(අංජුල මහික වීරරත්න)
අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පැවසීය.
වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීය.
හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතීය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්ව යාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.
පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය බාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ ආකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරය ද සිහිපත් කර සිටියේය.
පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේ දී ඉහත වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඉන්න මේ පාර ඔබට දිනිය හැකියි. සජිත්ට එන පාර දිනිය හැක. ජයවේවා මැතිතුමනි..,
කියන බොරු වලට පොළව පලාගෙන යනවා. 29 පාරක් පරදිලා කියන කතා. අපිට මොනවත් මතක නැහැ. අපි ඉපදුණේ ඊයේ...
ඔයාගේ කැපකිරීමේ ප්‍රතිඵල තමයි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කළා. ජනාධිපතිවරණ දෙකේදී පරාජයට පත්වුණේ. තවත් ජනාධිපතිවරණ දෙකකට තරඟ නොදී හැංගිලා හිටියා. පක්ෂයේ ශ්‍රේෂ්ඨ සාමාජිකයෝ පක්ෂය දාලායන්න වුණා. ආණ්ඩු බලය තියෙද්දී පළාත් පාලන ආයතන රාශියක් පරාජයට පත් වුණා. නොකඩවා මැතිවරණ රාශියක් පරාජය වුණා. මෙදා පාර තරඟ කළොත් 20% ගන්න නැහැ...
පක්ෂයට ආදරේ නම් මෙය කියවන්න. ඔබතුමා සේවය කළා නම් ඒ සේවයට නිසි ගෞරවය තියෙයි. ඒ වගේම සුදුසු තරුණ නායකයින්ට පක්ෂය බාරදීලා කරුණාකර විශ්‍රාම යන්න. මොකද දෙමාපියන් දරුවන්ට තම දේපළ පවරා දෙන්නා සේ පක්ෂයද සුදුසු අයට දී යාමට කාලය හරි. ඔබට දිනන්න බැහැ.
රටේ මිනිස්සුන්ගෙන් 90%ක් විතර ඔබට ඡන්දෙ දෙන්න අකමැති නම් ඔබ දිනන්නේ කොහොමද? පසුගිය වාර දෙකේදීම ඔබ පොදු අපේක්ෂකයෙක් දැම්මා..
සජිත්ට දීලා යන්න වගේ හදන්නේ... එක පැත්තකින් අයියෝ කියලා හිතෙනවා. අපි දන්නා එජාප සාමාජිකයෙක් ඉස්සර මෙතුමාට වැඳගත් ගමන් හිටියේ. දැන් කතාකරන්නේ හරියට මෙතුමා පක්ෂයට ද්‍රෝහියෙක් වගේ...
යූ.එන්.පී. නම් ත්‍රස්තවාදී මිනීමරු දේශද්‍රෝහී, ආගම්වාදී, ජාතිවාදී පක්ෂයට දේශපාලනය කිරීමට කිසිඳු අයිතියක් නැත.
මොන තරගයකට ආවත් මහත්මයා, මහජනයාට බොරු පොරොන්දු දෙන්න එපා.
නායකයන් එකා පිට එකා මැරෙන කොට ඒ මොකද කියන රහස දන්නෙත් ඔයාමනේ...
අපේ රට අද වලපල්ලට ගිහින් තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන නොදීම නිසයි. ඔබතුමා පහුගිය මැතිවරණ ගණනාවකදීම පක්ෂයේ නායකයා වුණත් තරගයට ඉදිරිපත් වුනේ නැහැ. එ්කෙන් අද ජනතාව ඔබව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. අද වෙනකොට සජිත් රටේම ගම්දනව්වල දුප්පත් මිනිසුන්ට විශාල දෙයක් කරලා ලොකු ජනමතයක් ගොඩ නගාගෙන තියෙන්නේ... ජනාධිපතිවරණය හොඳ තරගයක් දිය හැක්කේ සජිත්ට මිස, ඔබතුමාට දිනන්න බැරි බව රටේ ඕනෑම කෙනෙක් අද දන්නවා.
