ලෙඩරෝග ඇතිවීමට බලපාන හේතූන් හා ඒවායින් ඇතිවෙන ආපදාවන් දැන සිටීම ප්‍රතිකාර කිරීමේදී පහසුවෙන නිසාම අපි ‘‘ලෙඩක හැටි’’ විශේෂාංගයෙන් බොහෝ රෝගයන් ගැන කතා කළෙමු. 


මෙම ලිපියෙන් දිග හැරෙන්නේ කන ඇසීමේ බාධාවන් ගැනය. සමාජයේ අල්ප වූ දැනුමක් ඇති නිසාත්, නිරෝගි පුද්ගලයෙකුට ඇසීම අතවශ්‍ය කාරණයක් නිසාත්, මෙම ලිපිය මෙලෙසින් ලියැවේ. 


උගුර, කන, නාසය යන ඉන්ද්‍රයන්ගෙන් සුවිශේෂි තැනක් හිමිවෙන ශරීර අංගයකි කන. බාහිර පෙනුමේ ස්වරූපය සම්පූර්ණ වෙන්නට සේම, ජීවිත කාලය පුරාවටම බාහිර සමාජය සමඟ සන්නිවේදනය මගින් අවශ්‍යතා සපුරා ගැනීමටත්, සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් කනේ නිවැරදි ශ්‍රවණ තත්ත්වයන් උපකාරි වේ. 


කන කියූ සැනින් අප මතකයට එන්නේ කන ‘‘ඇසීමේ’’ කාර්යය පමණක් ඉටුකරනා ඉන්ද්‍රියක් වෙන බවය. නමුත් කනේ ප්‍රධානම කාර්යයන් දෙකකි. ඉන් පළමුවැන්න ඇසීමය. දෙවැන්න නම් පුද්ගල ශරීරයේ සමතුලිතතාව රැකීමය. මෙම කරුණ ඉතාම වැදගත් වේ. විශේෂයෙන්ම ශරීරයේ සමතුලිතතාව නොමැති වීම නිසා කනේ බැලන්ස් එක නොමැති වීම ඇතිවෙන ප්‍රධානම රෝගී තත්ත්වයකි. කරකැවිල්ල හා ඒ ආශ්‍රිතව ඇති වන රෝගී තත්ත්වයනි. 


කනේ ඇසීමට බාධා ඇතිවෙන ආකාරය 


පිටත කන 
මැද කන 


ඇතුළු කන වශයෙන් කන කොටස් තුනකට බෙදේ. 


කන ඇසීමේ ක්‍රියාවලියේදී බාහිරෙන් පැමිණෙන ශ්‍රවන තරංග කන් පෙත්තෙන් එකතු කර බාහිර ශ්‍රාවන නාළ ඔස්සේ කන් බෙරය දක්වා ගමන් කරයි. කන් බෙරයට සම්බන්ධ මැද කනේ දී ශ්‍රවණ අස්ථිකා තුනක් ඇති අතර (මුද්ගරිකාව, ධරණකය, නිගාතිය) ඒ හරහා ශ්‍රවණ තරංග ගමන් කිරීම සිදුවේ. එසේ ඇතිවෙන ශ්‍රවණ තරංග කරණශංකයේ තිබෙන ඉතා සියුම්, ඇසට නොපෙනෙන කේශ සෛල වලින් සමන්විත තරලයන් කම්පනය වේ. එසේ ඇතිවෙන ශ්‍රවණ තරංග ශ්‍රවණ ස්නායු ඔස්සේ මොළය දක්වා ගමන් කිරීම ස්වාභාවික ක්‍රියාවලියේදී සිදුවේ. මෙම ගමන් මාර්ගයේ යම් කොටසක ඇතිවෙන දුර්වලතාවයක් කනේ ඇසීමට නොමැතිවීමට හේතු යෙදේ. 


ඉහතින් සඳහන් කළ කනේ ඇසීමට අදාළවෙන ​කොටස් සියල්ලෙහි විකාසනය ආරම්භ වෙන්නේ මව්කුස පිළිසිඳ ගත් දා සිටය. 


විශේෂයෙන්ම ගර්භනී මවක් කායිකවත්, මානසිකවත්, රෝග උපද්‍රවයන්ට ගොදුරු නොවී සිටීම නිරෝගී දරුවෙකු බිහිකිරීමට සෘජුවම බලපාන බව මෙම කරුණේදී මනාව ඔප්පු කෙරේ. 


දරුවා පිළිසිඳ සිටිනා අවධියේදී මවට රුබෙල්ලා විෂබීජය ශරීරගත වුවහොත් කළලයේ වැඩෙන බිළිඳ‌ාගේ කනට සෘජුවම හානි වෙන බව සොයාගෙන තිබේ. කනේ ආබාධයක් ඇති වීමට බලපාන ප්‍රධානම සාධකයකි. ගර්භනී සමයේදී මව රුබෙල්ලා රෝගයට ගොදුරු වීම. එහෙයින් මල්වර වූ දියණියන්, විවාහයට පෙර රුබෙල්ලා එන්නත් ලබා ගැනීම ඉතා ඕනෑකමින් කළ යුත්තක් වේ. 


