cfghසූදුව. 1910 වසරෙදී ගම්පොළ පොලිස් උසාවියේදී විභාග වූ නඩුවකදී සූදුව පිළිබඳ කෙරුණ විග්‍රහය. සූදුව නීත්‍යනුකූලව නොවන්නේ කෙසේද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මිඞ්ල්ටන් මැතිතුමා සූදුව මාතෘකා කර ගනිමින් එකී නඩුව විසඳන ලද අයුරු. 


ලාංකික වැසියන්ට සූදුව යන්න පිළිබඳව විශේෂ විග්‍රහයක් අවශ්‍ය නොවේ. එසේම ලොව නොයෙක් තැන්හී සූදුව ජනයා අතර ප්‍රචලිතව පවත්නා ක්‍රීඩාවකි. මෙය ලංකාවේ බූරු කුට්ටමක් ආශ්‍රිතව මුදල් ඔට්ටු අල්ලා දිනුම පැරදුම බලාපොරොත්තුවෙන් කෙරෙන ක්‍රීඩාවකි. මෙය සමහර විට බොහෝ ජනයාගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබයි. සූදුවට මුල් වන්නේ ඔට්ටුවය. එය මුදල මත බොහෝ සෙයින්ම කරනු ලබන්නකි. මේ බූරුවා ගැසීමේ සෙල්ලම බොහෝ විට මහා පරිමාණයෙන් සිදු කරනු ලබයි. මෑත ඉතිහාසයේ ලංකාවේ බොහෝ සෙයින්ම ප්‍රචලිත වූවකි. නෙනගෙ සූදුව. එකී සූදුව සුරක්ෂිතව පවත්වාගෙන යාම පිණිස ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරන ලද්දේ එළුවෙකි. එය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ගෙන ගිය මහා පරිමාණයේ වූ ඒ සූදුව මේජර් කොතලාවල විසින් මර්දනය කොට යටපත් කරන ලදි. ඒ සම්පූර්ණ සිද්ධිය රසවත් ගීතයකින් දයානන්ද ගුණවර්ධනයන්ගේ මදුර ජවනිකා ප්‍රසංගයේ ජැක්සන් ඇන්තනි ගයමින් විස්තර කරයි. 

02-Rasa-P2-BA
ජාත්‍යන්තර තලයේ ‘කැසිනෝ’ යනුවෙන්ද රාත්‍රී සමාජ ශාලාවල පවත්වාගෙන යනු ලබන්නේ මේ සූදුව ධනවත් අපට විනෝද වීම සඳහා සකස් කෙරුණු සූදුවේ තවත් ක්‍රමයකි. ලංකාවේ සූදුව බොහෝ ජනයා අතර විවිධාකාරයෙන් පවත්වාගෙන යනු ලබයි. බූරු කුට්ටම අනා සූදු කොළ බෙදා තමා අපේක්ෂා කරන බූරු කුට්ටමේ කොළය ලැබේදෝයි නැද්ද යන්න මත ඔට්ටු ඇල්ලීම සූදු පිටියට රැස්වන ජනයා ඔට්ටු අල්ලති. සිංහල අලුත් අවුරුදු සමයේ ගමේ බොහෝ නිවෙස්වල මෙසේ ඔට්ටු පළවල් පවත්වාගෙන යනු දැකීම සුලභ දර්ශනයකි. දැනට සිය වසකටත් අධික කාලයක පමණ සිට සිංහල අලුත් අවුරුදු සමයේදී මෙන්ම පසුකාලීනව උත්සව අවස්ථාවලදීද පිරිස එක් රැස්වූ විට මෙසේ සූදු පිටි පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී ඔට්ටු අල්ලන අතර එසේ ඔට්ටු සඳහා අල්ලන මුදල් සියල්ල අතරින් කොටසක් සූදු පිටිය පවත්වාගෙන යනු ලබන තැනැත්තා ලබා ගනියි. එය සාමාන්‍යයෙන් ‘ටෝන්’ මුදල යනුවෙන් ව්‍යවහාර කෙරේ. මෙසේ බූරුවා ගැසීමේ පිටි පවත්වාගෙන යාම නීති්‍යනුකූල නොවන අතර, එහි නීතික අනීතික භාවය පිළිබඳව මෙහි පසුවද අදාළ නඩුවේදී විස්තර කෙරේ. 


