේ. එබැවින් කුමන හෝ දරුවකුට සෙම තත්ත්වය ඇත්නම් සුව වන තුරු පාසලට ,ළදරු පාසලට නොයවා නිවසේ රඳවා තබා ගැනීමට වැඩිහිටියන්ගේ වගකීමකි.

මීට අමතරව මේ වකවානුවේදී ශීඝ්‍රයෙන් පැතිරීයන මෙන්ම කලින් කලට හිස ඔසවන මාරාන්තිකම රෝගී තත්ත්වය වන්නේ ඩෙංගුය. මේ වනවිට නැවත වතාවක් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් දක්නට ලැබේ. ඒ අතර ඩෙංගු රක්තපාතයට ගොදුරු වූවෝද හමු වෙති. මෙය කම්පන තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් ඩෙංගු මරණ අනුපාතයද පහසුවෙන් ඉහළ යා හැකියි. එනිසා වැසි කාලයේදී සියලුම දෙනා ඩෙංගු ගැනත් අවධානය යොමු කිරීම වටී. තමාගේ නිවස ඒ අවට වටපිටාව මෙන්ම පාසල ,කාර්යාල පරිශ්‍රයත් මදුරුවන් බෝ වීමෙන් තොර කලාප බවට පත් කර ගත යුතුවේ. දරුවන් පාසල් යැවීමේදී අත්,පා ආවරණය වන පරිදි දිගු ඇඳුම් ඇඳීම, මදුරු විකර්සක ආලේපන භාවිතය වැනි පුරුදුවලට අනුගත වීම තව දුරටත් අවශ්‍ය කෙරේ.

මේ දිනවල දින තුනකට වඩා උණ ගතිය පවතී නම් ඩෙංගු රෝගයට අවදානමක් ඇති බැවින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා යොමු වීම සුදුසුයි. එයින් සුදු රුධිරාණු, රුධිර පට්ටිකා අඩු වෙනවාද යන්න තහවුරු කර ගත හැකියි. ඩෙංගු සැක සහිත රෝගියකු නම් පළමු දවසින් පසුව ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සඳහා භාජන විය හැකියි. මෙයින් ඩෙංගු රෝගයේ ප්‍රතිදේහ ජනකය තිබේද යන්න තහවුරු කර ගත හැකියි. ඩෙංගු නම් රුධිර පට්ටිකා 150ට වඩා අඩු වී ඇත්නම් හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත යාම සුදුසුය. මන්ද කෙටි කලක් ඇතුළතදී ඩෙංගු වැළඳී ඇති බවට තහවුරු කර ගත හොත් රෝගයේ සංකූලතා වැඩි වීම සහ ළදරු මරණ අඩු කර ගැනීමට පහසු වේ.

මේ අතර වැසි කාලයේදී රටේ ඇතැම් ප්‍රදේශවලට ගං වතුර තත්ත්වය ඇති වේ. ගං වතුර ගැලීමත් සමඟ පිරිසුදු පානීය ජල ප්‍රශ්නය බරපතළ ගැටලුවකි. එවන් ප්‍රදේශවල ජනතාවට පානය කිරීමට පිරිසුදු ජලය, පිරිසුදු සහ උණුසුම් ආහාර නොමැතිකම නිසාවෙන් තවත් රෝග ගණනාවකටම අවාදානම පවතී. ඒ අතර පාචනය, අතීසාරය වැනි රෝගද වැළැඳීමට පහසුවෙන්ම පුළුවන.

අතීසාරයේ රෝග ලක්ෂණ වනුයේ බඩඑළිය සමග රුධිරය පිටවීම, වමනය යාම,උණ ගතිය ඇති වේ. පාචනයේ රෝග ලක්ෂණ ලෙස වමනය , බඩඑළිය යාම, බඩ රිදීම, උණ ගැනීම සඳහන් කළ හැකියි. වතුර මෙන් දියාරුවට බඩඑළිය පිට වීම වයිරස් තත්ත්වයක් නිසාද විය හැකියි.

මේ රෝගී තත්ත්ව ඇති වීමට අපිරිසුදු ආහාර මෙන්ම අපිරිසුදු ජලය, දෑත් පිරිසුදු නොවීම, නිසි ලෙස ආහාර වසා නොතිබීමෙන් මැස්සන් ආහාර මත වැසීම වැනි කරුණු හේතු වීමට පුළුවනි.

ඉහතින් දැක්වූ ලෙඩ රෝග බොහොමයක්ම අපේ සැලකිලිමත් වීම මත වලක්වා ගත හැකි තත්ත්වයි. මූලිකවම පිරිසුදුතාව මත කටයුතු කිරීමෙන් එනම් පිරිසුදු ආහාර , වතුර හොඳින් නටවා බීමට ගැනීම, කෑම නිසි පරිදි වසා තැබීමෙන් උණ සන්නිපාත, පාචනය, අතීසාරය වැනි රෝග ගණනාවක්ම වලක්වා ගත හැකියි.

