අලි වන්දිය ’’ වැඩි කිරීමට යයි වන අලි පහරදීමකින් මියයන පුද්ගලයකු වෙනුවෙන් ඔහුගේ ඥාතීන්ට මෙතෙක් ලබා දෙන රුපියල් ලක්ෂ පහේ වන්දි මුදල රුපියල් දස ලක්ෂය දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2021
‘ එන්නත් ලබාදීමේදී ආයෝජන කලාපවලටත් ප්‍රමුඛතාව දෙන්න‘ දිවයින පුරා සියලුම ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ට කොවිඩ් මර්දන එන්නත විශේෂ ප්‍රමුඛත්වයදී ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්රීනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය. 12 June 2021
‘‘කාබනික පොහොර ජනප්‍රිය කරන්න පක්ෂ විපක්ෂයේ හැමෝම එක් වෙමු‘‘ කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකර ඒ ජනහිතකාමී වැඩපිළිවෙලට සහාය දෙන්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 08 June 2021
‘‘රට කරන්න බැරි නම් ඉල්ලා අස් වෙන්න‘‘ ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බිය වැද්දීම සඳහා ’’ගැසට්’’ ගැසීම වැනි බොළඳ ක්‍රියා නොකර වසංගතය පාලනය කරන්නට බැරි නම් ඉල්ලා අස් වෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 03 June 2021
‘ආණ්ඩුවේ වැක්සීන් දේශපාලනය නවත්වන්න‘ කොරෝනා ගරානාවක් කරගත් ආණ්ඩුවේ ‘වැක්සීන් දේශපාලනය’ වහාම නවතන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 31 May 2021
සමෘද්ධි නිලධාරීන්ට එන්නත නැත්නම් රාජකාරියෙන් ඉවත්වෙනවා සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ට ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා නොදුන්නොත් ජනතාව හා සමීපව සිදුකරන රාජකාරීවලින් ඉවත්වීමට ඔවුන්ට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 20 May 2021
ජූලි වෙද්දි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09ක් ලංකාවට ‘කොවිඩ්’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ලක්ෂ නවයක් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 20 May 2021
වරාය නගර පනතට සජිත්ලාත් විරෝධයේ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කොටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. 20 May 2021
රනිල් - මෛත්‍රීලාගේ කොතලාවල පීඨ පනත මේ ආණ්ඩුවත් එහෙමම ගෙනත් රනිල් - මෛත්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ අකුරක්වත් වෙනස් නොකර මේ ආණ්ඩුව නැවත ගෙනත් තිබෙනවා. එදා පනත ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වෙනත් පාර්ශ්වයන්ගේ අරගල මගින් පරාජය කළා සේම මේ පනත ද පරාජය කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. 17 May 2021
‘‘හැම පනතකටම ජනමත විචාරණ තියන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑ‘‘ රටේ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතිද්දීත් වරාය නගර පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මේ අවස්ථාවේ රටට ආයෝජන ලබාගැනීම ඉතා වැදගත් නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17) පැවැසීය. 17 May 2021
‘‘ද්විත්ව පුරවැසියන් රටින් පැන්නාට ජනතාව ඉන්නේ ලොකු අවදානමක‘‘ කොරෝනා වසංගතය උග්‍ර තත්ත්වයට එන විට ද්විත්ව පුරවැසියන්ට රටින් පැන දිවි බේරා ගන්නට හැකියාව තිබුණ ද ශ්‍රී ලාංකේය පුරවැසියන්ට පැන යන්නට තැනක් නැති හෙයින් ආණ්ඩුව දැන්වත් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම බාරගත යුතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි 17 May 2021
‘‘වතු කම්කරු දාහේ පඩිය වහාම ගෙවන්න‘‘ අධිකරණ නියෝගය අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප ගෙවීමට හාම්පුතුන් කටයුතු කළ යුතු යැයි බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවේල් සුරේෂ් මහතා පැවසීය. 17 May 2021
ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන හොයන් බාරදුන්නා ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් කිලෝ නවයේ (ලීටර් 18) ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම සඳහා රජයේ ආයතන දෙකකට භාරදී ඇති බවද ඒ සම්බන්ධ වාර්තාව ලැබුණ වහා එය අලෙවියට අවසර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලබන බවද සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 27 April 2021
‘‘වරාය නගර ව්‍යාපෘතියට අපේ උපරිම සහාය‘‘ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වාමාංශික වව්යාපව්යාවාමාංශික පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙනවා යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි. 27 April 2021
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම රජයේ වගකීමක් රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පරම වගකීමක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 April 2021