මීට අමතරව අඩු බර සහිතව ඉපදීම, නියමිත මාස ගණන සම්පූර්ණ වීමට පෙර ප්‍රසූතිය සිදුවීම, උපතේදී විවිධ කරුණු මුල් කරගෙන ළදරු ඒකකවල ප්‍රතිකාර ලැබීම, උපතේදී මෙනින්ජයිට්ස් වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම පසුකාලීනව කනේ ආබාධ ඇති වීමට බලපාන හේතුන් වේ. 


පෙර පාසල් අවදියේදී, නිතර සෙම් රෝගයන්ට ගොදුරුවී, මැද කනේ සෙම එකතු වීම, කනේ කළාඳුරු ගල්වීම, ආදී කරුණු මත කුඩා දරුවන්ගේ කන ඇසීම අඩුවීමට හේතු වේ. අනතුරු හේතුවෙන් කන් බෙරයට හානි වීමද පසුකාලීනව කන් ඇසීම දුර්වල වීමට බලපෑ හැකිය. 


තවද කනේ ආබාධ ඇතිවීමට දියවැඩියාව පාලනය නොකිරීම ප්‍රධාන හේතුවක් වේ. 


විශේෂයෙන්ම මෙහිදී කර්ණශංකයේ සහ ශ්‍රවණ ස්නායුවේ කුඩා සෛල වලට හානි සිදුවීමට පුළුවන. මේ තත්ත්වය වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබේ. 
කුඩා අවධියේදී ශ්‍රවන ආබාධ ඇති නම් හඳුනා ගැනීම. 


කුඩා අවදියේ දී දරුවාට ඇසීම නිවැරදිව තිබීම ඉතාම අවශ්‍ය අතර එමගින් දරුවාගේ කථනය නිවැරදිව වර්ධනය වීමට හේතුවේ. 


තවද දරුවාගේ වැඩෙන මොළයේ එක් එක් කාර්යයන් උත්තේජනය වීමටද එය බලපානු ලැබේ. 


විශේෂයෙන්ම ඇසීම නොමැති නම් මොළයේ ස්නායු සම්බන්ධතා වර්ධනයක් සිදු නොවී උත්තේජනය හීන වී කතන කොටස ඇකිලී යා හැකිය. සාමාන්‍යයෙන් උපතේ සිට වයස අවුරුදු 3 වෙන තෙක් දරුවෙකු කතා කිරීම නොකරන්නේ නම්, එවැනි තත්ත්වයකට දරුවා පත්ව ඇත්තේ කනේ ආබාධයක් හේතුවෙන්ද යන්න අනිවාර්​ෙ‌යන්ම සොයා බැලිය යුතුය. විශේෂයෙන් දරුවන්ට ඇති ශ්‍රවණ ආබාධා තත්ත්වයන් මුල් කාලයේදී හඳුනා ගත යුතුය. එසේ මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් දරුවාට ඇති ශ්‍රවණ ආබාධ තත්ත්වයන් නිවැරදිව හඳුනාගෙන සුදුසු ප්‍රතිකාරයන් සඳහා යොමු කළ හැකිවේ. 


අද වෙන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව මෙලොව බිහිවන සෑම දරුවෙකුගේම කන ඇසෙනවාද යන්න සොයා බැලෙනා පර්​ෙ‌ය්ෂණයකට භාජනය කිරීම අනිවාර්​ෙ‌යන්ම යොමු කෙරේ. පෙරදී කනේ ශ්‍රවණ තත්ත්වය මැන බැලීම බොහෝ විට සිදු වූයේ ශ්‍රවණය සම්බන්ධ අවධානම් සාධක තිබූ අයට පමණි. 


කෙසේ නමුත් උපදින බිලිඳන්ගේ කන ආශ්‍රිත සංජානනිය රෝග තත්ත්වයක් ඇත්නම්, ස්නායු දුර්වලවීමේ රෝග තත්ත්වයක් ඇත්නම්, වයස අවුරුදු එකත්, එකහමාරත් අතරේදී කර්ණ සංඛ බද්ධ ශල්‍ය කර්මයකට දරුවා යොමු කෙරේ. 


බිලිවිය ඉක්මවා පෙර පාසල් වියේ පසුවන දරුවන්ගේ මැද කනේ සෙම එකතුවීමේ තත්ත්වයන් මතු වීමද පසු කාලීනව ශ්‍රවණාබාධ තත්ත්වයන් ඇතිවීමට බලපායි. මැද කනේ සෙම එකතු වීමෙන් ශ්‍රවණ අස්ථිකා චලනය වීමක් සිදු නොවන අතර, එමගින් කන ඇසීමේ බාධාවන්ද මතුවිය හැකිය. 


