(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ(24) දහවල් වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ග්‍රාම සේවා වසම් 17 ක පවුල් 2,553 කට අයත් සාමාජිකයන් 11,105 දෙනෙකු පීඩාවට පත්ව සිටි බව ගම්පහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
ජාඇළ, වත්තල, කැලණිය, මහර හා මිනුවන්ගොඩ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන අතර අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර මෙන්ම සුළං තත්ත්වය ආපදාවන්ට හේතු වී ඇත.
ආපදාවට ලක් වූ වැඩි පිරිසක් කැලණිය හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් වන බවත් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 5,416 ක් , කැලණිය කොට්ඨාසයෙහි 5362 ක් සහ ජාඇල කොට්ඨාසේ පුද්ගලයින් 327 ආපදාවට ලක්ව සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය වාර්තා කරයි.
නිවාස අර්ධ හානි 07ක්ද වාර්තා වන අතර වැඩි සංඛ්‍යාවක් මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහිය. සුරක්ෂිත මධ්‍යස්ථාන 3 ක් ක්‍රියාත්මක කොට ඇත.
පීඩාවට පත්වූවන්ට ගම්පහ දිසාපති ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ආපදා සහන සේවා ක්‍රියාත්මක කොට ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැස්සෙන් ගම්පහ එකළොස් දහසක් අවතැන්