සටනේ කෙළවර ජයග්‍රහණයයි
අරගලයක ප්‍රතිඵලයක් විදිහට ගිය වසරේදී ගෝඨාභය ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලය ඔවුන්ගේ තනතුරුවල ඉන්න බැරිව පැනලා ගියා. ඒ අරගල ගැන කතා කරද්දී 1848 මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවුණු අරගලය අපට සිහිපත් වෙනවා. මේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අරගල කළ භූමියක්. දැන් රට පුරාම, ප්‍රධාන සටන් පාඨ තුනක් තිබෙනවා. හැත්තෑපස් වසරක දේශපාලනය සංක්ෂිප්ත වෙලා, ගොඩනැගුණු ජාතික සටන් පාඨයක් තමයි “හොරු පන්නමු”. ඒක මේ රටේ හොරුන්ගෙන් කාලා ඇඳලා සිටින කෙනෙක් හැර අනෙක