IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


‘‘රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

වත්මන් ආණ්ඩුවේ  ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ආන්ඩුවේ අත්තනෝමතික තීරණවල ප්‍රතිඵල ඉදිරි මාස කිහිපයේ රටේ ජනතාවට භුක්ති විඳීමට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

"ඉදිරි මාස කිහිපය තුළ රටේ ආර්ථිකය ඉතාම අවදානම් තත්ත්වයට මේ රජය පත් කරමින් තිබෙනවා. මේ ප්‍රශ්න ජනතාව පිට දමලා ජනතාව කබලෙන් ලිපට වට්ටන්න නැතිව ඒ සදහා අවශ්‍ය තීරණ ගතයුතුයි කියලා අපි රජයට ඉතා වගකීමෙන් කියනවා.

අද කොච්චර බරෑරුම් තත්ත්වයක ද රට තිබෙන්නේ කියලා උදාහරණ සහිත අපි පෙන්නන්න කැමතියි. ඉන්ධන මිල ගැන කතා කරත් ගම්මන්පිල ඇමතිවරයා කියනවා ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා කියලා. නමුත් අද වනවිට දැනගන්නා ලැබෙනවා කැබිනට් එකේ මේ ගැන සාකච්ඡා කළෙත් නැහැ කියලා. එහි සාකච්ඡා කරන දේවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පෙන්වනවා. එහිදී ගිය සතියෙ තිබුණු රැස්වීමේදී ඇමතිවරු පවා කිව්වා තෙල් මිල ගැන කතා කරේ නැහැ කියලා. අපි⁣ට ආරංචි කැබිනට් අනුකමිටුවේ කතා කරලා තියෙන බව. නමුත් කැබිනට් එකේ කතා කර නැහැ.

තෙල් මිල ඉහල දැම්මේ නැත්නම් බැංකු පද්දතිය කඩා වැටෙන බව මහ බැංකුවෙන් කිව්වා කියලා ගම්මන්පිල කියනවා. එසේ වුනොත් ආර්ථිකය කඩා වැටෙනවා එහිදී මෙ වසංගතයක් මැද්දේ විශාල ව්‍යයසනයක් වෙනවා. එම නිසා තෙල් මිල වැඩිකර යුතුයි කියනවා.

 



අදහස් (4)

‘‘රටේ ආර්ථිකය ගොඩගත නොහැකි ප්‍රපාතයකට තල්ලු වෙමින් තිබෙනවා‘‘

ගිජුලිහිණි සංදේශය Sunday, 27 June 2021 06:44 PM

අවුලා රටක දැවෙනා ගිණි කටින් මැත වවුලා සරයි නුහු ගුණ බෙදමින් දසත අවුලා බුදින මහ උන් කෑ පිළුණු බත කෙවුලා ගුණේ නැත, මල සුවඳ නැත

:       3       4

Correction Monday, 28 June 2021 01:28 PM

කෙවුලා ගුණේ නැත, ලබු මල සුවඳ නැත

:       0       2

Chris Wednesday, 30 June 2021 12:06 PM

රටේ ආර්ථිකය පිළිබඳව අද සිදුකරන බොහෝ සාකච්ඡාවල පෙනී යන කාරණය වන්නේ සමහරුන් තවමත් සිරවී සිටින්නේ එක්කෝ 1970 රාජ්‍යවාදය මත බවයි. නැත්නම් 1977 වෙළඳ පොළ වාදය මත බවයි...

:       2       1

Bamunuarachchi Saturday, 03 July 2021 06:44 PM

දැන් ඕගොල්ලන්ට දුන්නොත් මාසෙකින් රටේ ආරතිකය ගොඩ දාන්න පුලුවන්ද? ඔය ආර්ථික ඔස්තාර්ලා 2015 ආණ්ඩුව අරන් අවරුදු 5 කරලා 6.5 තිබුන ආරථික වර්දනට 1.5 බස්සලා තවත් ට්‍රිලියන 7 රට නය කරලා නේද දන ඔය කතා කරන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2188 22

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3081 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3451 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2411 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 284 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1226 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 503 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1961 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1719 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site