
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත් බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය ඉටුකිරීමට නොහැකි වූ බවත් එයට සමහර වැරදි තීන්දුත් හේතු වූයේ යැයි පිළිගන්නා මෙන්ම වැරදුණු තැනත් හදුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවසීය.
‘කොවිඩ් සමඟ වැටුණු ආර්ථිකයක් සමඟ පාලන ආරම්භ කිරීමට සිදුවූ බව කී මහින්ද රාජපක්ෂ මහතා තමන්ට රටේ පාලන භාරගත්තේ අමාරු අවස්ථාවලදී බව ද සඳහන් කළේය.
එක අවස්ථාවක යුද්ධයක්, අනෙක් අවස්ථාවේ ආර්ථිකය පහළටම වැටිලා තිබුණ ද පස්සට නොයා පුළුවන් සාධාරණය රට වෙනුවෙන් ඉටු කිරීමට ඉදිරිපත් වූ බව කී හිටපු ජනාධිපවරයා පැවසුවේ එවැනි තීන්දු ගැනීමට සිය පක්‍ෂයට ශක්තිය ඇති බවත්ය.
බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කිරීමට යාම හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායමට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධාන කුමන්ත්‍රණ කළ බවත් ඒ අයට තම දේපලවලට පමණක් නොව අපේ ජීවිතවලට හානි කිරීමට අවශ්‍ය වූ බවත් රාජපක්‍ෂ මහතා කීය.
ජනතාව වෙනුවෙන් බලයට පත්වන්නා සේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමට හැකි දේශපාලන අත්දැකීම් පොදුජන පෙරමුණට ඇති බවත් එසේම ඕනැම මොහොතක කවුරුත් නොහිතන තරම් සංවිධාන ශක්තියකින් නැගිටීමටත් එම පක්‍ෂයට හැකි බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී අද (1) පැවැති මැයි රැළියේදී එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “අද මේ කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ආදරණීය වැඩකරණ ජනතාව මේ රටට ඉතා වැදගත් පණිවුඩයක් දෙනවා. ඒ තමයි රටේ පොදුජන අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය කියන අපේ බැඳීම ඔබ නැවත තහවුරු කර තිබෙනවා.
ඒ සඳහා ඔබට අපේ ආචාරය පළමුවෙන්ම පුද කරනවා. අපි දන්නවා 1995 වෙනකම්ම කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ විපතකදී පිහිටවෙන්න රජයේ මුදලක් වියදම් කරන ක්‍රමයක් තිබුණේ නැහැ. කම්කරු ඇමතිවරයා විදියට කම්කරු නායකයන් එක්ක කතා කරලා ඔබේ සුබසාධනය වෙනුවෙන් පළමු වතාවට එදා අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව තමයි ‘ශ්‍රම වාසනා’ අරමුදල බිහිවුණේ. අද වගේම එදත් අපේ දේශපාලන සටන් සියල්ල කම්කරුවන් එක්ක බැඳිලයි තිබුණේ. බොහෝ කම්කරු නායකයන් හොඳ මිත්‍රයන් ලෙස අපට ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලේ සිට මැයි දිනයට විතරක් නෙමෙයි අපි හැමදාමත් කම්කරුවගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔබේ සාධාරණ ඉල්ලීම් ගැන හොඳ වැටහීමකින් ප්‍රතිචාර ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. සමහරු අපව විවේචනය කරනවා.
ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට මතක ඇති අද වගේම 2004 දිත් ආණ්ඩු රිමෝට් එක අපේ අතේ තියෙන්නෙ කියලා කියපු අය හිටියා. අවසානයේ මොකද වුණේ ? ඒ අයම තමයි අපට බලයට එන්න උදව් කළේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වෙන්නෙ නැහැ. අපි අවශ්‍ය වෙලාවට ඔබත් එක්ක ඒ තීන්දුව ගන්නවා. අපේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. අපි ආර්ථිකය සැළසුම් කරන කර කම්කරු ජනතාවගේ අභිලාෂයන්ට ප්‍රමුඛ තැනක් දියයුතුයි. අපි කම්කරු ඇමතිකම ගත්ත දවසෙ ඉඳන්ම ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටුකර කළා. ඒ වගේමයි එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉඳලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැප කිරීම් කළා. වැඩබිමේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න අපේ සහෝදරයෝ ඒ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කියලයි අපි විශ්වාස කරනවා. එය තේරුම් ගෙන ආණ්ඩුව වැඩ කළ යුතුයි. අපි ඉතිහාසය පුරා වැඩකළේ ඒ විදියට. ඒ නිසා කම්කරු ජනතාව සමඟ අපි සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න විසඳගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දුන්නා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගන්න විට අපට මොනවද නොකිවුවේ. මේක අලුත් පක්ෂයක් කිවුවා. මේ වගේ පක්ෂවලට ඡන්ද දිනන්න බැහැ කිවුවා. හැබැයි ඒ හැමදේටම ඔබ උත්තර දුන්නා. ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් දීලා අපිව දිනෙව්වා.
