“සොක්කා” ගෙන් පාඩමක් ඉගෙනගෙන ස්ථාන මාරුවීම් ලබා ආ අලුත් ලොක්කා හමුවීමට පැමිණි සොක්කකු නිසා අලි අමාරුවක වැටුණු කාර්යාල කාර්ය සහායක (පියුන්) කෙනකු පිළිබඳව අපූරු පුවතක් දකුණුලකේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 30 January 2026
මායමට හසුවී මාලෙත් පුදලා ගැහැනුන්ට මායම් හැට හතරක් ඇතැයි කියමනක් තිබුණ ද එවැනි මායම් පෙන්වන ගැහැනු නිතර අපිට මුණ නොගැසුණ ද, ඇත්තටම මායමකින් තම සැමියා රැවැට්ටූ ගැහැනියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතේ නගරයකින් පසුගිය දා අසන්නට ලැබුණි. 29 January 2026
පොලිසියට කොකා පෙන්වා එළිවෙනකම් ගහක් උඩ ඉඳලා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් අසල තිබූ ගසකට නැග එළි වනතුරු ගස මුදුනේ රැඳී සිට පසුදින උදේ පොලිසියට ගොස් ඉදිරිපත් වූ පුද්ගලයකු සම්බන්ධ සිද්ධියක් ඊයේ (26) ගොඩකවෙල පොලිසියෙන් වාර්තා වේ. 28 January 2026
කුණු කොල්ලෙට ගිහින් අතින් පුදලා නිවසේ නාන කාමරයක අක්‍රීයවී තිබුණු ජල කරාමයක් මාරුකර, බිඳීගිය කණ්ණාඩිය වෙනුවට අලුත් කණ්ණාඩියක් නොමිලේම සවි කරගන්නට ගිය පුද්ගලයෙකුට සිදුව ඇති අකරතැබ්බයක් ගැන තොරතුරු පසුගියදා දකුණු පළාතේ බත්දුන් ගමකින් අසන්නට ලැබුණි. 27 January 2026
ඩෝප්කාරයෙක් ඇරලවන්න ගිහින් අලි අමාරුවක ඩෝප් කාරයකු රැගෙන ගිය කුලී රථ යතුරු පැදිකරුවකුට සිදුවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. දැන් දැන් නගරවල අලුත්ම ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ. රාත්‍රී කාලයේ කන පැලෙන්න බොන අය පොලිස් දඩයෙන් මිදීම සඳහා අලුතින් ආරම්භ කෙරුණු සේවාවකි. මේ සඳහා භාවිත කරනුයේ යතුරු පැදියකි. 26 January 2026
කාන්තා ඇදුම් රිසිට් එකට බිරිද යකින්නියක් වෙලා නගරයේ කාර්යාලයක රැකියාව කරන සිය සැමියාගේ මුදල් පසුම්බිය තුළ තිබූ කාන්තා ඇඳුම් මිල දී ගත් කුවිතාන්සියක් නිසා යක්ෂාවේෂ වූ බිරිඳක් පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි . වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි මෙම යුවළ කුඩා දරුවන් දෙදෙනකුගේ මව්පියන්ය. මෑතක සිට සැමියා නිවසට ප්‍රමාද වී පැමිණීමත් බිරිය සමඟ වැඩි කතා බහක් නොමැති වීමත් ටික කලක සිටම බිරිය තුළ සැමියා ගැන යම් සැකයක් මතුව තිබිණ. මෙම සැකය නිසා 24 January 2026
බේත් ගන්න එවපු සල්ලි වලින් පියා අනග රැගුමක අසනීපයකට කඩිනම් ප්‍රතිකාර ගැනීම සඳහා පුතු එවන ලද මුදලක් රැගෙන පියා අනඟ රැඟුමකට ගිය පුවතක් හස්තිශෛලපුරවරයෙන් අසන්නට ලැබුණි. දරු තිදෙනකුගේ පියෙකි. ඔහු මව සමඟ නිවසේ වාසය කරයි. ගොවිතැනින් දිවි සරු කිරීමට වෙර දැරූ පියා කිසිවිටෙක තම දරුවන්ට අගහිඟකම් ඇති වෙන්නටත් අධ්‍යාපන කටයුතු අඩපණ වෙන්නටත් ඉඩ තැබුවේ නැත. එකම දියණිය විවාහ වී වෙනත් පළාතක වාසය කරන අතර අවිවාහක පුත්තු දෙදෙනා පිටත රාජ්‍ය සේවාවල නියැලෙති. තමන් යහමඟට ගෙනෙන්නට වෙහෙස දැරූ පියාටත්, මවටත් දර 24 January 2026
