
(පද්මසිරි ගාර්දියවසම් සහ රචන්ද්‍රසේන ගමගේ)
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහෙත් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන සමහර යෝජනාවලට සමහර ප්‍රතිපත්තිවලට අපි එකග වෙන්නේ නැතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය .
තංගල්ල නගරයේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ඔහු මෙම අදහස් පළකළේය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දිස්ත්‍රික් සමුලුවට පක්ෂ සභාපති උතුරාවල ධම්මරතන හිමිපාණන් ඇතුලු මහා සංඝරත්නය ,අන්‍යාගමික පූජකවරු , පවිත්‍රා දේවී වන්නිආරච්චි ,කාංචන විජේසේකර යන කැබිනට් අමාත්‍යවරු ඇතුළු මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ .
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය .
පසුගිය කාලයේ මත්තල ගුවන් තොටුපොළ විජාතික කරණය කිරීමට එරෙහිව අපි උද්ඝෝෂණය කළා . මමත් ඩී.වී. චානක ,ප්‍රසන්න රණවීර ඇමැති තුමාළත් එක්ක මේ දිස්ත්‍රික්කයේ එකසිය ගණනක් හිරේ ගියා. දේශීය ආර්ථිකය නංවාලන්න මේ රටේ ජාතික සම්පත් රැකගන්න ඕන කියා අපි විශ්වාස කරනවා. වර්තමානයේ මත්තල ගුවන් තොටුපොළ පුද්ගලීකරණය කරන්න සාකච්ඡාවක් යනවා .ආයෝජකයන් ගෙනඒම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ .ඒත් ඒ අයගේ පසුබිම සහ ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව රටටත් ජනතාවටත් අවබෝධයක් ලබා දෙන්න ඕන.
COMMENTS
කඳුලු ගෑස් ගහන්න ඕනෑ මේ පුටුවල ඉඳන් ඉන්න අයට මොලේ කියලා දෙයක් නැත්ද? නැතිනම් බලෙන් අරන් ආවාද? පාර හදලා දෙන්න මිසක් මේ ඉඳන් ඉන්න අය වෙනුවෙන්ම නෙවෙයි.
රටක ඉන්න ඕන රටට ආදරේ කරන මිනිස්සු. හරක් ඉන්න ඕනෑ ගව පට්ටි වල... පක්ෂ, පාට බදාගෙන රැස්වීම්, සම්මේලනවලට යන අය අද ඉන්න තත්වෙයි, වසර 76 ක් රට පාලනය කරපු දේශපාලුවෝ අද ඉන්න තත්වෙයි අතර තියෙන පරතරය ගැන නිකමටවත් හිතන්න මොවුන්ට මොළේ කළඳක් හෝ පහළ වේවා...!!!
බත් කන හරක් ටික පුටුවල වාඩිවෙලා ඉන්නවා.
සිංහලයා යනු බොහෝම ඉක්මනින් කළගුණ අමතක වන ජාතියක්... මෙතුමා නැත්නම් අදටත් අපි බයෙන් සැකෙන් තමයි පාරවල්වල යන්න වෙන්නේ. ඒ කාලේ ජෙප්පන් කොහේද හිටියේ...?
ලංකාවේ බයියෝ ටික ඉන්නකම් රටට අබ සරණයි.