IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


‘‘හැම පනතකටම ජනමත විචාරණ තියන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑ‘‘

(ඩයනා උදයංගනී)

රටේ කොවිඩ් වසංගත තත්ත්වයක් පවතිද්දීත් වරාය නගර පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මේ අවස්ථාවේ රටට ආයෝජන ලබාගැනීම ඉතා වැදගත් නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17) පැවැසීය.

කොවිඩ් වසංගතය පාලනය කරන අතර රටේ සෙසු කටයුතු අමතක කිරීමේ හැකියාවක් නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහිදී මෙසේ ද සඳහන් කළේය.

“කොවිඩ් 19 වසංගතය හමුවේ ජනතාවට සහන සැලසීමට අපේ පක්‍ෂය හැකි පමණින් මැදිහත් වී සිටිනවා. අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අපි ඇඳන් 10,000ක් පමණ ලබා දී තිබෙනවා. ඒවාට උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. එහෙත් ප්‍රමුඛත්වය දී තිබෙන්නේ ආසාදිත පිරිස අඩු කිරීමටයි. දැනට දෛනිකව 2,500ක් පමණ කොවිඩ් රෝගීන් හඳුනා ගැනෙනවා. එය දිනකට 200-250 පමණ දක්වා අඩුකර රෝගය සහමුලින් නැතිකර දැමීම අපේ අරමුණයි.

මෙයට ඇති ප්‍රධානම වැඩපිළිවෙළ එන්නත්කරණයයි. අපි එක් දිනක් තුළ එන්නත් 68,600ක් ලබාදුන් අවස්ථාත් තිබෙනවා. මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා දෙකම 2,65,000කට ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නත 2,40,880කට සහ ස්පුට්නික් එන්නත 14,699කට ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ගෙන දෙවැනි මාත්‍රාව ගැනීමට 4,22,292ක් බලා සිටිනවා. මේ එන්නත් ලබාගැනීමට රජය කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා.

ස්පුට්නික් මාත්‍රා තව 1,85,000ක් පමණ මේ මාසය අවසන් වීමට පෙර බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් 19 පාලනය කරන අතර සියලුම දේ අමතක කර පාර්ලිමේන්තුව වසා දමන්න බැහැ. අපි රටේ ආර්ථිකය, ජනතාවගේ ජීවනෝපාය මාර්ග, ආදායම්, නව රැකියා අවස්ථා ඇති කිරීම ආදිය සිතිය යුතුයි. මේ අවස්ථාවේ රටට ආයෝජන අත්‍යවශ්‍යයි. ඒ නිසා අලුත් ආයතන, ක්‍රමවේද ඇති කිරීම කාලීන අවශ්‍යතාවක්. වරාය නගර පනත පාර්ලිමේන්තුවට මේ සතියේ ගේන්නේ ඒ නිසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගිය බ්‍රහස්පතින්දා කතානායකතුමාට ලැබුණා. එය හෙට උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කරනවා. බදාදා සහ බ්‍රහස්පතින්දා වරාය නගර පනත ගැන විවාදය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති සංශෝධන පනතට කමිටු අවස්ථාවේදී ඇතුළත් කරනවා. පනතේ අරමුණු ඉටුකරගැනීමට අවශ්‍ය නිසා මේ සංශෝධන නිර්මාණය කළේ රජයේ උපදෙස් පරිදි රජයේ නීතිඥයන්. අප ඉදිරිපත් කළ ඒ සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. මේ සංශෝධන ඇතුළත් කර අනිද්දා (20) සවස පනත සම්මත කරගන්නවා. මෙයින් රටේ ස්වෛරීත්වයට හෝ පාර්ලිමේන්තුවේ මුදල් පාලන බලතලවලට බලපෑමක් නැහැ.”

‘මෙම පනතට ජනමත විචාරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා නේද’ යි යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ “හැම පනතටම ජනමත විචාරණ පවත්වන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ.” යනුවෙනි.

ගිලන්රථ ගැනීමේදී වංචාවක් වී ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇමැතිවරයා, “එහිදී අනුගමනය කළ ක්‍රමවේදය ගැන විස්තර සහිත දැනුමක් නැහැ. ඒත් අක්‍රමිකතාවක් වී නැති බව කියන්න පුළුවන්.” යැයි කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එහිදී මෙසේ පැවැසීය.

“ගිලන්රථ මිලදී ගැනීම ගැන මේ අවස්ථාවේ විස්තර නැහැ. මේ රජය බලයට ආවේ ජනතාවට වගකියන රජයක් බිහිකරන්නයි. කොවිඩ් අරමුදලේ කටයුතු වෙන්නේ පාරදෘෂ්‍යභාවයකින් යුතුවයි. මෙය ජාතික ව්‍යසනයක්. ජනතාව මියයාමට නොදී බේරාගන්න රජය කැපවී කටයුතු කරනවා. විපක්‍ෂය මේ අවස්ථාවේ කළ යුත්තේ එයට උදව් කිරීම මිස පදනමක් නැති චෝදනා ඉදිරිපත් කිරීම නෙවෙයි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද මෙහි සිටී.

 



අදහස් (4)

‘‘හැම පනතකටම ජනමත විචාරණ තියන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑ‘‘

විජිත් Tuesday, 18 May 2021 01:09 PM

අනේ, සුනාමි ව්‍යවසනය වෙලාවෙත් සුනාමි සල්ලි වලට සුද්දෙ දැම්මා. යුද්දේ කාලේදී මිග් යානා, අයුධ වලින් මදි නොකියන්න පවුලටම හම්බකරගත්තා. අන්තිමට රට චීනාට විකුණපු මැදමුලන චවුරයින් සහ ඔවුන්ගේ රැල ගැන මේ රටේ මිනිස්සු විතරක් නොවෙයි, මුළු ලෝකෙම දන්නවා. දවසක මේවා අපි මහ පාරේදීම විසඳා ගනිමු.

:       0       9

Asoka Wednesday, 19 May 2021 05:29 AM

ඉතින් මුත්තේ හැම බිම් අඟලක්ම පිටරටට විකුණන්නේ නැතිව හිටියා නම් ඔය ජනමත විචාරන ඕනේ නැහැනේ...

:       0       4

Rata Perata Wednesday, 19 May 2021 06:43 AM

අනේ කොරෝනා... ඔබ කොහිද? කරුණාකර බුද්ධිමත්ව අවශ්‍ය මිනිසුන් හොයාගන්න. ඔයකින් වටවුණු මාලිගාවක් තියෙනවා. ගිහින් බලන්න.

:       0       4

wedage Thursday, 20 May 2021 05:09 AM

මොනවද අප්පා මේ වෙන්නේ...? කොමිස් ගහන, හොරකම් කරන වැඩද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2054 19

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 2953 14

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3291 8

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2291 14

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 280 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1223 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1879 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site