IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව විපක්ෂ නායකගේ විරෝධය

(නිමල කොඩිතුවක්කු)

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේ තැතක් පවතින බවත් ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම ආණ්ඩුව වහාම නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුවවේ ආඥාදායක,ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළ පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල පළ කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිනෙන් දින ජනතාවට අපේක්ෂාභංගත්වය උරුම කළ ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව මේ වන විටත් පෙළගැසෙමින් සිටින අතර එය ඉවසා දරාගත නොහැකි ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මර්දනය ,තර්ජනය සහ බිය ගැන්වීම සිය ප්‍රතිපත්තිය බවට පත්කර ගනිමින් ය.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ,ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීම,ආණ්ඩුව විවේචනය කිරීම යනාදී අයිතිවාසිකම් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කොට ඇති බව ආණ්ඩුව මතක තබා ගත යුතු අතර සහෝදර දේශපාලන පක්ෂ වලට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ගතයුතු සහ ගතහැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට අප දෙවරක් පසුබට නොවන බවද ආණ්ඩුවට මතක් කරනු කැමැත්තෙමු" යයිද විපක්ෂනායකවරයා සිය නිවේදනය මගින් සඳහන් කරයි.

 



අදහස් (3)

ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව විපක්ෂ නායකගේ විරෝධය

Raveendra Monday, 05 July 2021 08:42 PM

"කිඹුලාට දැලිපිහිය" ලැබුණා සේ ඕනෑම දෙයක් "ගිලමි"යි බලය වෙනුවෙන්...

:       1       106

Bamunuarachchi Tuesday, 13 July 2021 07:55 AM

යන්නේ යන්න ඕන ස්ථානයට නම් මග මොකක් උනාම ඔහෙට මොකෝ? ගමන ලෙහෙසිද මහන්සිද කියන මග යන්නාට අයති දෙයක්.

:       0       3

Bamunuarachchi Tuesday, 13 July 2021 07:58 AM

මෙන්න අලුත්ම අලුත් සිංහල උපහැරණයක් පස් අවුරුද්දක් පාර වරද්දාගත්ත යහපලකයෙක් එක අවුරුද්දක් පාර වරද්දා ගත්තත පොහොට්ටුවට පාර කියා දීම වගෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site