IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


සත්ත්ව පොහොර අලෙවියට මඟක්

(නිමල කොඩිතුවක්කු)

කාබනික පොහොර නිෂ්පාදනය කළ නොහැකි ගොවීන්ට තම ගොවිපළ තුළ එකතු වන සත්ත්ව පොහොර තම කොට්ඨාසයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී එමඟින් අමතර ආදායමක් උපයා ගත හැකි ක්‍රම වේදයක් සකස් කර ඇතැයි පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

ඒ අනුව තම ගොවිපලේ එක් වන ගොම පොහොර , එලු පොහොර , කුකුල් පොහොර ළඟම කොට්ඨාස පශු වෛද්‍ය කාර්යාලය හරහා පශු වෛද්‍ය නිලධාරීන් ගේ හා ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අදාල නිෂ්පාදකයන් වෙත අලෙවි කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ සදහා ගොවිපොළ හිමියන්ට දෛනිකව හෝ මාසිකව ලබා දිය හැකි සත්ත්ව පොහොර ප්‍රමාණයන් පිලිබදව අදාල කොට්ටාස පශු වෛද්‍ය නිලධාරීන්ව කඩිනමින් දැනුවත් කරන ලෙසත් ඔහු දැනුම් දෙනු ලැබීය.

එමඟින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාවට මෙම අපද්‍රව්‍ය ලබා ගෙන රටේ කාබනික පොහොර අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරා ගත හැකි බවත් ඔහු පැවසීය.

ගව, කුකුල්, සූකර, එළු සහ බැටළු පාලනයේ නිරත සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ගොවිපළ තුලින් ලැබෙන සත්ත්ව අතුරු ඵල මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කර අමතර ආදායමක්ද ලබා ගත හැකි බවත් ඔහු කියයි.

 

 



අදහස් (0)

සත්ත්ව පොහොර අලෙවියට මඟක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site