පෙර පාසල් යන දරුවන්ට ඇතිවෙන තවත් තත්ත්වයකි අැඩ්නොයිඩ් වසා සෛල එකතුවෙන ග්‍රන්ථිය විශාල වීම. 


මෙම තත්ත්වය වයස අවුරුදු 10-12 වෙන විට සාමාන්‍ය පරිදි හීන වී ගියද, පෙර පාසල් අවධියේදී නිතර වෛරස් ආසාදනයන්ට ලක්වීමත් නිතර නිතර සෙම අමාරු ඇති වීමත් මෙවැනි දරුවන්ගෙන් බොහෝ විට දක්නට ලැබේ. 


මෙම තත්ත්වය හඳුනා ගැනීම පහසුය. මෙවැනි රෝගී තත්ත්වයකින් පසුවන දරුවන් සාමාන්‍ය දරුවෙකුට වඩා හයියෙන් කතා කරයි. ‘‘පංති කාමරයේදී අවධානය අඩුයි’’ යන්න නිතර ගුරුවරුන් නිසා චෝදනා ලබයි. 


ගුවන්, විදුලිය, රූපවාහිනිය ආදියෙහි ශබ්දය නිතර වැඩිකරමින් අසයි. 


ඇතැම් වචන ශබ්ද කිරීමට නොහැකි වෙන අතර ඇතැම් අකුරුද උච්චාරණය නොකරයි. 


මෙවැනි දේවල් දරුවාගෙන් දක්නට ලැබේ නම් නොපමාව මැද කනේ සෙම එකතු වීමෙන් කනේ පීඩනය නිවැරදිව ඇද්දැයි බැලීමට ශ්‍රවණ පරීක්‍ෂණයක් කිරීමද වැදගත්ය. 


මෙම පර්​ෙ‌ය්ෂණ වලින් පසුව රෝගී තත්ත්වය සමනය කිරීමට ඖෂධීය ප්‍රතිකාර, පෙතිවර්ග, සිරප් වර්ග, මෙන්ම නාසයට ඖෂධීය ස්ප්‍රේ වර්ග යෙදීමට සැලැස්වේ. 


මෙම ප්‍රතිකාර වලින් පසුව දරුවා ශ්‍රවණ පරීක්‍ෂණයකට භාජනය කර, ශ්‍රවණ ඌනතාවක් ඇද්දැයි බැලිය යුතුය. විශේෂයෙන්ම ශ්‍රවණ පරීක්‍ෂණයෙන් ඩෙසිබල් 30ට වඩා වැඩි අගයක් ගතහොත් එයට අදාළ ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් වෙත යොමු කෙරේ. එහිදී ඖෂධීය ප්‍රතිකාරවලට අමතරව ඇතැම් විට, ශල්‍යකර්ම ආදියටද රෝගියා යොමු කිරීමට සිදුවේ. 
මීට අමතරව කන ඇසීම දුර්වල වීමට බලපානා තවත් කරුණක් වනුයේ මැද කනේ ශ්‍රවණ අස්ථිකා ගල්වීමය. මේ නිසා ශ්‍රවණ තරංග ඇතුලු කන දක්වා නිසියාකාරව ගමන් කිරීම සිදු නොවේ. 


මෙය වැඩිහිටි කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන අතර, ක්‍රමයෙන් කන ඇසීම අඩුවී යාමට මෙම තත්ත්වය හේතු වේ. 


මෙම තත්ත්වයේදී තමා කතා කරන දෙයම නැවත තමාටම ඇසෙන්නට ගන්නා අතර ඉතා හයියෙන් කතා කිරීමටද පෙලඹේ. එක් කනකින් ආරම්භ වෙන ශ්‍රවණාබාධිත තත්ත්වය ක්‍රමයෙන් කන් දෙකටම පැතිරිය හැකිය. 


කන් බෙරය සිදුරුවීමද, කනේ ශ්‍රවණ තත්ත්වය ගිලිහී යන්නට බලපාන කරුණක් වේ. කන් බෙරය සිදුරු වීම හදිසි අනතුරකින් හෝ කනට ඇතිවෙන ආසාදනයක් හේතුවෙන්ද ඇති විය හැක. ආසාදනයක් හේතුවෙන් කන් බෙරයට හානිවීමක් ඇති වුවහොත් කනෙන් සැරව ගැලීම, කන ආශ්‍රිත වේදනාව සහ කන ඇසීම අඩු වී යාමද සිදුවිය හැකිය. 
අනතුරක් හේතුවෙන් කන් බෙරයට හානි වුවහොත් කන් බෙරයේ ඇතිවෙන සිදුර මසක පමණ කාලයකදී ඉ​බේම සුවවේ. වයස් ගත වීමද ශ්‍රවණ ඌනතා ඇතිවීමට බලපානා ස්වභාවික කරුණක් වේ. 


වයසට යාමේදී ශරීරයේ සෑම කොටසකම ක්‍රියාකාරිත්වය දුර්වල වෙන අතර කනේ සෛල වලද ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසා කන් ඇසීම නැති වී යයි.

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය