IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘බුද්ධි අංශ වාර්තා දැකලා රනිල් බය වුණා‘‘

(තිලකරත්න දිසානායක)

සැබෑ දේශප්‍රේමියකු ලෙස දේශප්‍රේමී හැගීමෙන් යුතුව සියලු ජාතීන්ට ආදරය කරමින් යුද බිමෙහි කැප කළ පිරිසක් එම මානව හිතවාදී උතුම් ගුණාංගය යළි වැඩි දියුණු කරමින් අප රට නිදහස් නිවහල් යුක්තිගරුක රටක් බවට පත් කිරීම පිනිස අධිෂ්ඨානයෙන් යුතුව රට ගොඩනැගීමට එක්ව සිටින බව ජාතික ජනබලවේගය ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ගම්පහදී පැවසීය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික් හමුව ගම්පහ , මිරිස්වත්ත උත්සව ශාලාවක පැවති අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයට සහාය පළ කිරීම පිනිස " අදිටන " යන්න තේමා කරගනිමින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාමාජිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මෙහිදී විජිත හේරත් මහතා තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

"විවිධ මත නිසා විවිධ දේශපාලන පක්ෂවලට බෙදී සිටි අපි එකට එක්ව රට ගොඩගෙන අනාගත දරු පරපුරට හොඳින් ජීවත්විය හැකි රටක් ගොඩ නැගීම පිනිස එක්ව සිටිනව. මේ වෙනුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ස්වාධීනව කටයුතු කිරීම පහසුයි. එම ස්වාධීනත්වය කිසිවකුටත් උදුරා ගැනීමට දිය නොහැකියි. දැනට ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිට පහළ නිලය දක්වා වන අය කොහේ රාජකාරියෙහි නිරතව සිටියද හදවතින් මාලිමාවේ රට ගොඩ නගන ජාතික ජනබලවේගය සමග සිටිනවා. පවතින ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ගේ හිත්වල තිබෙනව.විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සියලු දිස්ත්‍රික්වල සාර්ථකව ක්‍රියාත්මක වෙනව.

අපිට අද මෙතනට එන්න ආසන්නතම සිද්ධිය ලෙස පත් වුණා , ඉදිරි පළාත් පාලන මැතිවරණය. ඔබ දන්නවා මේ මැතිවරණය පාලකයන් කැමැත්තෙන් තියන්න යන මැතිවරණයක් නොවෙයි. මැතිවරණ කොමිෂමෙන් දින නියම කළාට පස්සෙ කරන්න දෙයක් නැති කමට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච මැතිවරණයක් තමයි පාලකයන් අද මේ මුහුණ දීල තියෙන්නෙ. මේ මැතිවරණය ගමේ පුංචි මැතිවරණයක් නෙවෙයි. මේක තමයි රනිල් වික්‍රමසිංහට තව දුරටත් ඔය පුටුවෙ ඉන්න සිද්ධ වෙනවද නැද්ද කියන ඡන්දය. රාජපක්ෂලට ඔය පුටුවල තව දුරටත් රැදෙන්න හැකිද නැද්ද යන්න තීන්දු කරන ඡන්දෙ. ඒ නිසා ඒ අයට මාරාන්තික ඡන්දයක්. මාරාන්තික නිසාම ආරම්භයේ සිටම මේ ඡන්දය වළක්වන්න විවිධ බාල්දි පෙරලන්න ගත්ත. එකම බාල්දියක්වත් හරියට පෙරලගන්න බැරිවුණා. පෙරලපු හැම බාල්දියක්ම අනෙක් පැත්තට පෙරලුනා. 