සමහර දුප්පත් පවුලක මරණයක් සිදු වූ අවස්ථාවක එකී නිවසේ කුමන ස්ථානයක හෝ බූරු පිටි යායක් පවත්වාගෙන යනු ලබන්නේය. සූදු පිටියෙන් බොහෝ විට කිසියම් මුදලක් මරණ කටයුතු සඳහා වියදම් කිරීමට ලබා ගනියි. මෙය බොහෝ විට ඉහත දැක්වූ ‘ටෝන්’ මුදලින් ලැබේ. මෙසේ පවත්වාගෙන යනු ලබන සූදු පිටි නීත්‍යනුකූල නොවේ. එහෙත් නීති නිලධාරීන් එකී සූදු පිටිය පළමු දවසේ වටලා කිසිවකු පොලිස් භාරයට නොගැනේ. 1වන දිනයේ සූදු පිටිය පවත්වාගෙන යාමට ඉඩ හැරියත් ඉන් පසු දිනවලදී එය පවත්වාගෙන යාමට ඉඩ නොදෙයි. නීති නිලධාරීන් සූදු පිටියට කඩා පැනීමත් සමඟ සූදු කෙළියේ යෙදී සිටින්නෝ සීසී අත දුවති. 

Rasavitha-2.qxd
එය නීතියේ රැහැනින් ගැලවීමටය. ඔවුහු එසේ පැන දුව යාමේදී ඔට්ටු මුදල් පිටිය මත තබා පැනයති. එකී මුදල් සියල්ල පොලිස් නිලධාරීන් එකතු කොට අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි. සිංහල අවුරුදු දිනවල අවුරුදු වතාවත් නිසි ආකාරයෙන් ඉෂ්ට කිරීමෙන් සියල්ල අවසන් කොට ගම් වැසියෝ සූදු කෙළියේ නියැලෙති. 


බොහෝ දෙනෙක් ගැවසෙන සූදු පිටියකට තවත් වඩාත් ක්‍රීඩා ලෝලිහු ඇදී එති. එය වඩාත් වැඩි මුදලක් ඔට්ටුවලට වැටෙන හෙයිනි. සූදු පිටියට අවතීර්ණ වන පිරිසෙන් සමහරෙක් දවල් අවුරුදු කෑමක් සමඟ අඩියක් දෙකක් ගසා එති. බීමතින් වෙරි වූ කෙනෙක් කට මැත දෙඩවීමට ආරම්භ කළහොත් එය සූදු පිටියේ යහපාලනය පවත්වාගෙන යාමට මහත්සේ බාධාවක් වේ. එවන් අවස්ථාවක නීති විරෝධීව පවත්වාගෙන යන සූදු පිටිය කෙළවර කිරීමට මෙන්ම පිටියේ සාමය පවත්වාගෙන යාමට පොලිසිය මැදිහත් වේ. බූරු පිටිය පවත්වාගෙන යන තැනැත්තා අවුරුදු කෑමෙන් පසුව තරමක් දුරට වෙරි මත ගාතෙන් සින්දු කියමින් නටනු පෙනේ. බූරු පිටිය මෙසේ උත්කර්ෂවත් වන්නේ එය අවුරුදු උත්සවය ආශ්‍රිතව සිදු කෙරෙන හෙයිනි. මළගෙයක් ආශ්‍රිතව පවත්වාගෙන යන බූරු පිටිය මෙතරම් උත්කර්ශවත් නොවේ. එවන් අවස්ථාවක බූරු පිටියක් පවත්වාගෙන යනු ලබන්නේ බොහෝ මුදල් හරහා අවමංගල්‍ය කටයුතු සඳහා මුදල් උපයා ගැනීම පිණිස බව මල ගෙදරට පැමිණෙන සියලු දෙනා දනිති.


ඉහත සඳහන් විස්තරය මේ ලිපියට පෙරවදනක් සේ සලකන ලෙස ඉල්ලා සිටිමින් මේ ලිපියට පාදක වන බූරු පිටි ආශ්‍රිත එවකට පැවැති නීතිය මෙසේ විස්තර වේ. එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මිඞ්ල්ටන් විනිසුරු තුමා එකී නඩුව විභාග කොට මෙසේ ප්‍රකාශ කොට ඇත. 


