IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දිනන්න පුළුවන් නම් එනවා - නැතිනම් යනවා

(අංජුල මහික වීරරත්න)

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පැවසීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීය.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතීය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්ව යාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය බාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ ආකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරය ද සිහිපත් කර සිටියේය.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේ දී ඉහත වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.



අදහස් (16)

දිනන්න පුළුවන් නම් එනවා - නැතිනම් යනවා

අබිලිං Thursday, 12 September 2019 07:53 AM

ඔබ ඉන්න මේ පාර ඔබට දිනිය හැකියි. සජිත්ට එන පාර දිනිය හැක. ජයවේවා මැතිතුමනි..,

:       1       0

Bandara Thursday, 12 September 2019 07:54 AM

කියන බොරු වලට පොළව පලාගෙන යනවා. 29 පාරක් පරදිලා කියන කතා. අපිට මොනවත් මතක නැහැ. අපි ඉපදුණේ ඊයේ...

:       2       0

Hafeel Thursday, 12 September 2019 08:07 AM

ඔයාගේ කැපකිරීමේ ප්‍රතිඵල තමයි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කළා. ජනාධිපතිවරණ දෙකේදී පරාජයට පත්වුණේ. තවත් ජනාධිපතිවරණ දෙකකට තරඟ නොදී හැංගිලා හිටියා. පක්ෂයේ ශ්‍රේෂ්ඨ සාමාජිකයෝ පක්ෂය දාලායන්න වුණා. ආණ්ඩු බලය තියෙද්දී පළාත් පාලන ආයතන රාශියක් පරාජයට පත් වුණා. නොකඩවා මැතිවරණ රාශියක් පරාජය වුණා. මෙදා පාර තරඟ කළොත් 20% ගන්න නැහැ...

:       0       0

මහේෂ් Thursday, 12 September 2019 08:16 AM

පක්ෂයට ආදරේ නම් මෙය කියවන්න. ඔබතුමා සේවය කළා නම් ඒ සේවයට නිසි ගෞරවය තියෙයි. ඒ වගේම සුදුසු තරුණ නායකයින්ට පක්ෂය බාරදීලා කරුණාකර විශ්‍රාම යන්න. මොකද දෙමාපියන් දරුවන්ට තම දේපළ පවරා දෙන්නා සේ පක්ෂයද සුදුසු අයට දී යාමට කාලය හරි. ඔබට දිනන්න බැහැ.

:       1       125

de silva Thursday, 12 September 2019 08:27 AM

රටේ මිනිස්සුන්ගෙන් 90%ක් විතර ඔබට ඡන්දෙ දෙන්න අකමැති නම් ඔබ දිනන්නේ කොහොමද? පසුගිය වාර දෙකේදීම ඔබ පොදු අපේක්ෂකයෙක් දැම්මා..

:       0       200

savant Thursday, 12 September 2019 08:42 AM

සජිත්ට දීලා යන්න වගේ හදන්නේ... එක පැත්තකින් අයියෝ කියලා හිතෙනවා. අපි දන්නා එජාප සාමාජිකයෙක් ඉස්සර මෙතුමාට වැඳගත් ගමන් හිටියේ. දැන් කතාකරන්නේ හරියට මෙතුමා පක්ෂයට ද්‍රෝහියෙක් වගේ...

:       0       4

වීරවිජේ Thursday, 12 September 2019 08:58 AM

යූ.එන්.පී. නම් ත්‍රස්තවාදී මිනීමරු දේශද්‍රෝහී, ආගම්වාදී, ජාතිවාදී පක්ෂයට දේශපාලනය කිරීමට කිසිඳු අයිතියක් නැත.

:       226       500

lanka Thursday, 12 September 2019 09:28 AM

මොන තරගයකට ආවත් මහත්මයා, මහජනයාට බොරු පොරොන්දු දෙන්න එපා.

:       68       287

Kakiyana Lea. Thursday, 12 September 2019 09:43 AM

නායකයන් එකා පිට එකා මැරෙන කොට ඒ මොකද කියන රහස දන්නෙත් ඔයාමනේ...

:       64       490

Sanka Thursday, 12 September 2019 09:58 AM

අපේ රට අද වලපල්ලට ගිහින් තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන නොදීම නිසයි. ඔබතුමා පහුගිය මැතිවරණ ගණනාවකදීම පක්ෂයේ නායකයා වුණත් තරගයට ඉදිරිපත් වුනේ නැහැ. එ්කෙන් අද ජනතාව ඔබව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අද වෙනකොට සජිත් රටේම ගම්දනව්වල දුප්පත් මිනිසුන්ට විශාල දෙයක් කරලා ලොකු ජනමතයක් ගොඩ නගාගෙන තියෙන්නේ... ජනාධිපතිවරණය හොඳ තරගයක් දිය හැක්කේ සජිත්ට මිස, ඔබතුමාට දිනන්න බැරි බව රටේ ඕනෑම කෙනෙක් අද දන්නවා.

