
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ලක්ෂ නවයක් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ගෙන්වා ගැනීම සඳහා රජයේ බලධාරීන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවත් ලබන ජූලි මාසය වන විට එන්නත් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ 260,915දෙනකුට ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නතේ පළමු මාත්‍රාව ද, ඉන් 9,826 දෙනකුට දෙවැනි මාත්‍රාව ද ලබාදී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ 174,563 දෙනකුට ‘සයිනොෆාම්’ එන්නත පළමු මාත්‍රාව ලබාදී ඇති බවත් අමාත්‍යවරයා කීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන 20 ක් මේ වන විට සම්පූර්ණයෙන් ද, ගම්මාන 10 ක් අර්ධ වශයෙන් ද, හුදකලා කර ඇතැයි කී අමාත්‍යවරයා පැවසුවේ එන්නත්කරණ කටයුතුවලට සහාය දක්වන ලෙස පළාත් පාලන ප්‍රධානීන්ට ද තමන් උපදෙස් දුන් බවයි.
ගම්පහ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (18 වැනිදා) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය.
“අප්‍රේල් 17 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් අසාදිතයන් 9289 ක් හමුවී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධනයන වන පවුල් 18,228 කට රුපියල් 5000 බැගින් වන භාණ්ඩ මලු දෙක බැගින් ලබාදී තිබෙනවා. ඒ සඳහා රුපියල් කෝටි නවයකට අධික මුදලක් වැය කරලා තියෙනවා. සංචරණ සීමා දැඩිව පවතින කාලසීමාව තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා බලපත්‍ර 177 ක් නිකුත් කර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ගෙන් සියයට අසූවකට පමණ කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දුන්නා. සෙසු අයට ද කඩිනමින් එන්නත ලබාදීමට අපේක්ෂා කරනවා. ඉදිරියේ දිවයිනට ලැබෙන එන්නත්වලින් ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස මම ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිනියගෙන් ඉල්ලීමක් කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මිනිසුන් රවට්ටන්න ද උත්සාහය? පිටරටින් කෝවිඩ් ගෙනත් ගෙනත්, රටේ මිනිස්සු නැති කලා.
රටම විනාශ කරලා ජනතාව අනතුරේ දාලා මෝඩ කතා තවත් කියනවා.
මෝඩ මිනිසුන්... තමන් හැම දේම දන්නවා කියලා හිතන් ඉන්න පාලකයින් ඉන්න රටක් මේක...
හලෝ ප්‍රසන්න, අප්‍රසන්න වැඩ කරන්න එපා. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යන්න එපා. ගුවන්සේවා ඇමති ඒ වැඩ ගැන කතාකරනවා මිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ ගැන කට දමන්න එපා. ඔහේ කියන ඒවා කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ. ඔය එනවා කියන බෙහෙත් ටිකෙන් කොටසක් හොර කඩේට විකුණාගන්නද දන්නේ නැහැ මෙයා ලැහැස්තිවෙන්නේ... ඒ වගේ හොර කපටි ඇට්ටර වැඩවලට නම්දරාපු අය...
යුක්රේන්වලින් වෙන්නැති...
මේ යෝධයා කප්පම් ගත්ත විදිහට ඕකෙනුත් සම්තින් එකක් කරයි..
නොදන්නා දේවල් කතා නොකර හිටියොත් තමයි හොඳ
එනවා... එනවා විතරයි. ඊට පස්සේ ඒවා මකබෑවෙනවද?
එන්නත ගන්න දැන් මාසයකටත් වැඩි කාලයක් සිට සාකච්චා කරනවා නේද.?
සංචාරක ඇමැති... කෝ සංචාරකයෝ? දැන් එන්නත් ඇමැතිද?