දෙපාර්ශවය අතර තිබෙන බෙදීම දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබේ. කොයි මොහොතේ හෝ වැඩවර්ජනයක් හෝ උද්ඝෝෂණයක් කෙරෙනු ඇතිදැයි බියකි. භාණ්ඩවල මිල ක්ෂණිකව ඉහළ ගොස් තිබෙන අවස්ථාවකදී වුවත් මේ සියල්ල මධ්‍යයේ වුවද සභාග රජයේ ප්‍රධාන පාර්ශවයන් දෙපළ, ප්‍රමාද වෙමින් තිබෙන පළාත් සභා මැතිවරණය අරභයා එකඟතාවයකට පැමිණ සිටිනු පසුගිය සතියේ දැකගත හැකිවිය.

ලබන වසර ආරම්භයේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ගෙවුනු බ්‍රහස්පතින්දා දිනයේ තීරණය කළේය. එවන් තීරණයක් ගැනුණද, පළාත් සභා මැතිවරණ සිහිනය යථාර්ථයක් බවට පත්වනු ඇතිදැයි යන්නට තවමත් සහතිකයක් දිය නොහැක්කේ ඒ අරභයා නොයෙක් සැකසංකා සහ විසඳාගත යුතුව තිබෙන සංකීර්ණ ගැටලු ද ඇතුලුව මැතිවරණය සම්බන්ධයෙන් වන විවිධ මතයන් ද පැවැතීම නිසාය.
ප්‍රමාද වෙමින් තිබෙන මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අරමුණ විය හැකි වුවද, ඒ සම්බන්ධයෙන් ඉහළ පෙලේ ආරංචි මාර්ග දරනුයේ වෙනස් අදහස්ය. එය උපායමාර්ගික පිළිවෙතක් ලෙස සැළකිය හැකි බව එවන් එක් ආරංචි මාර්ගයක් සදහන් කළේය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම බලාත්මක කෙරෙමින් තිබෙන වාතාවරණයක, අපද උත්සාහ කරන්නේ මැතිවරණය පැවැත්වීමට නමුත් විවිධ හේතු නිසා එය ගැටලුකාරී බවත්, පෙන්වාදෙමින් මැතිවරණ කොමිසම සහ තමන් සිටින්නේ එකම මතයක බව තහවුරු කිරීම රජයේ වුවමනාව බව පෙනෙන්නට තිබේ.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී සීමා නීර්ණ කොමිසමේ වාර්තාව බහුතර ඡන්දයෙන් පරාජයට පත්විය. එයට අනුමැතිය ලබාගැනීම මැතිවරණය පැවැත්වීමේ ප්‍රථම පියවර බව ගතවූ කාලයේ නැවත නැවතත් සදහන් කළෝ අන් කවරෙකුත් නොව රජයේම නායකයෝය. 

තත්ත්වය තවත් බරපතල වන්නේ මෙම කොමිසම සදහා නායකත්වය දුන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසාය. 

පළාත් සභාද ඇතුලු සියලු මැතිවරණ කොට්ඨාසයන්වල සමානාත්ම ජනතා නියෝජනයක් පවතින බව තහවුරු කිරීම සදහා ඒවායේ සීමා නීර්ණය කිරීම මෙම කොමිසමේ කාර්යභාරය විය. 

එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය යන සියල්ලෝ කොමිසමේ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. සැසියන් සදහා ප්‍රමාණවත් පරිදි සභිකයන් සහභාගී නොවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙන පාර්ලිමෙන්තුවේ, සීමා නීර්ණ කොමිසමේ වාර්තාවට එරෙහිව ලැබී තිබුණු ඡන්ද සංඛ්‍යාව 139 ක් විය.

“මැතිවරණ කල්දැමන එකෙන් ලැබෙන දෙයක් නැහැ” නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසුවේය.

“ජනපතිවරයාම මැදිහත්ව ඉදිරිපත් කළ මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකළේ ඇයි කියන එක තවම පැහැදිලි නැහැ. පරාජයට පත්වන බව දන්නවා නම්, ඇයි ඒක මේ දක්වාම ඇදගෙන ගියේ” යයිද ඇමතිවරයා විමසීය. 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ය.

“පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනකන් අපට මේ ගැන විශ්වාසයක් නැහැ” ඔහු කීවේ ය. කෙසේ වෙතත් වාර්තාව පරාජයට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැදගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය ඔහුට දැනුම් දී නොමැති බව හිටපු ජනපතිවයරයා හා කළ සංවාදයේ දී පැහැදිලි විය. 

මැදමුදලන පිහිටි ඔහුගේ පාරම්පරික නිවසේ සිට දුරකතනය ඔස්සේ රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා සංවාදයෙ යෙදින. අභාවප්‍රාප්ත ටියුඩර් රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු වෙනුවෙන් ඔහු එහි ගොස් සිටි අතර, ටියුඩර් රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි සොහොයුරාය.