මෑතක දී සිදුවුණු ඇතැම් වෘත්තීය ක්‍රියමාර්ග හේතුවෙන් අපේ සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා. ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් අපි තනිකරන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනවා. ඔබට ශක්තියක් වෙන්න අපට අදත් හැකියාව තියෙන බව මතක් කළ යුතුයි. නමුත් අපි දන්නවා සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කරන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන එක. ඒවට අපේ අය අහුවෙන්න හොඳ නැහැ. නැති ප්‍රශ්න ඇතිකරල කෙටි පාරවල්වලින් බලයට එන්න සමහරු කරන වැඩ රටේ පැත්ත හිතලා ගන්න තිරණ නොවන බව අපි කාටත් පැහැදිළියි. දැන් බලන්න ගෝල්ෆෙස් අරගලයේ හිටියෙ කවුද කියලා. රටම දන්නවා ඒ අය දැන් මොනවද කරන්නෙ කියලා. ජනතාවට මේවා ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕන දේවල් නෙමෙයි. හොරු හොරු කියලා ලේබල් අලවලා මඩ ගහලා, කොතරම් අවලාද නැගුවත් අපි දන්නවා අපි ජනතාව වෙනුවෙන් මොනවද කලේ කියලා. රට භාර ගන්න ආරාධනා කළාම පස්ස ගහලා, ඊට පසුව භාරගත්ත අයට විරුද්ධව කෑ ගහලා වැඩක් නැහැනේ.
එතනැදි තමයි මිනිස්සු තීරණය කරන්නෙ මේ කෑ ගහන අයගේ කැරැට්ටුව මොකද්ද කියලා. එක කට්ටියක් නම් 71 බැලුවත්, 88-89 බැලුවත් ඕකම තමයි කළේ. ප්‍රජාතන්ත්‍රවාදිව නොවන ක්‍රමවලින් බලය ගන්න ගියාම අවසානයේ මොකුත් ලැබෙන්නෙ නෑ. දැන් මේ විපක්‍ෂයට මාතෘකා නෑ. ඒ නිසා රටට හොඳ දේටත් විරුද්ධ වෙනවා. අපි සද්ද නොකර හිටියත් මේ අය කියන කතා අහලාම ජනතාව ඔවුන්ට විරුද්ධ වෙනවා. ඒ බව ඔලුවේ තියාගෙනයි අපි වැඩකරන්න ඕනේ. ඒ නිසා ඒ අයගේ රූකඩ නොවී හොඳ දේට හොද කියන්නත් නරක දේට නරකයි කියල විරුද්ධ වෙන්නත් අපේ වෘත්තිය සමිති නායකයන්ට ශක්තියක් තිබිය යුතුයි.
උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ගැටලුව තාම අවසන් නැහැ. විභාගය ලියපු දරුවෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ප්‍රශ්නය නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල්ගියා. ඒ දරුවොත් මේ නිසා ඉන්නේ පීඩනයකින්. ඊටත් වඩා පීඩනයකින් ඉන්නේ දෙමවුපියන්. ඒක වෘත්තීය සමිති සටනක් කීවට ඒක වෘත්තීය සමිති සටනක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි මේකට හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ.
ඔවුන්ට කරන්න දෙයක් නැතිව ඉන්නෙ. ඉතිහාසයේ කොතනකවත් දරුවන්ව ප්‍රාණ ඇපයට තියල සටන්කරල දිනාගත්ත ඉල්ලීමක් නැහැ. එහෙම දිනාගෙන වැඩක් නැහැ. අපි වෘත්තීය සටනක් කර මේ දේවලුත් හිතන්න ඕන. සැබෑ කම්කරු නායකයෝ සටන්කරන්නේ පටු දේශපාලන වාසි තකා නෙමෙයි. අපේ රටට නිදහස ලබා ගැනීමේ සටනේදී ඉදිරියෙන්ම හිටියෙත් කම්කරු නායකයින්. ඒ අය නිදහස් සටන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. එදා කම්කරු ව්‍යාපාරය තමයි රටේ නිදහස දිනා ගන්න සටනේ බලවේගය වුණේ. ඔබට මතක නම් ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ කවදාවත් කම්කරු සටන් රට අරාජික කරන්න මෙහෙයවුයේ නැහැ. එයාල සටන් කළේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒත් අද මේ සිද්ධ වෙන්නේ මොනවද?