‘‘ආණ්ඩුව බොරු ත්‍රස්ත බියක් ඇතිකර ජනතාව නොමඟ යවන්න හදනවා‘‘ ‘‘යාපනය නගරාධිපතිවරයා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඊට මුවාවී ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ කටයුත්ත යට ගැසීමේ උත්සාහයක නිරතව සිටින බව’’ සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 April 2021
‘‘ජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ නාඩගම් නටන්න නොවේ‘‘ “මහජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ ජනතා අවශ්‍යතා ඉටුකිරීමට මිස බොරු නාටක රඟදැක්වීමට නොවෙයි” යැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය. 11 April 2021
කැලෑ රැකගන්න එජාපය ජාත්‍යන්තරයටත් යනවා එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලෝක උරුමයක් බවට පත් කරමින් ආරක්ෂා කළ සිංහරාජ වනාන්තරය වත්මන් පාලනය යටතේ ජාවාරම්කරුවන්ගේ උරුමයක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා දෙනියායේ දී පැවසීය. 07 April 2021
යල් පැනගිය නීති වැඩ වලට බාධාවක් වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් ‘පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා’ කියලා කෑ ගහනවා. ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාව. වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕනෑ. ජලය එකතු කර ගන්න ඕනෑ. පරිසරයට යම් හානියක් වෙනවා. ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕනෑ යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 April 2021
“රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘ විදේශවල සිට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කර නුසුදුසු භාණ්ඩ වෙළෙඳ පොළෙන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 04 April 2021
‘‘වන විනාශය නවත්වන බලය ජනතාව අතේ‘‘ කඩාවැටුණු ආර්ථිකය ගොඩනගමින් ඉදිරියට යාමට සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ හරිත ආර්ථික සංකල්පවලට අනුව යැයි ද එක්සත් ජාතික පක්ෂය ලෝක පරිසර නීති ද අධ්‍යයනය කර නව පරිසර ප්රකාශනයක් සම්පාදනය කළේ යැයිද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 04 April 2021
මේඩ් ඉන් ශ්‍රී ලංකා ජය ලබන්නේ නූතන ජූනියස්ලත්-ෆීලික්ස්ලත් හඳුනගත්තොත් පමණයි දේශීය නිෂ්පාදකයන් බලගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙන යා හැක්කේ නූතන දේශපාලනයේ සිටින ජූනියස් රිචඩ් ජයවර්ධනලා සහ ෆීලික්ස් ඩයස්ලා හඳුනාගෙන ඉදිරියට ගියොත් පමණක් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 01 April 2021
‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘ සමගි ජනබලවේගය ඉදිරියේ දී බිහි කරන්නේ මිශ්‍ර රජයක් නොවන බවත් රටේ ජන කොට්ඨාස නියෝජනය වන සංස්කෘතියද සමග වන දේශපාලන ගමනක් බවත් සමගි ජනබලවේගය නායක හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී පැවැසීය. 01 April 2021
‘‘රටේ වන සම්පත ආරක්ෂා කරන්න එජාපය පෙරමුණ ගන්නවා‘‘ සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගන්නා බව, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 30 March 2021
රනිල් නිසා’’ ජී එස් පී ප්ලස් ’’ රැකෙනවලු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා ගත් පියවර නිසා 2023 වසර දක්වා මෙරට ජීඑස්පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් නැතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය. 25 March 2021
‘‘එ.ජා.ප නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යනවා‘‘ ඩී.එස් සේනානායක යුගයේ ලංකාව බ්‍රිතාන්‍යයට පවා ණය දුන්න ද වර්තමානයේ ලංකාව සෑම බලවත් රටකටම ණය වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඩී.එස් සේනානායක ගුණ සමරු උළෙලේ දී පැවසීය. 22 March 2021
‘‘පරිසරයට හානි කරන නිසා මේ ආණ්ඩුව පිරිහෙනවා‘‘ පරිසරයට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවී නැතැයි සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 20 March 2021
‘‘අපරාධ මැඩලන්න කඩා පනින හමුදාවක්‘‘ අපරාධ රැල්ල මැඩලීම සඳහා රට පුරා කඩා පනින මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. 18 March 2021
වාචික ප්‍රශ්නවලට පිළිතුරු දිමට දින දෙකක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට පාර්ලිමේන්තුවේ ඉදිරි සතියක සම්පූර්ණ දින දෙකක් වෙන් කරන බව සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී පැවසීය. 18 March 2021
‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘ ශ්‍රී ලංකාව 2050 වසර වනවිට කාබන් පිට කිරීම සිදු නොවන රටක් බවට පත්කර ගත හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 18 March 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026