රනිල් වික්‍රමසිංහ රටේම බුද්ධි අංශ වාර්තා කැඳෙව්ව. බුද්ධි අංශ වාර්තා පහක් කැදවා තිබුණ. ඒ සියල්ලෙම පැහැදිලිවම සදහන් කරල තිබුනෙ ලංකාවෙ හතර දිග් භාගයකම වාර්තාවලින් කියා තිබුණේ මෙදා සැරේ ජනතාව වැඩිපුරම එකතු වෙලා ඉන්නෙ මාලිමාව සමග බවයි. ඒ බුද්ධි අංශ වාර්තාව දැක්කම තමයි රනිල්ට හීන් දාඩිය දැම්මේ ,

වෙව්ලන්න පටන් ගත්තෙ. ඊට පස්සෙ තමයි රනිල් සල්ලි නොදී ඉන්න තීන්දුව ගත්තෙ. ලේකම්ට කිව්ව සල්ලි දෙන්න එපා , මුද්‍රණාලයාධිපති කැදවල කිව්ව සල්ලි දුන්නෙ නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න එපා කියල. අවසාන බාල්දියත් පෙරළලා , ඒකට උසාවි ගියා. ඊට උසාවිය පැහැදිලි තීන්දුවක් දුන්න. දැන් ඇත්තේ මැතිවරණ කොමිෂම මගින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි. ලබන සතියේ තීන්දුව ගන්නා බව කියා තිබෙනව. ජනතා පරමාධිපත්‍යයට අනුව මැතිවරණ කොමිෂම කටයුතු කළ යුතුයි. කොමිෂමේ වගකීම දැන් ඉටුකළ යුතුයි. අපි කියනව දැන් ඡන්දය පවත්වන්න.

මේ රට පත්ව ඇති තත්ත්වය වෙනස් කළ යුතුයි. රට ගොඩනැගීමට හොරකම , නාස්තිය හා දුෂණය නතර කළ යුතුයි. රටේ ඉහළම පුටුවෙ සිට පහළම කණිෂ්ඨ සේවකයා දක්වා, දේශපාලන අධිකාරීන්වල පවතින හොරකම දූෂණය නතර කළ යුතුයි. මෙය සිදු කරමින් අපි නිෂ්පාදන ආර්ථිකයට යායුතුයි.

අද වනවිට ඉදිකට්ට , අල්පෙනෙත්තේ සිට සෑම දෙයක්ම පාහේ ගේන්නේ චීනයෙන්. අපේ රටට වසරකට ඩොලර් මිලියන විසිදාහක භාණ්ඩ ආනයනය කරනව. මින් ඩොලර් මිලියන හාර දහස් හත්සීයක බඩු ගේන්නෙ චීනයෙන්. චීනා අපිට බෝනික්කා, ඉදිකට්ට ,අල්පෙනෙත්ත විකුණලා අපේ ඩොලර් ටික එහාට අරගෙන ගිනි පොලියට අපිට ණය දීල අපිට හදල දෙනව නෙළුම් කුළුණ. පුලුවන්නම් එල්ලිල මැරියන්. නැත්නම් තව්තිසා දිව්‍ය ලෝකෙ බලපන් කියල. අපි ගිහිල්ල තව්තිසා දිව්‍ය ලෝකෙ බලනව. ඒකට ටිකට් එක රුපියල් පන්සීයයි. කාගෙද වැරැද්ද ? චීනගෙද ? නැහැ. අපේ පාලකයින්ගෙ වැරැද්ද. අපේ නිෂ්පාදනය අපි වට්ටලා චීන දිහා කට ඇරන් බලන් ඉන්නව , රටක් විදියට රුපියලුත් නැහැ. ඩොලරැත් නැහැ. අනෙක් පැත්තට උයන්න ගන්න අල ගෙඩිය පවා පිට රටින් ගේනව. සීනි , පිටි ,හාල් ටිකත් රටින්.හෙට අනිද්දා බිත්තරෙත් ඉන්දියාවෙන්. බිත්තර ගෙඩියක්වත් මේ රටේ හදා ගන්න බැරි මේ පාලකයෝ අපෙන් අහනව රට හදන විදිය.

මෙහිදී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විශ්‍රාමික රියර් අද්මිරාල් ෆෙඩ් සෙනෙවිරත්න, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත , විශ්‍රාමික කර්නල් සමීර ප්‍රියන්කර, කැලණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට ජාතික ජනබල වේගය ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිතන් කමාන්ඩර් ප්‍රගීත් මධුරංග මහතා ඇතුලු විවිධ නිලයන් දැරූ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

‘‘බුද්ධි අංශ වාර්තා දැකලා රනිල් බය වුණා‘‘

රණවිරුවෙක් Saturday, 11 March 2023 07:30 PM

මේ ජෙප්පල එකෙක් හරි රණවිරුවන් වෙනුවෙන් එක ලේ බිංදුවක් පරිත්‍යාග කරන මොහොතක අරගත්තු ඡායාරූපයක් ඉදිරිපත් කරන්න කියලා අභියෝග කරනවා...