බලය ගන්න කලින් හිට්ලර් කෙනෙක් බලය ගන්නවා කියලා ජනතාව කුපිත කරවපු අය අවසානේ කිවුවේ මොකක්ද ? එදා ඒ කියපු කතාව ඇත්තක් නොවුණ නිසයි රට ලේ විලක් නොවී බේරුණේ.
පහුගිය කාලේ නම් අපි බොහෝ අත්දැකීම් විඳගත්තා. මිනිස්සු හඳුන ගත්තා. අපට දැන් තිබෙන්නෙ රට ශක්තිමත් කරගන්න අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන්න. ඊයේ මෙන්ම, අදත්, හෙටත් අපි විශ්වාස කරන්නෙ වැඩබිමේ දහඩිය හෙළන වැඩකරණ ජනතාවට මේ රට වෙනුවෙන් විශාල වගකීමක් තිබෙන බවයි. වැඩබිම ශක්තිමත් වෙන තරමට තමයි රට ශක්තිමත් වෙන්නෙ. අභියෝග බිඳගෙන රට දිනවන අභිලාෂය ජයගන්වන්න එක්වෙන්නයි සමස්ත කම්කරු ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, නිවාස සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන මහතා, ඩබ්ලිව්.ඩී වීරසිංහ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද රැළිය ඇමතූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, දිළුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, විමලවීර දිසානායක, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, කනක හේරත්, රෝහන දිසානායක, පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ ජයන්ත කැටගොඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් රැළියට එක්ව සිටියහ.
COMMENTS
අපේ ලස්සන රට හොරාකාපු නොසන්ඩාල මිනීමරු හොර ගස්බල්ලා, තෝ මකබාවෙලා පලයන් .
මහින්ද මහත්තයා ඔය අපුරුවට ඉන්නේ. හොඳ කතාවක් එහෙම කරලා තියෙන්නේ. කව්ද කියනවා ඇහුන මහින්ද මහත්තයට දැන් අමතක වෙනවා. සනීප නෑ කියලා. මේ මිනිස්සු කියන බොරු. ඔබතුමාට දීර්ගායු වේවා.
නුඹලා වැරැදි තේරුම් ගන්න සැරයක් ගානේ අපේ රටේ හරක් රැවටිලා ඡන්දෙ දෙනවා. 2015 දීත් පැරදුණු වෙලාවේ කිව්වා අපිට වැරදුණා ආයේ වරදින්නේ නැහැ කියලා. 2019 බලය අරගෙන රටටම කෙලවලා දැන් ආයෙත් කියනවා අපිට වැරදුණා වැරදුණු තැන් තේරෙනවා කියලා. නුඹලාට වැරැදුණාම කෙලවෙන්නේ අපිටයි, අපේ දරු පරපුරටයි. වැරැදි කරගන්නයි, හදා ගන්නයි ගෙදරට වෙලා කරගනිල්ලා. අපිට කෙලවන්නේ නැතිව. මේ රටේ ජනතාව විඳවන සුසුම් හෙලන වාරයක් ගානේ සනුහරේටම සාපවේවා.
මේ පවුල් හැතිකරේම රටත් විනාශ කළා... රටේ ධනයත් හූරන් කෑවා.
අනේ ඔව්, අපි රැවටුණා... නිවන් සුව.
අපි දැක්ක 9 වැනිදා බලය අත ඇරපු විදිහ මුළු රටම මළ ගෙයක් කරලා. කලිනුත් ඔහොම තමයි කිව්වෙ. " සමහර තැන් වල වැරදුණා " බබා.
ඔවු රාජපක්ෂ පවුල් පිටිං එකතුවෙලා රටයි ජනතාවයි හොරා කාපු එකමනෙ කලේ. කරපු හොරා කෑම් වලට හෙනම ගහන්ඩ ඕනි..
