lankadeepa.lk

බලංගොඩ වාඩියක 18 හැවිරිදි තරුණයකුගේ සිරුරක්

2020 මැයි මස 24 ප.ව. 02:06

0     207

බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ තේ වත්තක වාඩියක තිබි සැක කටයුතු ලෙස මියගිය තරුණයකුගේ සිරැරක් අද (24) දා සොයාගත් බව පොලිසිය පැවැසිය.


lankadeepa.lk

ගොවිජන සමිතියේ ලේකම්ට පහර දුන් පුද්ගලයකු රිමාන්ඩ්

2020 මැයි මස 24 ප.ව. 01:50

0     62

ආරච්චිකට්ටුව,පාංකුලාව වැවේ සොරොව්දොර කඩා එහි වතුර නාස්ති වීමට සලස්වා ගොවි සමිතියේ ලේකම්වරයාට පහරදුන් පුද්ගලයකු හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් ශානක උදයංග මහතා වෙත අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනිමස 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.


lankadeepa.lk

කටුගස්තොට විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 6 ක් අල්ලති

2020 මැයි මස 24 ප.ව. 01:17

0     93

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශය තුල ඊයේ 23 වනදා රාත්‍රියේ සිට අද 24 වනදා අලුයම දක්වා සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුසකදී වරෙන්තුකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබු බව පොලිසිය පවසයි.


lankadeepa.lk

අත්තිඩියේ නිවසක මැගසින්-උණ්ඩ සගවා සිටි අයකු අත්අඩංගුවට

2020 මැයි මස 24 ප.ව. 12:59

0     131

ගල්කිස්ස අත්තිඩිය බෝ සෙවන ප‍්‍රදේශයේ නිවෙසක් තුළ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ 04ක් සන්තකයේ තබා ගත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


lankadeepa.lk

රත්ගම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර

2020 මැයි මස 24 පෙ.ව. 10:45

0     180

රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට හෙට (25) සිට පියවර ගන්නා බව රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටි . නිමල් මහතා පැවසීය.


lankadeepa.lk

ඇඳිරිනීතීයේදී මුදලට සූදු ගැසූ 8 ක් අත්අඩංගුවට

2020 මැයි මස 24 පෙ.ව. 08:51

0     97

ඇඳිරිනීතිය පැවැති කාලයේදී මුදලට සූදු ක්‍රීඩාවේ යෙදී සිටි බව කියන 8 දෙනකු අඟුණකොළපෑලැස්ස වැටිය ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය කියයි.


lankadeepa.lk

මීටියාගොඩ කතගේ ඝාතනයට 6ක් අත්අඩංගුවට

2020 මැයි මස 23 ප.ව. 10:12

0     473

මීටියාගොඩ වාචීශ්වර මාවත ප්‍රදේශයේදි තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ සැමියා, දරු දෙදෙනා , සොහොයුරා, සහ තවත් ඥාතීන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ හයදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (23 ) අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි .


lankadeepa.lk

මධ්‍යම ප්‍රා.ලේ කොට්ඨාස දෙකකට නායයෑම් අවදානම් නිවේදන දිගු කරයි

2020 මැයි මස 23 ප.ව. 10:06

0     85

මධ්‍යම පළාත තුල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට තව දුරටත් නායයෑමේ අවදානම් නිවේදනය හෙට (24) පස්වරු 2.30 දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.


lankadeepa.lk

අරක්කු - බියර් තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

2020 මැයි මස 23 ප.ව. 09:55

0     169

නමුණුකුල ඉස්ප්‍රින්වැලි ප්‍රදේශයේ දී අද (23) අරක්කු බෝතල් 60ක් හා බියර් ටින් 96 ක් සමඟ සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පස්සර විශේෂ කාර්ය බළකාය කියයි.


lankadeepa.lk

විශ්‍රාමික බන්ධනාගාර සැරයන්වරයා ගිනි අවියක් - උණ්ඩ සමග අත්අඩංගුවට

2020 මැයි මස 23 ප.ව. 07:49

1     427

විශ්‍රාමික බන්ධනාගාර සැරයන්වරයකු පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග අත්තිඩිය බෝ සෙවණ මාවතේ නිවසක දී අද (23) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි .


