(සුජිත් හේවාජුලිගේ)
ශාරීරික පිරිසුදුකම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන ගියහොත් වඳුරු උණ( මංකි ෆොක්ස් ) රෝගයෙන් ගැලවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
විශේෂයෙන්ම විවෘත ස්ථාන ඇල්ලීමෙන් පසු දෑත් නිවැරදි ආකාරයට සබන් යොදා සේදීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.
වයස 8 ට අඩු දරුවන්ට සහ ගර්භනී මාතාවන්ට වඳුරු උණ රෝගය වැළඳුනහොත් භයානක තත්වයන් ඇතිවිය හැකි බවත් ගබ්සාවීම් පවා සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා
පැවසුවේය.
රෝගියකුගේ සමේ ගෑවීමෙන් හෝ රෝගියකු පාවිච්චි කළ තුවා සහ ඇඳ ඇතිරිලි වැනි දෑ පරිහරණය කිරීමෙන් රෝගය පැතිර යා හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රෝගීන්ගේ ආශ්‍රිතයන්ට උණ, සම මත වණ යනාදී ලක්ෂණ ඇතිවන්නේ දැයි දින 21 ක කාලයක් විපරමින් සිටීම වැදගත් බවද පෙන්වා දුන්නේය.
වඳුරු උණ රෝගය සඳහා ඒ වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති එන්නත හෝ වසූරිය එන්නත පාවිච්චි කළ හැකි බවත් පැපොල රෝගය සඳහා ලබාදෙන එන්නත සමහර රටවල් මෙයට පෙර පාවිච්චි කළද දැන් එය පාවිච්චි නොකෙරෙන බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
දරුවන් තුළ සැක සහිත රෝග ලක්ෂණ පවතී නම් ඔවුන් පාසල් යැවීමෙන් වළකින ලෙස විශේෂඥ වෛද්‍යවරයා මවුපියන්ගෙන් ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිරිසුදුව හිටියොත් වඳුරු උණෙන් බේරෙන්න පුළුවන්