බාගෙන. කන වල ඉහගෙන නෙමේ කෑවේ වවාගෙන. මිනිහට. වැරද්ද පේන්නෙ නැත්තෙ බලයෙන් හිස උදුම්මගෙන ඉන්න නිසා. නමුත් තමුන්ගෙ ගැහැනියට තිබුනා. මේ රට විනාස කෙරුවේ. නාකිමයිනයි. මයිනාගෙ ගෑනියි. පින්ගුත්තර පුත්තු තුන්දෙනයි. මහ බැන්කුවේ මුදල් හොරකම් කරලා. පින්ගුත්ත්‍රයින්ට. ගැනු. අරන් දුන්නා. ඉට ප්ස්සෙ ඒ ගැනුන්ගෙ. පවුලේ උන්ට. රටේ ආයතන දෙපල බෙදලා දුන්නා. මයිනගෙ ගැනිගේ පවුලේ උන්ට. කපුටාගෙ පවුලෙ උන්ට. ගොටා ගේ උන්ට. මේ සේරටම. රටේ මුදල් බෙදුවේ. මයිනගේ දෙපල වගේ. නාකියා රට හොරා කාලා තවත් ලැජ්ජ නැතිව මූ උත්තර දෙන්න ඇවිත්. පත්තරේට. උබගෙ. දෙමව්පියන්ගෙ සොහොනට ඔක්සිජන් දිලා ඒ දෙන්නව නැගිට්ටපන්. මේ වගෙ මලපෙරෙත රෑනක් බෝ කෙරුවෙ කොහොමද කියලා දැනගන්න. මයිනා ඔලුවට කරඩුව නෙමෙ තියන්න ඕන. රත් කරපු තෙල් තාච්චියක්. උබගෙ සොහොනට හෙන ගැහුවේ නැත්නම් ලෝක පුදුමයක්. උබ මැරුන දවසට ප්‍රබාකරන් මැරුනට වැඩිය සතුටක් මිනිසුන්ට දැනෙයි. කොයි තරම් හොරම්කම් කෙරුවත්. පවුලේ එකෙක් ඉන්නවද උගත් කම් තියෙන එකෙක්. උගත් කමක් තිබුනනම් මේ විදියට හොරකම් කරන්නෙ නැහැ. මයිනගෙ. මුනුබුරොත් කවද හරිලෝක හොරු. ඔය පරම්පරාවට. මේ චන්දෙන් පස්සෙ හෙනහට්ග වැදිලා. හිරගෙදර කුරුගනන් කරන්න ලැස්ති වෙලා ඉදපන්. ගද ස්ක්කිලියා
ඔබ කල සේවය අපටනම් අමතක නෑ......සඅමහර අවතවාදීන්ට නම් අමතකයි.... යුධදය ඉවර කර....රට දියුනුකර.....89 කොල්ලො කෙල්ලන්ගෙ ජීවිත බෙර ගත්ත...... ඒත් අද ගරහනව.....අපි දන්නව ඔබ සැලෙන්නෙ නැති බව......දවසක ඔඋන්ට සත්‍ය තේරේවි .. එතකොට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්......අපි දන්නව බල්ලො උඩු බිරුවට කදු පාත් වෙන්නෙ නෑ කියල.......
අපේ ලස්සන රට හොරාකාපු නොසණ්ඩාල මිනීමරු හොරුන් මකබෑවිලාම යන්න ඕනේ...!
මඉන්ද මාතියාට බනින්න එපා !
නිවන්සුව !
සක්කිලියා කියන්නේ කක්කුස්සි හෝදන එකට නෙවෙයි. කක්කුසි් ගති ලක්ෂන ඔලුවේ තියෙන එවුන්ට. එවුන් තමා වෛරෙන් ක්‍රෝධයෙන් අනික් අයට අපහාස කරන්නේ. ජාතකතේ බලපානවා.
අපේ ලස්සන රට හොරාකාපු නොසණ්ඩාල මිනීමරු හොරුන් මකබෑවිලාම යන්න ඕනේ...!
රට අරාජිකත්වයට පත් කරපු බලු රාජපක්ෂ මුළු පවුලටම ............ වැදියන් !!!
අලි බබා සහ හොරු 40 ...
ඔව්. සමාජ අසාධාරණය දීර්ඝය.
