IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘මම මහින්දට රට බාර දෙනකොට මුදල් ඕන තරම් තිබුණා‘‘

(බන්දු තඹවිට)

‘අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ. ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන.‘ 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ පැවසුවේ නව ලංකා නිදහස් පක්‍ෂයේ මතුගම පැවති රැස්වීමේදීය.

මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවතී මෙම රැස්වීම කළුතර දිස්ත්‍රික්කයේ නව ලංකා නිදහස් පක්‍ෂයේ මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා විසින් සංවිධානය කර තිබුණි
.
එහිදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේද පැවසීය.

‘අද නවීන ලෝකෙට හරියන අධ්‍යාපනයක් දෙන්න ඕනේ.  හොද රැකියාවල් කරන්න පුළුවන් වෙන්න නවීන ලෝකේ අභියෝගයන්ට මුහුණ දෙන්න විද්‍යාව ,තාක්ෂණය, තොරතුරු තාක්ෂණය උගන්වන්න ඕනා. අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ.රට බංකොලොත් වුනු තත්වයකදී  රට හදන්නේ කොහොමද?
 
ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන. සම්පුර්ණයෙන් කඩාගෙන වැටුණු අධ්‍යාපනයක් තිබෙන්නේ.
අද අපේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ සහ ඛේදජනක තත්වයකට පත්වී තිබෙන අවස්ථාවක්. අද මේ ආණ්ඩුවම කියනවා ඒගොල්ලෝ බංකොලොත් කියලා.ආණ්ඩුව බංකොලොත් කියන්නේ මුළු රටම බංකොලොත්.පඩි ගෙවන්න මුදල් නැහැ. මේ දවස්වල  මහා භාණ්ඩාගාරය ඊළඟ මාසේ පඩි ගෙවන්නේ කොහොමද කියලා සතෙන් සතේ ගණන් කරනවාලු. වෙන කිසි වැඩක් කරන්න මුදල් නැහැ. ප්‍රාදේශීය සභා , නගර සභා වේලෙනවා.ග්‍රාමීය සංවර්ධනයට මුදල් නැහැ.  රාජපක්ෂ ආණ්ඩුවලින් ණය අරගෙන අරගෙන ගෙවාගන්න බැරුව විලි ලැජ්ජාවන ආකාරයට ලෝකය හැමතැනම දණින් වැටීගෙන රටේ ජනාධිපතිලා,අගමැතිලා ,පොල්කට්ට අරන් හැමතැනම බඩගානවාලු. 

මහා උතුම් ඉතිහාසයක් තියාගෙන ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් තිබුන ලංකාවේ අපි,මටනම් විලිලජ්ජාවේ බෑ. අපි පුංචි වුණත් අපි ආණ්ඩු කරපු කාලේ ,මැතිනියගේ කාලේ ,ඩී.එස්.සේනානායක මැතිතුමාලගේ ආණ්ඩු කාලේ බොහොම ආඩම්බරයෙන් අපි ලෝකයා ඉදිරියේ නැගී සිටියේ.
 
පුංචි රටක් වුනාට අපි ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන වල නායකත්වය ගත්තා. අපේ නායක නායිකාවන් ,අපේ රටේ වෙනත් නිලධාරීන් ,අද හිඟන්නෝ වෙලා. කොහොමට මේක වුනේ. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුව බාරදෙනකොට රටේ භාණ්ඩාගාරයේ හොඳට මුදල් තිබුනා. රුපියල් තිබුනා හොඳට ,විදේශ විනිමය තිබුනා. ඒ යුද්ධයත් කර කර. ගමේ අවුරුදු එකොළහේම යුද්ධෙට මහා මුදලක් වය කරලා ප්‍රහාරක යානාවල්, ඈතට වෙඩි තියන්න පුළුවන් තුවක්කු, කාල තුවක්කු  වියදම් කරලා ගෙනල්ලා ,රටත් සංවර්ධනය කරලා ,රටේ මුළු රාජ්‍ය සේවයේ සියලු දෙනාගේම පඩි පස් ගුණයකින් වැඩි කෙරුවා. මුලින් තුන් ගුණයකින් වැඩිකෙරුවා. මම ගෙදර යන්න පෙර දෙගුණයකින් වැඩි කෙරුවා සියලුම රජයේ සේවකයන්ගේ. අලුතෙන් රැකියාවල් දුන්නා ලක්‍ෂ එකොළහකට. 