lankadeepa.lk

මහරගම ඩිපෝවේ සේවකයකු බස් රථයකට යට වී මරුට

2020 මැයි මස 23 ප.ව. 07:45

0     331

මහරගම ඩිපෝවට අයත් තට්ටු දෙකේ බස් රථයක තිරිංග අලුත්වැඩියා කරමින් සිටිය දී එකවරම පසුපසට ධාවනය වු බස් රථයේ ගැටී ඉදිරිපස රෝදයට යට වූ පුද්ගලයෙකු අද (23) මිය ගිය බව මහරගම පොලිසිය පවසයි .


lankadeepa.lk

උණවටුණේ ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය 9 කට නඩු

2020 මැයි මස 23 ප.ව. 01:54

0     189

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙ උණවටුන යද්දෙහි මුල්ලේ අද (23) සිදු කළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක දී මදුරු කීටයන් සහිත ස්ථාන පවත්වාගෙන ගිය නිවාස සහ සංචාරක හෝටල් පරිශ්‍රය නමයකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.


lankadeepa.lk

ගාල්ලේ ප්‍රදේශ කීපයකට හෙට පැය 4ක් වතුර කපයි

2020 මැයි මස 22 ප.ව. 09:38

0     149

හෙට (23) උදේ 8.30 සිට දවල් 12.30 දක්වා පැය හතරක කාලයක් ගාල්ල දිසාවේ ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවිමට සිදුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාල්ල දිසා කළමනාකරු කේ කේ එන් ඩයස් මහතා පවසයි.


lankadeepa.lk

රජයේ කැලෑවක් අනවසරෙන් එළිපෙහෙළි කළ දෙදෙනෙකුට දඩ

2020 මැයි මස 22 ප.ව. 09:05

0     173

රජය⁣ට අයත් කැලෑවක අක්කර භාගයක කොටසක් අනවසරෙන් එළිපෙහෙළි කල පුද්ගලයන් දෙදෙනකු අධිකරණය හමුවෙි වරදකරුවන් විමෙන් එක් අයෙකුට රුපියල් 20000 ක බැගින් රුපියල් 40000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (22) දි නියෝග කලේය.


lankadeepa.lk

හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2020 මැයි මස 22 ප.ව. 05:25

0     126

යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් රැගෙන යමින් සිටි තරුණයකු අද (22) පස්වරුවේ දී අක්මීමන ගිණිගල්තුඩුව හන්දියේ දී අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලිසිය පවසයි.


lankadeepa.lk

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2020 මැයි මස 22 ප.ව. 03:34

0     179

හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග හම්බන්තොට ගොන්නොරුව පහළ අන්දරවැවදී පුද්ගලයෙකු අද (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.


lankadeepa.lk

බඹරු ඇනීමෙන් 10 ක් රෝහලේ

2020 මැයි මස 22 ප.ව. 02:39

0     78

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙක් ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.


lankadeepa.lk

බේරුවල ධීවර වරාය ජංගම සිල්ලර වෙළදුන්ට හෙට සිට මසුන් මිලටගන්න ඉඩ සලස්වයි

2020 මැයි මස 22 ප.ව. 02:12

0     160

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බේරුවල ධීවර වරායේ මත්ස්‍ය වෙළෙඳ පොළ ජංගම සිල්ලර වෙළඳුන් වූ කුඩා වෑන් රථ, යතුරුපැදි හා පාපැදිකරුවන් ට මාස දෙකක කාලයක් විවෘත නොවූ අතර එම වෙළඳුන් ගේ ජීවන තත්වය සලකා රට යළි විවෘත වීමත් සමග හෙට (23)දා සිට අලුයම 5.00ත් උදෑසන 9.00ත් අතර කාලය තුළදී එම වෙළදුන්ට වරාය පරිශ්‍රයට ඇතුළු වී මසුන් මිලදී ගෙන ජංගම වෙළදාම සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කර ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා


lankadeepa.lk

මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වූ තිදෙනකුට දඩ

2020 මැයි මස 22 ප.ව. 02:07

0     59

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතළුවී එහි රැඳී සිටි පුද්ගලයෝ තිදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් චෝදනාවලට වරද පිලිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 45,000ක දඩ මුදලක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.


lankadeepa.lk

’ගම්පහ ප්‍රදේශයේ සතොසෙත් නාඩු සහ සම්බා සහල් නෑ’

2020 මැයි මස 22 ප.ව. 02:05

0     137

සහල් මිල ගණන් ඉහළ යාමත් සමග ගම්පහ සහ යක්කල යන ප්‍රදේශයන්හි සතොස වෙළඳසල්වලද නාඩු සහ සම්බා සහල් නොමැති ආකාරයක් දක්නට ඇත.