ඒ වගේම පිටතින් ආහාර ගැනීම වෙනුවට නිවසේදී පිළියෙළ කර ගත් ආහාර අනුභවයට ගත හැකියි. සිසිල් වූ පසු අනුභවයට වඩා මඳ රස්නය තිබියදී අනුභව කිරීමටද අමතක නොකරන්න.

වර්ෂාවත් සමග මැසි ගහණයේද වර්ධනයක් පෙන්වයි. මැසි ගහණයේ වර්ධනයෙන් උණ සන්නිපාතය, පාචනය , අතීසාරය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් කෙරේ. ඊට අමතරව මීයන්ගේ ගහණයේ වැඩි වීමක්ද දැකිය හැකියි. එය මී උණ රෝගයට අවදානමක් එක් කරයි. දැඩි වර්ෂාපතනයකින් අනතුරුව රටේ සමහර පැතිවලට ඇතිවන ගංවතුරේ බැස සෙල්ලම් කිරීමට කුඩා දරුවෝ ඉතා කැමැතිය. වතුරේ බෝට්ටු පැදීමටත්, වතුරෙන් යටවූ කුඹුරු,කාණුවල බැස සෙල්ලම් කිරීමත් මේ දිනවල දැකීමට හැකියි. මී උණ රෝග තත්ත්වයද පසුගිය කාලයේදී කඩින් කඩ වාර්තා විණි. එනිසා මී උණ රෝගයට අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව පහත රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න.

උණ

මස් පිඩු වේදනාව

ඇස් රතු වීම

හිසරදය

මුත්‍රා කහ පැහැ වීම

මුත්‍රා යාම අඩු වීම

වමනය

සිරුරේ අප්‍රාණිකත්වය

ඔබ කවරකුට හෝ ඉහත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව ළඟම පිහිටි රජයේ රෝහලකට යොමු වන්න. ඒවගේම මී උණ රෝගීන් වාර්තා වෙන ප්‍රදේශවල කුඹුරු වැඩවල නියුතු ගොවීන් නිසි සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව කටයුතු කිරීම නිසා මී උණ රෝගයට ඔවුන්ව පහසුවෙන් නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් පවතී. දියුණු තාක්ෂණික ක්‍රමවලට අනුගත වීම මෙන්ම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් බූට්ස්වැනි ආරක්ෂිත පාවහන් යුගළ පැළැඳීමද රෝගවලින් ආරක්ෂා වීමේ එක් ක්‍රමයකි.

පොදු උපදෙස්

වමනය, බඩඑලිය, උණ ගතිය ඇති පාචනය රෝගීන්ට ස්වාභාවික දියර ජාති ලබා දිය හැකියි. ජීවනී, බැදි හාල් කැඳ, දෙහි,දොඩම්, නාරං වැනි ස්වාභාවික දියර , ආහාර නිවසේදී පිරිසුදුව සකසා පිළිගැන්වීමට කටයුතු කරන්න. නිවසින් පරිභාහිරව ලබා ගන්නා කෘතිම දියර වර්ග කිසිවක් රෝගීන්ට ලබා නොදීමට වගබලා ගන්න.

උණ රෝගියකු නිවසේ ඇත්නම් පැය 6න් 6ට නියමිත පරිදි පැරසිටමෝල් මාත්‍රාව පමණක් ලබා දෙන්න. එයද කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 15ක ප්‍රමාණයක් උපරිම දිනකට සිවු වතාවක් ලබා දිය හැකියි. නිසි ප්‍රමාණයෙන් පරිභාහිරව ලබා දීම නිසා අක්මාවට හානි ගෙනදිය හැකි බැවින් හැම වෙලේම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට වගබලා ගන්න.

වමනය තත්ත්වය දිගටම පැවතුණ හොත් ඩොන්පැරඩොන් සිරප් නිසි මාත්‍රාව ලබා දී වමනය තත්ත්වය පාලනය කර ගත හැකියි. පසුව පාන වර්ග ලබා දී විජලනය වැනි තත්ත්ව ඇති වීම වලක්වා ගත හැකියි.

බඩඑළිය යන රෝගීන්ට හොඳින් මුත්‍රා පිටවීම අවශ්‍යයි. එබඳු රෝගීන්ගේ මුත්‍ර පිටවීම අඩු නම්,ආහාර ගැනීමටවත් නොහැකිව බඩඑළිය යාමේ තත්ත්වය දිගටම පවතී නම් සමහර වෙලාවට රෝහල් ගත කර සේලයින් ලබා දීමට සිදුවේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මේ කාලයේදී වැඩිපුර පැතිරෙන ලෙඩ රෝග

ඔබේ අදහස් එවන්න

දියත

සීඅයිඩිය ඩයනා පස්සේ
2024 මැයි මස 20 537 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍


මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 19 16 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 821 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 591 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 4588 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 500 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 807 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2361 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2025 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site