IMG-LOGO

‘‘රැකියා අහිමි වූ පිරිසට මැතිවරණයෙන් පසු එම රැකියාවම ලබාදෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සහ රැකියා අහිමි වූ සියලුම දෙනාට මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු වන්දි සමඟ ඒ රැකියාවම යළි ලබාදෙන බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  මහතා කොළඹදී අද (06) පැවසීය.

එමෙන්ම මැතිවරණ සමයේ බොරුවට අයදුම්පත් ලබාදෙන රංගනය නතර කර ලක්ෂ ගණනින් රැකි රක්ෂා උත්පාදනය කරන නවෝත්පාදනය සහ දැනුම මත කේන්ද්‍රගත වූ ආර්ථිකයක් ගොඩනගන බවත්  හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ 8, ලේක් ඩ්‍රයිව් පිහිටි කබීර් හෂීම් මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව  පැවැසීය.

අයදුම්පත් කැඳවීමේදී ඉල්ලුම්පත් සඳහා මුදල් අයකිරීම තමන් අනුමත නොකරන බවත් පැවසූ හිටපු විපක්ෂනායකවරයා නවීන තාක්ෂණය මේ සඳහා උපයෝගි කරගත  යුතු බවත් සඳහන් කළේය.

 

 



අදහස් (16)

‘‘රැකියා අහිමි වූ පිරිසට මැතිවරණයෙන් පසු එම රැකියාවම ලබාදෙනවා‘‘

සේන Friday, 06 March 2020 01:07 PM

රැකියා අහිමිවුණේ පාර්ලිමේන්තුවේ හිටිය මරු බඩු ටිකට නේද ?

:       0       49

RavendraSaturday, 07 March 2020 07:22 AM

හා හා.. කට ...කට ...ඒ අහිංසක "තුමාලට" ඔබ විසින් උසුළු විසුළු කරනවා නොවේද? රැකියා විතරක් නොවේ "සම.. හරක්ට" විශ්‍රාම වැටුප නොහොත් පිං ගොනා පඩියද අහිමිව ඇති බැවින් මේ අවස්ථාවේ ඒ අතිඋතුම් "තුමාලගේ " සිත් සතන් සැනසීමට අදහස් ප්‍රකාශ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       10

වීරවිජේWednesday, 11 March 2020 11:55 AM

අද රෑම ගැසට් එක ගහන්න සජිත් ජනාධිපතිතුමනි... ජොබ් නං සිකුරිටියි, කම්කරුයිද? ඇයි ආරියාවට ජොබ් එකකුත් හොයලා දුන්නා නම් හොඳයිනේ... නිකං රටේ සල්ලි කකා ඉන්නේ... ඔබතුමාත් රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න බලන්න.

:       0       0

chandima Friday, 06 March 2020 01:33 PM

එ් කියන්නේ පරදින මන්ත්‍රීලාවත් ජාතික ලැයිස්තුවෙන් අායෙත් පාර්ලිමේන්තුවට එවනවද?

:       1       49

Pradeep Friday, 06 March 2020 02:01 PM

ඔබතුම කොහොමත් කතාවට දක්ෂයි තාත්තා වගේම, හැබැයි වැඩට නම් නෙමෙයි...

:       168       382

මුණසිංහ Friday, 06 March 2020 02:51 PM

ජනාධිපතිවරණයට කලින් ජනාධිපති වුණා. මහ මැතිවරණයට කලින් දැන් අගමැති වෙලා. පව් ඕනෑම මිනිහෙක් සමහර හීන දකින්න ආසයිනේ... අනෙක පහුගිය අවු. 4ක් තිස්සේ කරපුවා අපි දන්නවනේ...

:       211       279

Sanjeewa Friday, 06 March 2020 04:13 PM

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු..

:       1       145

King Friday, 06 March 2020 05:16 PM

දැන්වත් ඔය මෝඩ, කපටි කතා නොකියා ටිකක් වැදගත් කතාවක් කියන්න.

:       0       111

kamal Friday, 06 March 2020 09:52 PM

මේ සැරේ මැතිවරණයෙන් පසු තමනුත් රැකියා විරහිතයෙක්...

:       11       22

[email protected] Friday, 06 March 2020 10:14 PM

මම දන්නා විදිහට කාටවත් රැකියා අහිමි වුනේ නැහැ. කවුරුවත් දන්නවද දේශපාලන පළිගැනීම් වලට රැකියා අහිමි වෙච්ච කෙනෙක්?

:       0       4

sumaliSaturday, 07 March 2020 03:46 PM

ඕන තරම් ඉන්නවා...ඔබ ටිකක් අවදියෙන් ඉන්න.

:       0       0

Sarath Saturday, 07 March 2020 01:01 AM

බොරදියේ මාලු බානවා!

:       0       6

ruwan Saturday, 07 March 2020 01:22 AM

තාත්තා කරපු දේ පුතා කරයි කියලා හිතන් පුත්තුන්ට ඡන්දෙ දෙන්න එපා කියන්නේ.. ඒක තමයි මේ තියෙන්නේ උදාහරණ...

:       0       63

Saththaya Saturday, 07 March 2020 02:46 AM

පිස්සන්ට හැතැප්ම නැහැ කියලා කතාවක් තියෙනවා. මානසික ලෙඩක්, වහාම ප්‍රතිකාර කිරීම වැදගත්...

:       0       399

mahinda Saturday, 07 March 2020 10:37 AM

මෙයාගේ අප්පා තමයි එජාපයේ මුල ඉඳලාම කල්ලි හදලා බලයට ඇති කෑදර කමට වැඩකලේ.. මුලින්ම ගරු ඩඩ්ලි සේනානායක මැතිඳුන්ට විරුද්ධව පුරවැසි පෙරමුණ හැදුවා. ඊළඟට පක්ෂයේ සිටි ඉහළම බුද්ධිමත් දෙවන පෙළ ලලිත් ගාමිණී, ජී.එම් වැනි අය පන්නා සෙරෙප්පු සූප්පුවන්ගේ ආණ්ඩුවක් හැදුවා. අන්තිමට මියගිය තැන බල්ලා මරපු හන්දිය යැයි මිනිස්සු කියන්නට ගත්තා.

:       118       299

prakaash Sunday, 08 March 2020 05:00 AM

මුල ඉඳලම සුද්දට කත් ඇදපු පක්ෂයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site