හිටපු ජනපතිවරයාව දුරකතනය ඔස්සේ ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ටියුඩර් රාජපක්ෂ මහතාගේ අභාවය වෙනුවෙත් තම ශෝකය පළකර සිටියේය. ඇසළ පෙරහැරේ අවසන් දිනය සදහා නුවර බලා යෑමට නියමිතව සිටි ජනපති සිරිසේන මහතා සෙනසුරාදා සන්ධ්‍යාවේ ගුවන් මගින් මැදමුදලනට පැමිණ දේහයට අවසන් ගෞරවය දැක්වූයේය. 

එදින රාත්‍රිය නුවර ගතකළ ජනපතිවරයාට, එළැඹි ඉරිදා දිනයේ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා, පෙරහැර සාර්ථකව පැවැත්වූ බව නිල වශයෙන් දැනුම්දුන්නේ ය.

රාජපක්ෂ මහතාගේ සොහොයුරා වෙනුවෙන් ශෝකය පළකිරීමට ජනපති සිරිසේන මහතා ඔහුගේ නිවසටම පැමිණීම, මේ දක්වා දෙදෙන අතර පැවති ගැටුම්කාරී සබදතාවයේ යම් මෘදු වීමක් ලෙස හඳුනාගත හැකිය. තහවුරු කර ගත නොහැකි වුවද, යම් ආරංචි මාර්ගයන්ගෙන් දැනගත හැකිවූ ආකාරයට හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මැදිහත්ව සම්බන්ධ කළ දුරකතන ඇමතුමකින් ගතවූ දිනයක දෙදෙන සංවාදයකද යෙදී ඇත. 

විපක්ෂයේ අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ එක් සාමාජිකයකු වන දිසානායක මහතා, තම සගයින් වන තිලංග සුමතිපාල සහ ඩිලාන් පෙරේරා හා එක්ව රාජපක්ෂ - සිරිසේන දෙපළ සමගි කිරීමට උත්සාහ කරමින් සිටින බව අලුත් දෙයක් නොවේ.

එළැඹෙන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව සදහන් වුවද, ඒ අරබයා සැකසංකා මතුවීමට තුඩු දී තිබෙන කරුණු ගණනාවකි. මැතිවරණය පැවැත්විය යුත්තේ කවර මැතිවරණ ක්‍රමය යටතේද යන්න සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් එකිනෙකා හා පැටලී සිටින විවාදය ඒ අතරින් ප්‍රධානය. මැතිවරණ ක්‍රමය පිළිබදව මතුව තිබෙන ගැටලුවලට තවමත් විසදුම් ලැබී නොමැත. සොයාගැනීමට ද සැළකිය යුතු කාලයක් අවශ්‍යය. අනෙක් කාරණය වන්නේ ඉදිරියේ එන ජනපතිවරණයයි. 

ලබන වසරේ ජනවාරි මස 8 වැනිදා වන විට ජනපති ධූරයේ වසර 4 සම්පූර්ණ කරන බැවින්, ව්‍යවස්ථාව ප්‍රකාරව එළැඹෙන ඕනෑම දිනයක දී ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපති සිරිසේන මහතාට හැකියාව තිබේ. එහෙත් වසර ආරම්භයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම යනු, කඩිනම් ජනපතිවරණයක් පැවැත්වීම ජනපතිවරයාගේ අභිප්‍රාය විය හැකි වුව ද, එය කල් දැමීමකි. එවැන්නක් හමුවේ දැනට දියත් කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙලවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට තරම් කාලයක් නොමැති බව දන්නා නිසාවෙන් දෝ, එම වැඩපිළිවෙල බොහෝමයක් දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ජනපතිවරණයක දී වත්මන් පාලක පක්ෂයට අතිශය අවාසිසගත වනු ඇති මැතිවරණ කොට්ඨාසයන්වලය. 

පළාත් සභා මැතිවරණය සහ ජනපතිවරණය එකිනෙක මාස කිහිපයක් ඇතුලත හෝ පසුව පැවැත්වීමට තීරණය වුවහොත්, ඒ වන විට මෙම සංවර්ධන කටයුතුවලින් ප්‍රතිඵල ලබාගන්නට හැකිවෙතැයි අපේක්ෂා කිරීම, මේ ආකාරයට එම කටයුතු ප්‍රමාද කිරීම පසුපස තිබෙන හේතුවය. 

පළාත් සභා මැතිවරණ කටයුතු සදහා වැඩිකාලයක් යෙදවීමට සිදුවනු ඇති හෙයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු හට මෙම සංවර්ධන කටයුතු බාධාවක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.