IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 10ක කුඩු සමග තරුණයෙක් මාට්ටුවෙයි

(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 10, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සහ මුදලින් රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ මීතොටමුල්ල දේශයේ දී  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 30, මිලි ග්‍රෑම් 120, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 200 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් ලක්ෂ 6 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගන්නා ඩිජිටල් තරාදියක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලම්පිටිය පොලිසියට බාර දී ඇත.

 



අදහස් (0)

ලක්ෂ 10ක කුඩු සමග තරුණයෙක් මාට්ටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site