IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන්ට තහනම් ඉන්දීය දෙවොලක් වැඳපුදා ගත් ලාංකික කාන්තාව

 

ශතවර්ෂ ගණනාවක සිට හින්දු බැතිමතුන් සිය සම්ප්‍රදාය වෙනුවෙන් ඕනෑම දෙයකට එරෙහිව නැගී සිටින්නේ සිය ජීවිත ගැන නොතකාය. එබැවින් කෝවිලක් නිසා පාරට බැස්ස ඉන්දියානුවන් ගැන වාර්තාවෙන්නේ අද ඊයෙක සිට නොවේ. ඉන්දියාවේ කේරළයේ සබ්රිමාලා දෙවොල මේ දිනවල මහත් අන්දෝලනයට තුඩු දුන් හින්දු දෙවොලක් බවට පත්ව ඇත. 


කේරළ ප්‍රාන්තයට අයත් පතනමටිතා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක් වන ප්‍රියාර් රක්ෂිතයේ මුහුදු මට්ටමේ සිට අඩි 1,575 ක් ඉහළින් කඳු ගැට පෙළක පිහිටි සබ්රිමාලා කෝවිල අයියපන් නමින් හැඳින්වෙන දෙවියකු උදෙසා කැපවූ පැරණිතම හින්දු කෝවිලකි. හින්දු ආගමේ එන ඉතාම බලගතු අයෙක් ලෙස බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ අයියපන් දෙවියන් වෙනුවෙන් සෑම වසරකදීම ජනවාරි මාසයේදී එම කෝවිලේ වාර්ෂික පුද පූජා පැවත්වේ. 


ඉකුත් සතියේ සම අයිතීන් ඉල්ලා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තාවෝ කිලෝමීටර් 620ක් දිග මිනිස් දම්වැලක් ලෙස පෙනී සිටිමින් විරෝධතාවක නිරත වූවෝය. ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ සබ්රිමලේ නමැති කෝවිල වන්දනා කිරීමට වයස අවුරුදු 10ත්, 50ත් අතර කාන්තාවන්ට අවසර ලබා නොදීමයි. මේ හේතුවෙන් කේරළ ප්‍රාන්තය පුරා විවිධ උද්ඝෝෂණ හා හර්තාල් සිද්ධීන් 1286 ක් පිළිබඳ පොලිසියට වාර්තා වී ඇත. ඒවාට සම්බන්ධ වූ පුද්ගලයින් 37,000 ක් අතරින් පුද්ගලයින් 3178ක් අත්අඩංගුවට ගෙන 487 දෙනෙකු රිමාන්ඩ් භාරයට ගෙන ඇති අතර තවත් 2691 දෙනෙකු ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත. විදෙස් මාධ්‍යය වාර්තා කළේ එම කෝවිල වන්දනා කිරීමට ඉන්දීය අධිකරණය මගින් අවසර ලබාදී තිබුණ ද එය වන්දනා කරන කාන්තාවන්ට තවදුරටත් පහරදීම් සිදුවන බවයි. 


එවැනි තත්ත්වයක් තුළ ඉතිහාසයේ පළමු වරට මැදිවියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් කේරළයේ සබ්රිමාලා හින්දු කෝවිලකට ඇතුළු වූහ. තවද ශ්‍රී ලාංකික හින්දු භක්තික කාන්තාවක් අති දුෂ්කර චාරිකාවක යෙදෙමින් කෝවිල වැඳ පුදාගෙන ඇතැයි කේරළ පොලිසිය උපුටා දක්වමින්, ඉන්දියාවේ ‘හින්දු’ පුවත් සේවය වාර්තා කරයි. මෙම අති දුෂ්කර කාර්යය සපුරාගෙන ඇත්තේ ශෂිකලා නමැති 46 හැවිරිදි ලාංකික හින්දු බැතිමතියකි. එම කෝවිල වැඳ පුදාගැනීම තහනම මැද අති දුෂ්කර කාර්යයක් වන බැවින් ඇයගේ මෙම ක්‍රියාව ඉන්දීය ජනමාධ්‍යවල ඉහළ ප්‍රචාරයක් ලබා දී තිබිණි.ඇය සමඟ ඇගේ පියා වන අශෝක් කුමාරන් ඇතුළු ඥාතීන් ද මෙම අති දුෂ්කර වන්දනා චාරිකාවට එක් වී ඇති බව ද ‘හින්දු’ පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත. 