lankadeepa.lk

කොටකෙතන පුද්ගලයකු ඝාතනය කරයි

2020 මැයි මස 22 ප.ව. 01:49

0     243

කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ නිවෙසක සිටි 42 හැවිරිදි තිදරු පියෙකු ඝාතනය කර ඇති බව කහවත්ත පොලිසිය පවසයි.


lankadeepa.lk

කොළඹ නිවසක ගින්නක්

2020 මැයි මස 22 ප.ව. 12:26

0     208

කොම්පඤ්ඤ වීදිය වොක්ශෝල් වීදියේ ආසන්නයේ නිවසක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව කියයි.


lankadeepa.lk

ඇල්ල ප‍්‍රා. සබේ අර්බුදයක්

2020 මැයි මස 22 පෙ.ව. 11:46

0     115

ඇල්ල ප‍්‍රාදේශීය සභාවට ලැබිය යුතු රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වසර දෙක හමාරක කාලයක් තුළ ඌව පළාත් සභාව මගින් ඇල්ල ප‍්‍රාදේශීය සභාවට නොගෙවීම නිසා මේ වන විට ඇල්ල ප‍්‍රාදේශීය සභාව දැඩි මුදල් අර්බුදයකට පත්වී ඇතයි ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්.උදයජීව බංඩාර මහතා අද (22) ඇල්ල ප‍්‍රාදේශීය සභාවේදී පැවසීය.


lankadeepa.lk

ලී වෙළෙඳසැලක් ගින්නකින් විනාශයි

2020 මැයි මස 22 පෙ.ව. 10:54

0     120

කැස්බෑව නගරය ආසන්නයේ ලී වෙළෙඳ සැලක අද (22) අලුයම හටගත් ගින්නකින් එම වෙළෙඳ සැල සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි .


lankadeepa.lk

බලපිටිය රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවයක

2020 මැයි මස 22 පෙ.ව. 10:15

0     164

බලපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් සිය සේවාවෙන් පැය දෙකක් ඉවත් වී රෝහල ඉදිරිපිට අද (22) විරෝධතාවක නිරතවූහ.


lankadeepa.lk

හොරොයින් සමඟ අත්අඩංගුවට ගත් ගැබිනිය රඳවා ප්‍රශ්න කරන්නට අවසර

2020 මැයි මස 22 පෙ.ව. 10:02

0     130

හෙරොයින් ග්‍රෑම් 16 ක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගැබිනි කාන්තාව දින 7ක් පොලිසියේ රඳවා තබාගෙන වැඩිදුර පරික්ෂණ පැවැත්විමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හබරාදුව පොලිසියට අවසර ලබා දුන්නේය.


lankadeepa.lk

අනවසරයෙන් වැලි ගොඩ දැමු පුද්ගලයෙක් ටිපර් රියක් සමඟ අත්අඩංගුවට

2020 මැයි මස 22 පෙ.ව. 10:00

0     70

කොරෝනා නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින්,කාලයක් තිස්සේ කල්පිටියේ කන්ද කුඩාව ප්‍රදේශයේ, රාත්‍රී කාලය පුරා සිදු කළ අනවසර වැළි කැනීම සහ ප්‍රවාහනය ජාවාරමක සුල මුළ 21 මධ්‍යම රාත්‍රියේ සිට,පසු අද (22) පහන් වනතුරු සිදු කළ හදිසි වැටලීමකින් අනාවරනය කර ගන්නට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට හැකි විය.


lankadeepa.lk

ගැටුමකින් කාන්තාවක් මරුට : 6 ක් රෝහලේ

2020 මැයි මස 22 පෙ.ව. 08:23

0     4223

මිටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ අසල්වාසීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වි හයදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.


lankadeepa.lk

ඩෙටනේටරයක් පිපිරි කුඩා දරුවකුට තුවාල

2020 මැයි මස 21 ප.ව. 08:35

0     217

ඩෙටනේටරයක් පුපුරා යාම හේතුවෙන් බෙලිඅත්ත තාරපේරිය ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා දරුවකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට අද සවස ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.


lankadeepa.lk

බලන්ගොඩ - සමනලවත්ත මාර්ගයට පස්‍කඳු කඩා වැටෙයි

2020 මැයි මස 21 ප.ව. 08:09

0     112

බලන්ගොඩ මස්සැන්න සහ සමනලවත්ත ප්‍රදේශවලට අද (21) දා සවස ඇදහැලුණු තද වර්ෂාවත් සමග සමනල වත්ත මාර්ගයට ස්ථාන කිහිපයකදි ගසුත් සමග පස්කඳු කඩා වැටී ඇත.