පෙර වැරදි වලට දෙවියන් වහන්සේ සමාව දෙනවා කිවුවට ,මිනිස්සුවත් ,කාදිනල් උන්නාන්සේ වත් සමාව දෙන්නේ නැහැ .ඒක නිසා අඬලා වැලපිලා වැඩක් නැහැ
ගෞරවාන් විදියට දේශපාලනයෙන් සමුගැනීමට සෞවර්ණමය අවස්ථාවක් තිබියදී අසීමත බල තන්හාව නිසා ඔවුත් , රටත් , දරුණු ප්‍රපාතයකට ඇද දැමූ නායකයා , තවත් නිර්ලජ්ජිතව බල තන්හාවෙන් පෙලන සැටි , ඊට නොදෙවැනිව ජනතාවක් ඔහුට රැවටුනේය
තව මොනවද ඉතුරැ වෙලා තියෙන්නෙ හොරා කන්න නැතුව නින්ද යන්නෙත් නැහැනෙ ලංකාවෙ පලවෙනි කෝටිපතිය පුතාල රොකටි යැවිව රේස් පැද්ද හමුදාවෙ කොල්ලො මරවලා වැඩ ගත්ත එවිවට ස්භාධර්මය දඩුවමි දෙනව ඔචිචර වයසට ගිහින් තවත් එනව හොරා කන්න මදිද දැන් වයසයි නේද අහිංසක මිනිස්සු එදාවෙිල කන්න නැතුව දුක් විදිනව තොපි රටෙි දේපල හොරකමි කරල රජ සැප විදිනව හෙනම ගහපියවි සක්කිලි හැත්ත
අනේ, පවු නොදී ඉන්නකෝ..!
කරපුවා හොඳටම ඇති...
ආපහු පොල් පැලේට කුරුමානම් අල්ලනවා වගේ
සොරුන්ගේ රජ
මහත්මයාණෙනි, ඔබ එදා ගුවන් යානයේ බිමටබැස පොලොව අල්ලා කල නමස කාරය මට අදත් මැවී පෙනෙනවා . නමුත් ඔබ ඒ ගෞරවය සම්පුරනයේම නැතිකරගත්තා . වෙන රටවල එවැනි නායකයින් තනතුරින් අයින්වෙලා අදත් මුළු ජාතියේම ගෞරවය ලබනවා. නමුත් ඔබ බල තණ්හාවෙන්, පවුල් බලය තකිරීමේ චේතනාවෙන් තවමත් මිනිසුන්ගෙන් නින්ද අපහස වලට ලක් වෙමින් තනතුර බදාගෙන ඉන්න හදනවා. හරිම කණගාටුයි .
මේ මහින්ද දැන් නම් මැරෙන්ඩ ඔනෙ
පුළුවන් නම් නැවත ඇවිත් අපිව තව ටිකක් කන්න.
පවුලේ අයට, නැදෑයින්ට, හෙංචයියලාට, ගැත්තන්ට සාධාරණය ඉහළින්ම ඉටුකළා..
බයවෙන්න එපා... අර රනිල් අවුරුදු දෙකක් වැල්ලේ ඔලුව ගහගෙන උන්නා වගේ ඉන්න. එතකොට ජනතාවට අමතක වෙනවා. ඔය ප්‍රකාශ නිකුත් කරනවා වගේ අනම් මනම් වැඩවලට ගියොත් මතකය ආයෙත් අලුත් වෙනවා.. පිටිපස්ස එළියේ තිබුණට ඔලුව වැල්ලේ හංගගත්තාම මිනිස්සුන්ට අඳුනන්න බැහැ.
පුළුවන් නම් හොඳටම සාධාරණේ කරගත්තද? නඩුටික අයින් කර ගත්තද? තව තව හොරා කෑවා.., පවුල ගොඩ... රට වලපල්ලේ... !
ඒ වුණාට ඇතිවෙන රටේ හැම දෙයක්ම හොරාකාලා පවුලේ අයව ගොඩදාගත්ත කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නැතිව... වහල්ලු, ගොබ්බයෝ වුණාට අනිත් අය එහෙම නෑ.
සාධාරණය කර ගත්තේ ඔයාගේ පවුලටනේ... මෙහි පළවන සෑම පෝස්ටුවක්ම එයාට දකින්න සලස්වන්න...!
rip
තොටත් තොගේ මුලු පවුලට මත් සාපවේවා.
මේ ලිපිය ඕනෑනම් තියලා පින්තූරය අයින් කරන්න පුළුවන්ද? මුහුණ දැක්කම දවසම ඉවරයි. කිසිම වගතුවක් නැහැ.
ආයුබෝවන් මහරජාණෙනි ................ කියන උන් ඉන්නකන් උබත් උබේ පවුලේ හැම එකාමත් දිනුම්... උබටත් උබේ පවුලේ උපදින එවුන්ට පවා මිනිස්සු ශාප කරනවා. මොනවගෙන් බේරුනත් උබලට කර්මයෙන් බේරෙන්න බැහැ.
ලබන ආත්මයට සුදානම් වෙන්නයි තියෙන්නේ..!!!