"පරදින්න පුලුවන් නම් එනවා" කියලා කිව්වා නම් තමයි වඩාත් නිවැරදි... ඔය වැඩේ කරූ ජයසූරිය මහත්තයට බාරදීලා ඔබතුමා ගෙදර ගිනින් පිනක් දහමක් කරගන්න. පින්සිද්ද වෙනවා.
මෙතුමා තරග කරනවිට ඒ සමහර කට්ටියම ඡන්දෙ දාන්නේ නැහැ. ස්වාධීන අයත් මෙයාට අකමැතියි. ඉතින් පහුගිය මැතිවරණ ගණනාවක්ම මෙයාගේ විරුද්ධ වාදියා පහසුවෙන් මෙයා පරද කළා. අර රටට ආදරයක් නැති හොරෙක්, සින්ගප්පූරුවෙන් ගෙනැවිත් කරපු මහා පරිමාණයේ මුදල් වංචාව නිසා මෙයා එම හොරකමට හේත්තුවෙලා ඉන්නේ... ඔය බැංකු කොල්ලා කාපු කුණු ගොඩක් කරේ තියාගෙන මෙයා කොහොමත් දිනන්නේ නැහැ. පක්ෂයේ දිනන්න පුළුවන් කෙනා ඉන්නවා. එහෙත් එයාට රටක් හදන්න මොළය, උගත්කම තියෙනවද කියලා ප්‍රශ්නයක්... එමනිසා ජනාධිපතිට තනි තීරණ ගන්න බැරි විදියට රටට ආදරය කරන සංවර්ධනය ගැන දැනුම ඇති උගත් පිරිසකගේ අනුමැතිය ගෙන ජනාධිපති තීරණ ගන්න ඕනෑවිදියට නීති හදන්න. අනිත් පැත්තෙන් එන කෙනා දිනුවොත් සුදු වෑන් භීතියෙන්, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ, කොළොන්නාවේ මිනීමරපු සිල්වලා වගේ අය, අසෝභන වැඩකරන සභාපතිලා වගේ අයට බියෙන් තමයි ජනතාවට ඉන්න වෙන්නේ...
කරුණාකර කිසිඳු පක්ෂයකට බර නොවී අවංකව හිතන්න. මේ ඔක්කොමගේ අරමුණ මහබූරුවා තෝරන තරගයෙන් දිනීම පමණයි... රටේ දියුණුව, රටේ ආරක්ෂාව, පුරවැසියන්ගේ සුබසිද්ධිය ඒ මුකුත් මොවුන්ට වැදගත් නොවේද? දැනට රට බලුපොරයට පැමිණ සිටින සියලුම තිරිසනුන්ගේ මුලික අරමුණ අසූචි ඔටුන්න පැළඳීම එපමණයි. එයද විය යුත්තේ? නැවතත් අප සියලුම පාඨකයින්ගෙන් විමසන්නේ කරුණාකර මධ්‍යස්ථව සිතන්න අපගේ අදහස් නිවැරදිද වැරදිද?
සජිත් ආවොත් කොහොමවත් දිනන්න බැහැ. දිනුවත් කරන්න බැහැ. ගැලරියට කරන කතාවලින් රටට වැඩක් වෙන්නේ නැහැ.
එහෙම නෙමෙයි. "දිනන්න හිතාගෙන එනවා, පැරදුණාම යනවා". එහෙම කියන්න ගිහින් තරහ යනවා නම් "දිනයි කියලා තමයි ආවේ... හැබැයි, පැරදුණත් මං යන්නේ නෑ."
දිනන්න පුළුවන් නම් එනවා. නැතිනම් යනවලු ඕක තේරුම් ගන්න 30වතාවක් පරදිනකම්ම ඉන්න ඕනේද? හැබැයි මේ සැරේ දිනනවා එම නිසා දාලා යන්න නම් එපා රජෝ... දාලා ගියොත් අපිට පාඩුයි.