IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කුඩු බෙදූ සෞඛ්‍ය සේවකයා මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීගමුවේ සිට වේයන්ගොඩ සහ නයිවල ඇතුළු පෙදෙස්වලට මත් කුඩු බෙදාහැරීමෙි නිරතව සිටි සෞඛ්‍ය සේවකයකු මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීගමුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු ලෙස සේවය කරන 33 හැවිරිදි අවිවාහක අයෙක් බව හෙලිවී ඇතැයි පොලිසිය කියයි .

වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව නයිවල මංසන්ධියෙහි යොදා ඇති විශේෂ මාර්ග බාධකයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 300 ක් ද පොලිස් භාරයට ගනු ලැබීය .

අත්අඩංගුවට ගත් සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා මීගමුව මහ රෝහලේ සේවය කරමින් එම ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගෙන් හෙරොයින් ලබාගෙන සේවය නිම වී පොදු ප්‍රවාහන සේවයේ බස් රථවලින් ඔහු පදිංචි වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණ හෙරොයින් බෙදාහැර ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

 



අදහස් (0)

කුඩු බෙදූ සෞඛ්‍ය සේවකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30868 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12973 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10932 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 845 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 250 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site