
පසුගිය මාස කිහිපය පුරාවටම සාර්ථකව මර්දනය කොට තිබුණු කොවිඩ් වසංගතය දැන් නැවතත් රට තුළ පැතිරීමට පටන් ගෙන ඇත. කෙටි කාලයක් තුළ ආසාදිතයන් දිනෙන් දින වැඩිවීම මෙන්ම පුද්ගල මරණද වාර්තාවේ.
වසංගත කාලයකදී ජනතාව විසින් රැකිය යුතු සෞඛ්‍ය පුරුදු මෙන්ම සාර්ථක එන්නත්කරණය හරහා කොවිඩ් වසංගතය මනාව මැඩ පැවැත්වීමටද හැකිවිණි. එහෙත් රටේ උද්ගතව ඇති අවිනිශ්චිත වාතාවරණය හමුවේ වසංගතය නැවත වතාවක් හිස ඔසවා ඇති බව පෙනේ.
ඒ අනුව නැවතත් වසංගතය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම මධ්‍යයේ රටක් ජනතාවක් ලෙස නැවත වතාවක් අපි එකතු වී ක්‍රියා කළ යුත්තෙමු. ඒ උදෙසා තවදුරටත් සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දුන් සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීම සිදුවිය යුතුයි.
මුව ආවරණ නිවැරැදිව පළඳින්න
මුව ආවරණ භාවිත කිරීමේදී එය පැළැඳීමේ ක්‍රමය නිවැරැදි විය යුතුයි. එනම් නහය නිරාවරණය වී නිකට පමණක් ආවරණය වීම මින් අදහස් නොවේ.මනාව නහයත් මුඛයත් ආවරණය වන පරිදි පැළැඳීමට වගබලා ගන්න. එසේම ඔබ නිවසින් බැහැර වන කවර අවස්ථාවකදී හෝ පොදු ස්ථානයකදී වුවද මුව ආවරණය නිසිලෙස පැළැඳීමට කටයුතු කරන්න.
මුව ආවරණ බැහැර කිරීමේදී වුවද එය නිසි පරිදි බැහැර කළ යුතුයි. රෙදි මුව ආවරණ නම් නැවත නැවතත් භාවිත කළ හැකි බැවින් එය පිරිසුද කරන තෙක් ඉටි බෑගයක දමා තැබිය හැකියි. ශල්‍ය මුව ආවරණ සහ KN 95 බැහැර කිරීමේදී පරිසරයට සෘජුවේ මුදා නොහැර කසල බඳුනකට දැමිය යුතුයි.
දෑත් පිරිසුදුභාවය වසංගත කාලයකදී ඉතාම වැදගත්වේ
දෑත් අපිරිසුදුවූ ඕනෑම අවස්ථාවකදී සබන් හෝ සබන් දියර යොදා ගනිමින් දෑත් පිරිසුදු කර ගැනීම ඔබේ යුතුකමකි. සෑම තැනම දෑත් පිරිසුදු කර ගැනීමේ පහසුකම් නොතිබුණද ඔබට ඒ සඳහා සනීපාරක්ෂක දියරයක් භාවිත කළ හැකියි. ඔබ රැගෙන යන ගමන් බෑගයේ එය තබා ගැනීමටත් අමතක නොකරන්න.
ඒ වගේම අපිරිසුදු අත්වලින් මුව ආවරණය ඇස් නහය, මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න.
සමාජ දුරස්ථභාවය රැක ගන්න
ඉන්දන ප්‍රශ්නය හමුවේ පොදු ප්‍රවාහන සේවාවල ඇති ගැටලුකාරී තත්ත්වය මත දුරස්ථභාවය රැක ගැනීම ඉතා අපහසු වේ. ඒත් ඔබට හැකි සෑම තැනකදිම තව දුරටත් පුද්ගල දුරස්ථභාවය රැක ගැනීමට උනන්දු වන්න.
ඔබ බෝ නොවන රෝගවලින් පීඩා විඳින්නෙකුද?
දියවැඩියාව,කොලේට්‍රෝල් වැනි රෝගාබාධවලට දිගුකාලීනව ගොදුරු වූවකු නම් ඒ රෝගවලට නිසි ඖෂධ නොවැරැදීම ගන්න. නියමිත මාත්‍රාව සේම නියමිත වෙලාවට බේත් හේත් ගැනීමත් අත්‍යවශ්‍යයි. එවිට රෝග තත්ත්ව මනාව පාලනය කර ගැනීමට පුළුවනි.
එන්නත් මාත්‍රා ලබා ගන්න
රටේ පසුගිය කාලෙදි දැඩිව පැතිරුණු කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණ වැඩසටහනෙන් සිදු වූයේ ඉමහත් සේවයකි. මේ වනවිට එන්නතේ සිව්වැනි මාත්‍රාවද ලබා දීමක් සිදු කෙරේ. ඔබට ළඟම ඇති රජයේ රෝහල මගින් එකී එන්නත් මාත්‍රාව දැන් ලබා ගත හැකියි.
සිරුර ලෙඩ නොකරවන ප්‍රතිශක්තිය ලැබෙන ආහාර වර්ග අනුභව කරන්න.
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මේ දවස්වල රැකිය යුතුම සෞඛ්‍ය පුරුදු