:       42       25

Ajith NissankaTuesday, 14 March 2023 12:23 AM

2004-2005 කාලයේ ලංකාවේ හිටියේ නැද්ද එහෙම නැත්නම් ඊට පස්සේ ඉපදුනාද ?? ප්‍රබාකරන් එක්ක යුද්ද කරලා මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය විසදන්න ඕනේ කියල විශාල ජනමතයක් ඔවුන් ගොඩනැගුව කියල මතකයට එන්නෙම නැද්ද? යුද්දය ඉවර කිරීමේ පොරොන්දුව මත 2005දි මහින්ද රාජපක්ෂ බලයට ගෙනාපු ජනාධිපතිවරණය කරට අරගෙන හිටිය මතක නැද්ද ? චන්ද්‍රිකා පවා කකුලෙන් අදිනකොට රනිල් වික්‍රමසිංහ පරද්දන්න ඔවුන්ගේ දායකත්වය මතකද??

:       18       42

නිහාල්Tuesday, 25 April 2023 01:40 PM

මම ජෙප්පෙක් නොවේ. ජෙප්පන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති වලට එකඟත් නෑ. හැබයි උන්පොහොට්ටුවො වගෙ රට කෑවෙත් නෑ.unp කාරයො වගෙ පොලිස් ආමි නිලධාරින් සිය ගණනක් LTTE එකට පාවා දුන්නෙ ත් නෑ. ( මතකද 1990). බෙදුම් වාද්දින්ට ආයුධ දුන්නෙත් නෑ

:       9       20

උඩුගම්පොල Wednesday, 03 May 2023 02:25 PM

ඔව් ඒක හරි. මුන්ට බලයක් තිබුනේ නැහැනේ ඒවා කරන්න. බලයක් නැතිව කොරපු හරිය බොලාට මතක නැද්ද 89/90. මුන්ගෙන් අහපල්ලා මුන් රට ගොඩගන්න වැඩ පිළිවෙල මොකද්ද කියලා. කිසිම පැහැදිලි සංවර්ධන වැඩ පිළිවෙලක් මුන්ට නෑ. නිකන් රට තවත් පහලට වැටෙන එක තමයි වෙන්නේ මුන්ට දුන්නොත්. අත්හදා බැලීම් කරන්න කාලයක් නෙමෙයි. තරුණ කොල්ලන්ගේ වයස යනවා නිකරුනේ. මොකුන්ට දුන්නත් මුන්ට දෙන්න එපා කියන්නේ මුන්ට බෑ බෑ ම තමයි. මිනිස්සුන්ට අන්ත විදියට දුක් විඳින්න වෙනවා මුන් අවොත්.නිකන් මිනිස්සුන්ට බොරු ෂෝ දානවා විතරයි. ඉරිසියාවට නෙමෙයි විජිත හේරත්ගේ වාහනේ බලපල්ලා. කොහෙන්ද මේවට සල්ලි. කැට හොල්ලපුවද. මොකා ආවත් සෙතේ උන්ට විතරයි.

:       23       17

chandima Tuesday, 16 May 2023 10:32 PM

පිස්සුද මහත්තයෝ රනිල් කියන්නේ බයවෙන මිනිහෙක්ද ?යකාටත් කොකා පෙන්නන පොරක්

:       2       7

hesa Tuesday, 23 May 2023 03:03 PM

මෙයාලා අතින් ඇද හොය හොයා ඉන්නවාට වඩා දෙයක් කරනවද? දශක 6ක්ම කළේ මොනවද? ඡීවිතේට මේ රටේ බලය ගන්න බලන් ඉන්නේ කොකා මහ මුහුද හිඳෙන තුරු බලන් ඉන්නවා වගේ කපේදී බැරි දේ...!

:       7       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 844 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site