IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මම දකින නායකයා සජිත් ප්‍රේමදාස

(අශන්ති වරුණසුරිය)

තමන් දකින එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් මාලිමාව බිල්ලෙක් මවා පැමිණ සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසුවේය. තමන්ගේ දේශපාලන ගමන ජනතාව දෙන තීන්දුවට අනුව තීරණය කරන බවද පැවසූ ඔහු තමන්ගේ ඉදිරි දේශපාලන ගමන ගැනද මෙසේ අදහස් දැක්විය. 

දේශපාලනය එපා වෙලා ගිය ඔබට නැවත දේශපාලනය ඕන වුණේ ඇයි ?
ඕන වුණේ නැහැ. මම එදා පොරොන්දුවක් දුන්නා පරාජය වුණොත් ඉවත් වෙලා යනවා කියලා. මගේ වචනෙට ගරු කරලා මම ගියා. දේශපාලනයයට නැවත පැමිණියේ ජනතාවගේ වුවමනාව මත. 

මම ඉල්ලුම් පත්‍රයක්වත් දාලා නෙමෙයි දේශපාලනයට අවතීර්ණ වුණෙත්. 2004දී පළමු වරට මගේ නම දාලා තිබ්බේ බලෙන්. ඊට පස්සේ බැදුම්කර ප්‍රශ්නයක් අල්ලගෙන් මට මාධ්‍ය වලින් ගැහුවා. ඉතිං ජනතාව මාව ගෙදර ඇරියා.

අද නැවත රාජපක්ෂ කෙනෙක් බිහි වෙන්න යනවා. කබලෙන් ලිපට වැටෙන්න බැහැ. මේ මැතිවරණයට පමණයි මම සම්බන්ඳ වෙලා ඉන්නේ. ජනතාවගේ ඉල්ලීම අනුවයි මම මෙලෙස නැවත දැනුවත් කිරීමට පැමිණියේ. ජනතාව ඉන්න කිවුවොත් ඉන්නවා නැත්නම් යනවා.

නිහඬව සිටි කාලයේදී කලකිරීමක් ඇති වුණාද ?
නැහැ. අපි වගේ තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. එවැනි දේවල් වලට කලකිරීමක් තිබ්බා.

ඒ කියන්නේ පක්‍ෂය ඇතුලෙන්මයි කැපිල්ලක් තිබ්බේ ?
අපි උඩට නගිනකොට පොඩි ළමයි වගේ එයාලා හැසිරුණේ. 

ඔබ දකින නායකයා කවුද ?
සජිත් ප්‍රේමදාස. වයස 55යි. ඔහු සීමිත කාලය තුල ඔහු ගෙවල් හදපු හැටි මම දැක්කා  

නමුත් ඔහුගේ පෞරුෂය විවේචනයට ලක් වෙනවා ?
පෞරුෂයට වඩා සන්නිවේදනය අඩු බවක් තියෙන්නේ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හොඳින් කතා කිරීම. කතා කරන්න පුළුවන් මිනිස්සු වැඩ කාරයෝ නෙමෙයි. සජිත් බොරු කරන්නේ නැහැ. හොඳ නුවණක් තියෙනවා. බොරුවට ළමයි වඩා ගන්නේ නැහැ. 

පසුගිය දා අරගලය දියත් වුණා. 225ම එපා කිවුවා. ඔබලා ප්‍රතික්ෂේප වෙලා නේද ?
නැහැ. හදන්න පුළුවන්. දැන් පරාද වුණා කියලා ක්‍රිකට් ටීම් එකම ඉවත් කරලා හරි යනවා ද ? අත්දැකීම් ඇති මිනිස්සු තෝරාගෙන ඒ මිනිස්සුන්ගෙන් මේක හදන්න ඕන. වියත් මඟ ගෙනාවා කියලා මේක කරන්න පුළුවන් වුණාද ? එළියේ ඉදන් කියන්න පුළුවන්. අත්දැකීම් නැතුව කරන්න බැහැ. 225ම එපා කියලා දැන් ඒ පිරිස ඇතුලේ ඉන්නවා. උනුත් එකයි මුනුත් එකයි ගොඩට අපිව දාන්න එපා.

පුංචි ජන්දේ දිනන සටන කොතනද ?
මම හිතන්නේ මම එන්න ටිකක් පරක්කුයි. නමුත් දිනන වැඩ පිළිවෙළ කරගෙන යනවා. 

ගමට යන්න පුළුවන් ද ?
අපිට යන්න පුළුවන්. ආදරෙන් කතා කරනවා. අපිට යන්න පුළුවන් පොහොට්ටුවට නම් යන්නම බැහැ.

බිම් මට්ටමේ ජනතාවගේ රැල්ල ජවිපෙ වෙලා නේද ?
ජවිපෙ බිල්ලෙක් මවාගෙන එනවා. අපි ප්‍රතිපත්ති කවදාවත් මාරු කරලා නැහැ. ජවිපෙ පුද්ගලික විශ්ව විද්‍යාල වගේ තව බොහෝ කරුණු සම්බන්දයෙන් ඒවා හොඳයි, එහෙමත් නැහැ වගේ දෙබිඩි පිළිවෙතක ඉන්නේ. උත්තර දෙන්නේ නැතුව ගොඩක් දේවල් මඟ අරිනවා. හරියට රට දියුණු කරන විදිය සහ එයාලගේ ප්‍රතිපත්ති දෙන්න කියන්නකෝ. අනුර කුමාර  මේක කරන්නේ කැට දාලද ? කොහොම වුණත් මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ. ඒ නිසා කොහාට හරි යන්න හොයනවා.

ඉතින් ඒ සෙවිල්ලෙන් මාලිමාවට සොයා ගනියි කියලා හිතෙන්නේ නැත්ද ?
ඒක පොඩ්ඩක් එහෙම නැඹුරු වෙන නිසා තමයි. ඒ නිසයි මම ආවේ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්න දෙන්න බැහැ. තව වැටුණොත් අපිට යන්න තැනකුත් නැහැ. රනිල් වික්‍රමසිංහට අත්දැකීම් තියෙන නිසා මේක කොහොම හරි අඹරවාගෙන ඉන්නවා. 

ඔබලාගේ රට කරවන වැඩ පිළිවෙල මොකද්ද ?
අපි පෙන්නපු ඒවා කරලා තියෙනවා. හැම ශේෂ්ත්‍රයකටම වැඩ පිළිවෙලක් තියෙනවා. අපි සේරම කරගෙන එනකොට සහරාන්ලගේ ප්‍රහාරය එල්ල වුණා. අපි එන්නේ කෑදරකමින් හම්බ කරන්න නෙමෙයි 

පොහොට්ටුවේ රැල්ලක් නැවත එයි කියලා හිතෙන්නේ නැත්ද ?
තව අවුරුදු 10කින් විතර එයි. ඊට කළින් හොරු අල්ලලා දඬුවම් දෙන්න ඕන. ඉතිං මේ රට හදන්න ජනතාව අවස්ථාවක් දෙයි කියලා හිතනවා. 

ඔබේ දේශපාලන ගමන මෙතැනින් කොතැනට ද ?
ජනතාවට බාරයි.  ජනතාව හිතනවා නම් මම ඉන්නම ඕන නායකයෙක් කියලා මම මගේ සතුට පැත්තකින් තියලා ලෝකේ අමාරුම රස්සාව දේශපාලනය කරනවා.



අදහස් (1)

මම දකින නායකයා සජිත් ප්‍රේමදාස

Kumara Saturday, 04 March 2023 05:02 PM

ඔයා දැක්කට අපිට පේන්නේ නැහැ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 855 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site