යල් පැනගිය නීති වැඩ වලට බාධාවක්
වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් ‘පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා’ කියලා කෑ ගහනවා. ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාව. වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕනෑ. ජලය එකතු කර ගන්න ඕනෑ. පරිසරයට යම් හානියක් වෙනවා. ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕනෑ යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.