:       467       419

sirimal Thursday, 12 September 2019 10:14 AM

"පරදින්න පුලුවන් නම් එනවා" කියලා කිව්වා නම් තමයි වඩාත් නිවැරදි... ඔය වැඩේ කරූ ජයසූරිය මහත්තයට බාරදීලා ඔබතුමා ගෙදර ගිනින් පිනක් දහමක් කරගන්න. පින්සිද්ද වෙනවා.

:       108       196

ගමගේ Thursday, 12 September 2019 10:36 AM

මෙතුමා තරග කරනවිට ඒ සමහර කට්ටියම ඡන්දෙ දාන්නේ නැහැ. ස්වාධීන අයත් මෙයාට අකමැතියි. ඉතින් පහුගිය මැතිවරණ ගණනාවක්ම මෙයාගේ විරුද්ධ වාදියා පහසුවෙන් මෙයා පරද කළා. අර රටට ආදරයක් නැති හොරෙක්, සින්ගප්පූරුවෙන් ගෙනැවිත් කරපු මහා පරිමාණයේ මුදල් වංචාව නිසා මෙයා එම හොරකමට හේත්තුවෙලා ඉන්නේ... ඔය බැංකු කොල්ලා කාපු කුණු ගොඩක් කරේ තියාගෙන මෙයා කොහොමත් දිනන්නේ නැහැ. පක්ෂයේ දිනන්න පුළුවන් කෙනා ඉන්නවා. එහෙත් එයාට රටක් හදන්න මොළය, උගත්කම තියෙනවද කියලා ප්‍රශ්නයක්... එමනිසා ජනාධිපතිට තනි තීරණ ගන්න බැරි විදියට රටට ආදරය කරන සංවර්ධනය ගැන දැනුම ඇති උගත් පිරිසකගේ අනුමැතිය ගෙන ජනාධිපති තීරණ ගන්න ඕනෑවිදියට නීති හදන්න. අනිත් පැත්තෙන් එන කෙනා දිනුවොත් සුදු වෑන් භීතියෙන්, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ, කොළොන්නාවේ මිනීමරපු සිල්වලා වගේ අය, අසෝභන වැඩකරන සභාපතිලා වගේ අයට බියෙන් තමයි ජනතාවට ඉන්න වෙන්නේ...

:       0       242

Raveendra Thursday, 12 September 2019 11:29 AM

කරුණාකර කිසිඳු පක්ෂයකට බර නොවී අවංකව හිතන්න. මේ ඔක්කොමගේ අරමුණ මහබූරුවා තෝරන තරගයෙන් දිනීම පමණයි... රටේ දියුණුව, රටේ ආරක්ෂාව, පුරවැසියන්ගේ සුබසිද්ධිය ඒ මුකුත් මොවුන්ට වැදගත් නොවේද? දැනට රට බලුපොරයට පැමිණ සිටින සියලුම තිරිසනුන්ගේ මුලික අරමුණ අසූචි ඔටුන්න පැළඳීම එපමණයි. එයද විය යුත්තේ? නැවතත් අප සියලුම පාඨකයින්ගෙන් විමසන්නේ කරුණාකර මධ්‍යස්ථව සිතන්න අපගේ අදහස් නිවැරදිද වැරදිද?

:       0       121

sujith Thursday, 12 September 2019 11:52 AM

සජිත් ආවොත් කොහොමවත් දිනන්න බැහැ. දිනුවත් කරන්න බැහැ. ගැලරියට කරන කතාවලින් රටට වැඩක් වෙන්නේ නැහැ.

:       0       229

Mahee Thursday, 12 September 2019 12:24 PM

එහෙම නෙමෙයි. "දිනන්න හිතාගෙන එනවා, පැරදුණාම යනවා". එහෙම කියන්න ගිහින් තරහ යනවා නම් "දිනයි කියලා තමයි ආවේ... හැබැයි, පැරදුණත් මං යන්නේ නෑ."

:       0       0

Bamunuarachchi Saturday, 14 September 2019 12:10 PM

දිනන්න පුළුවන් නම් එනවා. නැතිනම් යනවලු ඕක තේරුම් ගන්න 30වතාවක් පරදිනකම්ම ඉන්න ඕනේද? හැබැයි මේ සැරේ දිනනවා එම නිසා දාලා යන්න නම් එපා රජෝ... දාලා ගියොත් අපිට පාඩුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 391 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site