අධිවේගී මාර්ග ආරම්භ කෙරුවේ ,මුදල් දුන්නේ මගේ ආණ්ඩුවෙන්. මගේ නම තිබුන බෝඩ් ලෑලි රාජපක්ෂ ගලවලා විසිකරලා එයාගේ නම ගහලා උඩ පැනපැන මේවා මමයි කෙරුවේ කියලා විවෘත කළා. හැබැයි ඒ ඔක්කොම අපි හොයපු මුදල්. අපේ නිර්මාණ ,අපේ සැලසුම්. රටේ විශාල සංවර්ධනයක් ඇති කෙරුවා යුද්දේ කර කර.
 
එහෙම දීලා ගිය රට අද කොහොමට මෙහෙම වෙලා තියෙන්නේ. හොරා කාලා. මංකොල්ල කාලා.මහා දවල් මංකොල්ල කාලා.රාජපක්ෂ පවුල මහ දවල් මංකොල්ල කාලා. ඉවරයක් නැතිව නිමාවක් නැතිව සොරකම් කළා. ටිකක් නෙමෙයි හැම ව්‍යාපෘතියකින්ම හොරකම් කෙරුවා. මගේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත ව්‍යාපෘතියක්  වන නොරිච්චෝලේ බලාගාරය අපි කරන්න හදපු විදිහට කෙරුවා නම් අද ලයිට් කපන්න ඕනා වෙන්නේ නැහැ. දකුණු අධිවේගී මාර්ගය ,කටුනායක අධිවේගී මාර්ගය ,නෙලුම් පොකුණ කියන එක ,ඒ ඔක්කොම මගේ ආණ්ඩුව කාලේ පටන් ගත්තේ. අපි දුන්න ටෙන්ඩර් කැන්සල් කරලා ,කොන්ත්‍රාත් කැන්සල් කරලා අපි දුන්න ගාන වගේ දෙගුණයකට ආපහු දුන්නා. වැඩිපුර දුන්න ගාන තමාගේ සාක්කුවේ. මම ගෙදර යන්න පෙර ආරම්භ කල ඔය ව්‍යාපෘති හයෙන් විතරක් රාජපක්ෂලා ගත්ත හොර මුදල රුපියල් බිලියන 15 ක් බවට අපි ගණන් බැලුවා. ඒ කියන්නේ කෝටි 1500 යි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියන එකට ඉරිසියාවේ පැලෙනවා. ඒ නිසා රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හැදුවා අද වෙනතෙක් එක ප්ලේන් එකක්වත් ගිහින් නැහැ. ඊළඟට වරායක් හැදුවා. නැව් යන්න බැහැ. ගල් තිබෙනවා. මේ හැම එකකින්ම ඒගොල්ලෝ හොඳට පොහොසත් වුනා. අන්න එනිසයි අද රට නැත්තටම නැතිවෙලා බංකොලොත් වෙලා තියෙන්නේ.

 ඒ වෙලාවේ හිටපු ජනාධිපති තමාගේ කටින්ම කියනවා රජයේ සේවකයන්ට ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ,කැබිනට් ඇමතිවරුන්ට තමුසෙලා ඕනේ තරම් හොරකම් කරපල්ලා අහුවෙන්න විතරක් එපා කියලා. අර ගෑණි වගේ මම ඇඟිලි ගහන්න එන්නේ නැහැ. කවුද ගෑණි .මමයි. මම ඇඟිලි ගැහුවා තමයි. හොරකම් කරන්න ඉඩ නොදුන්න නිසා තමයි අපිට ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වුනේ.ඔය මහා ව්‍යාපෘති ගොඩක් කරන්න පුළුවන් වුනේ. යුද්දෙට අවි ආයුද ගෙන්න පුළුවන් වුනේ. මම ගෙදර යන්න ඉස්සෙල්ලා යුද්දෙන් තුන්කාලක් දිනලා දුන්නේ හොරකම නවත්තපු නිසා. එහෙම හොරකම් කලාම ආර්ථිකය බංකොලොත් වීම විතරක් නෙමෙයි මුලු සමාජයම සම්පුර්ණයෙන්ම මානසිකව කඩාගෙන වැටෙනවා. රට ගැන හිතන්න ඕනේ මහා අපි හැදුනොත් ඇති. මම විතරයි රට නෙමෙයි. මේ තරම් උතුම් ගතිගුණ තිබුන සමාජය ජරාජීර්ණ වෙලා. 

දෙමාපියන්ට සලකන ,නෑදෑ මිත්‍රයන්ට සලකන ,ගමේ අසල්වැසියන්ට සලකන ,උතුම් ගතිගුණ නැතිවෙලා අද මොකාට මොක උනත් කමක් නැහැ මම විතරක් හැදුනොත් ,අනිත් එකා මරාගෙන හැදුනත් කමක් නැහැ බොහොම හොඳයි. සමාජ සංස්ථාව සම්පුර්ණයෙන් ගරා වැටිලා. 

මේකට කරන්න තිබෙන්නේ එකම එක දෙයයි . දෙමාපියන්ගේ සහ දරුවන්ගේ හිත වෙනස් කරන්න ඕනේ. හොඳ හැදියාවක් දරුවන්ට පුරුදු කරන්න ඕනේ. එයාලා තමයි රට බාරගන්න ඉන්නේ. ඒ වගේම අද නවීන ලෝකෙට හරියන අධ්‍යාපනයක් දෙන්න ඕනේ. හොද රැකියාවල් කරන්න පුළුවන් වෙන්න නවීන ලෝකේ අභියෝගයන්ට මුහුණ දෙන්න විද්‍යාව ,තාක්ෂණය, තොරතුරු තාක්ෂණය උගන්වන්න ඕනා. අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ.රට බංකොලොත් වුනු තත්වයකදී  රට හදන්නේ කොහොමද. 

ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන. සම්පුර්ණයෙන් කඩාගෙන වැටුණු අධ්‍යාපනයක් තිබෙන්නේ. මගේ ආණ්ඩුව කාලේ මම යුද්ධයක් කරකර ,ආර්ථික යුද්ධයක් කර කර ,මගේ වේලාවෙන් විශාල ප්‍රමාණයක් මම ගත කෙරුවා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට. අති සාර්ථක වැඩපිළිවෙලක් හදලා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළා. 

මුළු ලෝකයම අපිට ප්‍රසංශා කළා. තුන්වෙනි ලෝකේ රටක් විදිහට අපට ප්‍රශංසා ලැබුනා. තුන්වන ලෝකෙට අයත්ව තිබුණු රටවල් 150 න් සාර්ථකම අධ්‍යාපන වැඩපිළිවෙලක් හැදුවේ අපේ ආණ්ඩුව කාලෙයි. ඒකට අපිට ප්‍රශංසා ලැබුනා. මහින්ද ආපුගමන් ඒ ගෑණිට පිස්සු කියලා අපි හදපු ක්‍රම සහ විධි සියල්ලම නැවැත්තුවා. ගුරුවරුන්ට ඕනේ විදිහට ආයේ නටන්න දුන්නා. ඒ මදිවට අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන නියෝජය ඇමති කෙරුවේ ටියුෂන් කාරයෝ දෙන්නෙක්ව. මුළු මහත් අධ්‍යාපනයම ටියුෂන් මගඩියක් බවට පත්වුනා. අද ටියුෂන් මාෆියාව තමයි ලංකාවේ අධ්‍යාපනය කරන්නේ. පාසල් වල උගන්වන්නේ නැතිව ළමයින්ට කියනවා ටියුෂන් යන්න කියලා. අනේ ඉතින් දෙමව්පියෝ ණයවෙවී තිබෙන ඒවා උගස් කර කර ,පුලුවන්නම් හොරකම් කර කර ළමයින්ව ටියුෂන් පන්ති වලට යවනවා. රජය දස කෝටී ගණන් වැය කරනවා ගුරුවරුන්ට ,විදුහල්පති වරුන්ට ගෙවන්න අනිකුත් දේවල් අධ්‍යාපනයට ලබාදෙන්න. මේක මහා විහිළුවක්. 

දැන් මේක ගොඩගන්නේ කොහොමද. අපිට පැහැදිලි සැලැස්මක් අවශ්‍යයි රට හදන්න. අරගලය ආරම්භ කෙරුවේ හොඳ තරුණ පිරිසක්. ඒ ගොල්ලෝ බැරිම තැන ගිහිල්ලා අරගලයක් කරලා 225 ම ගෙදර යවන්න ඕනේ.අපිට රැඩිකල් වෙනසක් අවශ්‍යයි කියලා ඒ අය සටනක් කළා.ඒ කියන්නේ අද රටේ තිබෙන ක්‍රමය ඔලිව උඩින් සිටවලා අනිත් පැත්ත ගහන්න ඕනේ නැත්නම් රට හදන්න බැහැ කියලා. හරියටම හරි.මෙම මම මීට අවුරුදු 3 කට පෙර කියපු දෙයක්. එහෙම කරන්නේ කොහොමද. උද සිට පහලට අපේ සමාජය කුණු වෙලා. රාජ්‍ය සේවයේ හොරකම් නොකරන කෙනෙක් සොයා ගන්න බොහොම අමාරුයි.එහෙම ඉන්නවානම් ඒ අය ළඟදීම බුදු වේවි.මහා එවුන් හොරකම් කරන කොට ඒ අයත් හොරකම් නොකර ඉන්නේ නැහැ.අපට පැහැදිලි සැලැස්මක් අවශ්‍යයි රට හදන්න.

හැබැයි අද වනතෙක් ජනතා විමුක්ති පෙරමුණ ගැන මම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණෙන් මමත් හොඳට බැට කාළා තියෙන්නේ. මගේ මහත්තයා විජයව මගේ ඇස් ඉදිරිපිට සහ මගේ දරුවන්ගේ ඇස් ඉදිරිපිට මැරුවේ ජනතා විමුක්ති පෙරමුණයි.මාවත් මරන්න හිටියා. මම යන්තන් දරුවෝ දෙන්නත් එක්ක එංගලන්තයට ගිහින් බේරුනා. ඒ නිසා ඒගොල්ලෝ ගැන මම හොඳට දන්නවා. මගේ යාලුවෝ වෙඩි තියලා මැරුවා සිය ගණනක්.

බුදුන් වහන්සේ කියපු විදිහට ඕනෙම මනුස්සයෙකුට වෙනස් වෙන්න පුළුවන් .මේ ගොල්ලෝ එසේ හැදිලද කියලා මම හරියට දන්නේ නැහැ.මටනම් ඒ ගැන සහතිකයක් නැහැ. ඒ ගොල්ලෝ ඔක්කොටම බනිනවා.ඒ ගොල්ලෝ විතරලු හොඳ, අනිත් ඔක්කොම වැරදිලු.එයාලා දූෂණයට විරුද්ධව කතා කලාට කිසිම විටක ඒගොල්ලෝ බලයට ආවොත් දූෂණය නවත්වන්නේ කොහොමද කියලා කිසිම දෙයක් කියන්නේ නැහැ.කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. මම අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණට කියන්න දූෂණය නවත්වන්නේ කොහොමද. අපේ නව ලංකා නිදහස් පක්ෂය නිකුත් කල පොතේ තිබෙනවා දුෂණය නවත්වන්නේ කොහොමද කියන වැඩපිළිවෙල.රාජ්‍ය සේවයේ දුෂණය නැති කරන්න.ඇමතිවරුන්ගේ ,පළාත් සභා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ දුෂණය නැතිකරන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා.

එහිදී අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා.

මම මේ මගේ හිතවත් ජනතාවට කියන්න ඕනේ කුමාර මහත්තය මැයි 9 වෙනිදා දෙකයි දෙකේ පොලුවලින් හොඳටම ගුටි කෑවා. වාහනෙත් ගිනි තිබ්බා.මාව මැරෙන්න ඔන්න මෙන්න තියලා මගේ ජිවිතේ බේරුනා. ඒක නිසා මම නැවත වාරයක් ,තව චිරාත් කාලයක් මැරෙන්නේ නැහැ.දේශපාලනයේ ඉන්නවා කියන එක කියනවා.මාව මරන්නත් බැහැ. 

අපේ කාලේ දැන් ඉවරයි අපි මේ රට අපේ දු දරුවන්ට බාරදෙන්න ඕනා.එකයි අප කලයුත්තේ. 225 ම හොරු කියන රටක අපි ජීවත් වෙන්නේ.එයින් එකෙක් මම.මමත් දැන් අවුරුදු 30 කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා.එහෙනම් මමත් උන්ගේ එකෙක්.ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා රට මේ තත්වෙට ගෙනාවා නම් අපේ යුතුකමක් තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා මේ රට නැවතත් ගොඩ ගැනීමට.

දැන් ඡන්දයක් තිබෙනවා කියනවා. මේ ඡන්දේ තියනවා කියන කොටම මම මාධ්‍යයට ප්‍රකාශයක් දුන්නා රනිල් මහත්තය මේ ඡන්දේ තියන්නේ නැහැ කියලා. මොකද පොහොට්ටුවේ උන්ට ගමේ බැහැලා යන්න බැහැ. එක 10 ක් එක්කහුකරන්න බැහැ. එහෙම තියෙද්දී මේ ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා මේගොල්ලෝ ඡන්දය කල් දානවා.

ඊලංගත මම කිව්වා රනිල් වික්‍රමසිංහ අපි ඔක්කොටම තරු විසිවෙන්න ටොක්කක් ඇන්නා කියලා.ඒ කිව්වේ ඡන්දේ කල් දානවා විතරක් නෙමෙයි රනිල් ලොක්කා අපි බැඳපු ඇප මුදල් වලටත් වැඩේ දුන්නා. දන් ලොක්කට සල්ලි නැහැ කියනවා.
 
ගොටාභයට බැහැ දෙන්න එපා කියලාත් මමයි කිව්වේ.එදා මට ගොඩක් බැන්නා.නමුත් අවුරුද්දක් යනකොට ඔක්කොම පිළිගත්තා.දින 52 දී ආණ්ඩුව පිහිටුවන්න මහින්ද මහත්තයා අගමැති හැටියට යනකොට මම කිව්වා ඕක කරන්න එපා කියලා. චමල් මහත්තයත් කිව්වා.නෑ නෑ මට පුළුවන් කියලා ගිහිල්ලා අන්තිමට ඇනගත්තා.දැන් රට යන්නේ වැරදි පාරේ. මේගොල්ලන් රට ගැන හිතන්නේ නැහැ.මේ ඔක්කොම හිතන්නේ බලය ගැන විතරයි. 

දැන් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයයි මාලිමාවයි දෙගොල්ලෝ ගහ ගන්නවා.මේ රට ගැන නෙමෙයිනේ කතා කරන්නේ.මේ ආර්ථිකය ගොඩගන්න නෙමෙයි කතා කරන්නේ.දරුවන්ට රටක් දෙන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා මාලිමාවට බනිනවා.අනුර දිසානායක මහත්තයා ටෙලිපෝන් එකට බනිනවා.මේකද රට බලාපොරොත්තු වෙන්නේ.මේ ඔක්කොම බලයට කෑදර කමට .මට ප්‍රේමදාස මහත්තයා උදව් කරලා තිබෙනවා. අද මම මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නේ එතුමා නිසයි.ඒක වෙනම දෙයක්.මම කියන්නේ අපි අපි ගහගන්න ඕනේ නැහැ.අපි රට හදන්න උත්සාහ කරන්න ඕනේ.මේකෙන් ප්‍රයෝජනය ගන්නේ කපටි රනිල් වික්‍රමසිංහ මහත්තයයි.

මෙහිදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,ප්‍රියංගනී අබේධීර,සෙනාල් වෙල්ගම යාම මහත්ම මහත්මීන්ද සභාව ඇමතුහ.



අදහස් (2)

‘‘මම මහින්දට රට බාර දෙනකොට මුදල් ඕන තරම් තිබුණා‘‘

ගනේගොඩ Tuesday, 21 February 2023 03:50 PM

රටේ ප්‍රශ්න ගැන පුරසාරම් කෙළිමින් , පවුල් බලය පතුරවපු ඔබ තුමියටත් දෙශපාලනයෙන් සමුගැනීමට කාලය උදාවී ඇත !

:       1       13

සිරිමාවෝ රාජපක්ෂ Friday, 24 February 2023 09:29 AM

මහා උතුම් ඉතිහාසයක් තියාගෙන ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් තිබුන ලංකාවේ අපි,මටනම් විලිලජ්ජාවේ බෑ. අපි පුංචි වුණත් අපි ආණ්ඩු කරපු කාලේ ,මැතිනියගේ කාලේ ,ඩී.එස්.සේනානායක මැතිතුමාලගේ ආණ්ඩු කාලේ බොහොම ආඩම්බරයෙන් අපි ලෝකයා ඉදිරියේ නැගී සිටියේ. මහා දවල් මංකොල්ල කාලා .රාජපක්ෂ පවුල මහ දවල් මංකොල්ල කාලා. ඉවරයක් නැතිව නිමාවක් නැතිව සොරකම් කළා. ඊලංගත මම කිව්වා රනිල් වික්‍රමසිංහ අපි ඔක්කොටම තරු විසිවෙන්න ටොක්කක් ඇන්නා කියලා.ඒ කිව්වේ ඡන්දේ කල් දානවා විතරක් නෙමෙයි රනිල් ලොක්කා අපි බැඳපු ඇප මුදල් වලටත් වැඩේ දුන්නා. දන් ලොක්කට සල්ලි නැහැ කියනවා. එහෙම දීලා ගිය රට අද කොහොමට මෙහෙම වෙලා තියෙන්නේ. හොරා කාලා. මංකොල්ල කාලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 830 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site