පතනමටිතා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයේ පිහිටි මෙම කෝවිල වන්දනාමාන කිරීමට සෑම බැතිමතෙකුම කිලෝමීටර් 45 කට වඩා දුරැති කඳුකර ප්‍රදේශයක් පාගමනින් පසු කර පැමිණිය යුතු වේ. ඉන්පසුව මෙම කෝවිල කැප වී තිබෙන අයියපන් දෙවියන්ගේ ප්‍රතිමාවට පුදපූජා පැවැත්වීමට රනින් නිමවූ ශුද්ධ වූ පියගැටපෙළ 18 ක් පසු කරමින් පැමිණීම සුවිශේෂී වන අතර ලාංකික හින්දු බැතිමතිය විසින් සපුරා ඇත්තේ එම සුවිශේෂී කාර්යය යැයිද හින්දු පත්‍ර වාර්තාවේ දැක්වේ. පසුගිය දිනක රාත්‍රී 9.30 ට පමණ මෙම කාන්තාව වන්දනා චාරිකාව ආරම්භ කළ බවත් ලක්ෂ ගණනක් හින්දු බැතිමතුන් සමඟ ඇය කෝවිලට ළඟා වී ඇත්තේ රාත්‍රී 11 ට බවත් පැවැසෙයි. 


ලොව පුරා සිටින හින්දු බැතිමතුන්ගේ මෙන්ම පර්සියානුවන්ගෙන් පැවත එන සුෆි බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම කෝවිල වසර දහසකටත් වඩා පැරණි එකක් යැයි සඳහන් වේ. එසේම මෙම කෝවිල පුරාණ හින්දු ජූජකවරුන් විසින් වයස අවුරුදු 10ට වැඩි වයස අවුරුදු 50ට අඩු කාන්තාවන්ට වන්දනාමාන කිරීමට අකැප බවට තහංචි පනවා තිබූ අතර වත්මන් කෝවිල් භාරකාර මණ්ඩලය සම්ප්‍රදායානුකූලව එම තහනම දිගටම පවත්වා ගෙන ගියේය. පසුව ඉන්දීය කාන්තාවන් 49 දෙනෙකු විසින් එම තහනම මඟින් සිය මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම නඩු විභාගය පැවැත්වෙන අතරේ පැවති තහංචිය ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. නමුත් මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන 22 වැනිදා කැඳවෙන බැවින්, එය අවසන් තීන්දුව නොවන බව සබ්රිමාලා දෙවොලේ භාරකාර පාලක මණ්ඩය කියා සිටී. 


මේ දිනවල එම හින්දු කෝවිලේ වාර්ෂික පුද පූජා පැවැත්වෙන අතර දෛනික මිලියනයකට ආසන්න හින්දු බැතිමතුන් ඊට සහභාගී වේ. සබ්රිමාලා කෝවිල වෙත ඇතුළුවීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදීමට එරෙහිව මාස ගණනාවක් විරෝධතා පැවැත්විණ. 


වයස අවුරුදු 10 සිට 50 දක්වා “ඔසප් සීමාවේ” පසුවන කාන්තාවන්ට සබ්රිමාලා කෝවිලට ඇතුළු වීම හින්දු පූජකවරුන් තහනම් කර තිබියදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තහනම ඉවත් කරනු ලැබූ නමුත් කෝවිල වෙත ඇතුළුවීම වළකාලමින් විරෝධතාකරුවන් කාන්තාවන්ට පහර දී තිබිණි. ඒ බාධක නොතකමින් හතළිස් දෙහැවිරිදි බින්දු අම්මිනි සහ හතළිස් හතර හැවිරිදි කනකා දුර්ගා බදාදා (ජනවාරි 02) අලුයම කෝවිලට ඇතුළු වූහ. මෙම කාන්තාවන් දෙදෙනා දෙසැම්බර් මාසයේදී දොවොල වැඳ පුදා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වී ඇත්තේ කේරළ පොලිසියේ බාධා නිසාවෙනි. මොවුන්ට අමතරව දෙමළ ජාතික සම්භවයෙන් පැවත එන මැලේසියා ජාතික කාන්තාවන් ඉකුත් 01 වැනිදා මෙම දෙවොල වැඳ පුදා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 


බින්දු අම්මිනි සහ කනකා දුර්ගා නමැති කාන්තාවන්ට තහංචි මැද මෙම ගමන යෑමට අත හිත ලැබී ඇත්තේ ප්‍රසාද් අමෝර් නමැති මනෝ වෛද්‍යවරයෙකුගෙනි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් තිදෙනාගේ හමුවීම සිදු වී ඇත. මිලියනයකට ආසන්න බැතිමතුන් පිරිසක් දොවොල වැඳ පුදා ගැනීමට අති දුෂ්කර මාර්ගය ගමන් කරමින් සිටියදී බින්දු සහ කනකා ඉන්දීය කාන්තාවන් බහුතරයක් අඳිනා චුරිදාර් වර්ගයේ ෂල්වාර් ඇඳුම්වලින් සැරසී යන්න වූයේ වඩා මහලු බව බැතිමතුන් උලුප්පාලීමට සාරියකින් සැරසෙන ලෙසට මනෝ වෛද්‍ය අමෝර් කළ ඉල්ලීම්ද ඉවත දමමිනි. වන්දනාකරුවන් විශාල පිරිසක් මැද කිසිදු අමුත්තක් නොපෙන්වා, තැති ගැන්මක් ඇති නොකර ගනිමින් අලුයම් කාලයේදී වන්දනාව ඇරඹීමට මෙම කතුන් දෙදෙනා පියවර ගත්හ. එක් එක් අවස්ථාවන්හිදී දෙමළ ජාතික බැතිමතෙකු ඔවුන්ව ඉවෙන් මෙන් අල්ලා ගැනීමට උත්සාහ කළත් ඉන් බේරීමට හැකි වූයේ ඉහත කී සූක්ෂම මඟ හැරීම් නිසා යැයි ඔවුන් ඉන්දීය මාධ්‍ය හමුවේ පැවසූහ. 