මේ නඩුවේ අභිආයාචන වරදකරු ඔට්ටු මත නීති විරෝධී ලෙස බූරු සෙල්ලම් කොට, වරදකරු බවට නිගමනය කොට, ඔහුට රුපියල් 30/=ක දඩ මුදලක් ගෙවීමටත් එසේ දඩ මුදල ගෙවනු නොලබන්නේ නම් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ගත කිරීමටත් නියම විය. එකී දඬුවමට විරුද්ධව චූදිතයා අභිආයාචනයක් ඉදිරිපත් කළේය. අභිආයාචනා පෙත්සම් විභාගයේදී චූදිත අභිආයාචක වෙනුවට බාවා මහතා පෙනුණු අතර, වගඋත්තරකරු වෙනුවෙන් කිසිවෙක් පෙනී සිටියේ නැත. අභිආයාචනය කරුණු දෙකක් මත පදනම් විය. පළමුවෙනි කරුණ වූයේ සූදු පිටිය පවත්වාගෙන ගිය අප්‍රේල් මස 16 වන දින රාත්‍රියේ බූරු පිටිය පැවැත්වූ විජේහාමිගේ නිවසේ අභිආයාචක නොසිටි බවය. ඒ කරුණ නඩුවට ඉදිරිපත්ව ඇති සාක්ෂිවලින් සනාථ නොවන බව ඔහු වැඩි දුරටත් ඔප්පු වී නැති බව පිළිගන්නා ලදි. එපමණක් නොව ඔහු සහභාගි වූ බව සූදු කෙළියට ඔහු සහභාගි වී ඇති බව නඩුවේ සාක්ෂි මත ඔප්පු වී ඇති කරුණකි. 2වන කරුණ සම්බන්ධයෙන් විනිශ්චයකාර තුමා පවසා සිටියේ, සූදු සෙල්ලම් පවත්වාගෙන ගිය ස්ථානය සූදු සෙල්ලම පවත්වාගෙන යාම පිණිස පාවිච්චි කරන පොදු ස්ථානයක්ද නැද්ද යන කරුණ සලකා බැලිය යුතු බවය. සූදු සෙල්ලමට සහභාගි වී සූදු සෙල්ලම් කිරීම පිණිස බොහෝ සෙයින් ජනයා පාවිච්චි කරනු ලබන්නේ නම් එය සූදු සෙල්ලම සඳහා පාවිච්චි කරන ස්ථානයක් බව නීතිය අනුව සලකා බැලිය යුතු බව විනිසුරු තුමා පැහැදිලි කළේය. සූදු සෙල්ලමට සහභාගි වීම පිණිස සාමාන්‍ය ජනයා එකී සූදු පිටියට යාම ඒම කරනු ලබන්නේ නම් සූදු සෙල්ලමට ඔවුන් පැමිණීමෙන් එකී ස්ථානය පොදු සූදු පිටියක් සේ සැලකිය හැකිය. එවන් විටක එවැනි ස්ථානයක් බලපත්‍රයක් නොමැතිව සූදු පිටිය පවත්වාගෙන යාම නීති විරෝධී වේ. 


එක් වරක් පමණක් එකී නිවසතුළ සූදු කෙළී පමණින් එකී ස්ථානය බූරුව ගැසීම සඳහා පාවිච්චි කරනු ලබන ස්ථානයක් සේ සැලකිය නොහැකිය. විවිධ ජනයා එකී නිවසට පැමිණි සූදු ක්‍රීඩාවේ යෙදනවා නම් එවැනි විටක එකී ස්ථානය සූදු ක්‍රීඩාව පවත්වාගෙන යෑම පිණිස පාවිච්චි කරනු ලබන පොදු ස්ථානයක් සේ ගණන් ගත හැකිය. එසේ නම් චූදිතයා එකී සුදු පිටියේ සිටියා නම් එකී ස්ථානය සූදු ක්‍රීඩාව සඳහා පාවිච්චි කරනු ලබන ස්ථානයක් සේ ගණන් ගත නොහැකිය. ඒ අනුව සියලු කරුණු සලකා බැලීමේදී චූදිතයා වරදක් සිදු කොට ඇති බව පිළිගත නොහැකිය. එබැවින් මම චූදිතයා නිදහස් කරමි.