‘‘අපි උදේ පාන්දර ඇතුළු වුණා. මිනිත්තු කිහිපයකට ප්‍රතිමාව දැක ගන්න හැකි වුණා,” වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී තිබූ බැවින් සහ ඔවුන් තමන්ට පහර දෙනු ඇතැයි බියෙන් පියගැටපෙළ භාවිත නොකළ බව බින්දු අම්මිනි යළිත් එම මාධ්‍ය වෙත පැවසුවාය. 


ඉහත කී කාන්තාවන් දෙදෙනා පසුගිය දෙසැම්බර් 24 වැනිදා ද කෝවිලට ඇතුළුවීමට උත්සහ කළ නමුත් විරෝධතාකරුවන් හමුවේ පසුබැසීමට ඔවුන්ට සිදුවිය. කාන්තාවන් කෝවිල “කෙලෙසා” ඇති බව කී කෝවිලේ බලධාරියෙක් “පවිත්‍ර කිරීමේ පිළිවෙත්” සිදු කිරීම සඳහා හින්දු දෙවොලේ පුද ජූජා පවත්වන ස්ථානය පැයකට වසා තැබුණු බව සඳහන් කළේය. ඉන් අනතුරුව එය යළි බැතිමතුන්ට විවෘත කිරීම සිදුවිණි. 


කේරළ ප්‍රාන්තයේ මහ ඇමැති ප්‍රියානි විජයන් වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ කාන්තාවන් කෝවිල වෙත ඇතුළුවීම ඓතිහාසික අවස්ථාවක් බවය. කෝවිල වෙත ඇතුළුවීමට කාන්තාවන්ට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට මහ ඇමැති ඇතුළු ආණ්ඩුව සහය පළ කරයි. කාන්තාවන් දෙදෙනා ඇතුළුවීමෙන් පසු කෝවිල වසා දැමීමට එහි බලධාරීන් ගත් තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව “උල්ලංගනය” කර ඇති බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


කෙසේ නමුත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ඉකුත් ඔක්තෝබර් 17 වැනිදා පස්වරු 5ට සබ්රිමාලා කෝවිල කාන්තාවන් සඳහා විවෘත කෙරිණ. විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවල සහාය ලබා ගෙන තිබිණි. කාන්තාවන් කෝවිලට ඇතුළු වීමට බාධා කරන විරෝධතාකරුවෝ පාලනය කිරීමට ඔවුහු උත්සහ දැරූහ. මේ අතර, විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුමක් ද ඇති වූ බව වාර්තා වේ. 


විරෝධතාකරුවන් අතර කාන්තාවන් බොහෝදෙනෙකු ද සිටියහ. ඔවුන් විරෝධතා පාගමන්වලට සහභාගි වීමට අමතරව මාර්ග අවහිර කර වාහන නවත්වා වයස 10 සිට 50 දක්වා කාන්තාවන් ඒවා තුළ සිටීදැයි පරීක්ෂා කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි.


වසර සිය ගණනක් පැවත එන චාරිත්‍ර වර්තමානයේ දී වෙනස් කළ නොහැකි බව මෙයට සහාය දක්වන්නෝ පවසති. කෙසේ වෙතත්, මෙම චාරිත්‍රය “ව්‍යවස්ථාවට පටහැණි” බව පවසමින් පසුගිය වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග උද්ඝෝෂණ සහ විරෝධතා රැසක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. 


අධිකරණය මැදිහත්වීමෙන් ලබා දුන් තීන්දුවලින් පසු කාන්තාවන්ට ඇතුළු වීමට අවසර දුන් තෙවැනි ඉන්දීය ආගමික ස්ථානය බවට සබ්රිමාලා කෝවිල පත් වී තිබේ. බටහිර ප්‍රදේශයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි ‘ශානි ෂිංගපූර්’ හින්දු කෝවිල සහ ‘හජි අලි’ මුස්ලිම් දේවස්ථානයට කාන්තාවන්ට ඇතුළු වීමට අවසර දෙමින් තීන්දු ප්‍රකාශ කිරීමට අධිකරණය මින් පෙර කටයුතු කර තිබිණි.

 

සටහන : තිළිණි ද සිල්වා
ඉන්දීය පුවත් සේවා ඇසුරෙනි....



අදහස් (0)

කාන්තාවන්ට තහනම් ඉන්දීය දෙවොලක් වැඳපුදා ගත් ලාංකික කාන්තාව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31337 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13558 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site