මල් කඩන්නත් විදුලි පහනක් ඉල්ලලා නිවස අසලට පොදු විදුලි පහනක් ලබාදෙන්නැයි ඉල්ලා සිටි පුවතක් නාඋලින් වාර්තා වෙයි . නාඋල ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ශාන්ත (ජා.ජ.බ) මහතාගෙන් නාඋල ප්‍රදේශයේ කාන්තාවක මෙම ඉල්ලීම සිදුකළ බැව් සභාපති සුනිල් ශාන්ත මහතා පසුගිය දා ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දී කියා සිටියේය. නාඋල ප්‍රදේශයේ වන අලි ගැවසෙන ස්ථාන මෙන්ම පො 24 January 2026
උදවු කරන්න ගිහින් පොලිස් කූඩුවේ අතර මගදී හමුවුණු මගියාට මාර්ග පහසුකම් සපයන්න ගොස් මතකම හිටින පාඩමක් ඉගෙනගත් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. හේ සත්ගුණවත් අයෙකි. නිතරම බලන්නේ කාට හෝ උදව්වක් පදව්වක් කරන්නටය. ගමනක් බිමනක් යකකොටද එය එසේමය. යතුරු පැදියෙන් යතොත් තමා යන මාර්ගයේ ඒ දෙසට පාගමනින් යන අය දුටුවහොත් සිය යතුරුපැදියේ දමාගෙන යාමට ඔහු දෙපාරක් නොසිතන්නේය. ඒ ඔහුගේ හැටිය. ඒ ප්‍රදේශයේ බොහෝ අය එය දනිති. එදා උදේ ඔහු අත්‍යවශ්‍ය කාර්යයකට යතුරුපැදියෙන් යමින් සිටියේය. 24 January 2026
මාළු පාන් ඇදයි කියා චූන් පාන්ට ගුටි දීලා මාළු පාන් ගෙඩිය ලස්සන නැති බව පවසමින් මිලදී ගත් මාළු පාන් ගෙඩියෙන්ම චූන් පාන් කරුට පහර දුන් කිරිඅම්මා කෙනකුගේ කතා පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය. 24 January 2026
වචන වැරදී අලි අමාරුවක අදහස් හුවමාරු කිරීමේදී වචන හරි හැටි භාවිත නොකිරීම නිසාවෙන් පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් මාතර දිසාවේ මොරවක්කෝරළය ප්‍රදේශයෙන් වාර්තා වේ. 24 January 2026
කෑමට ලුණු වැඩියෙන් දැම්මාට පවුල අත්හැර ගිහින් සිය දෛනික ආහාරයට දිය ලුණු වැඩියෙන් එක් කිරීම හේතුවෙන් තමන්ට අධි රුධිර පීඩනය රෝගය වැළඳී ඇති බව කියමින් තරුණ දෙදරු පියකු සිය බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා ගිය සිදුවීමක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 23 January 2026
මායියාට වැඩ පෙන්වන්න ගිහින් අමාරුවේ වැටිලා බිරිඳ රෝහලට ගොස් එනතුරු සැමියාට පවරා ගිය වැඩ ඉක්මනින් නිමකර ඈ තවත් සතුටු කිරීමේ අරමුණින් කොස් ගෙඩියක් කඩා තම්බන්නට ගිහින් සිදුවූ අලකලංචියක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 22 January 2026
සුද්දා අන්දන්න ගිහින් තරු පෙනිලා තමා අන්දන්න ගිය එළවළු මුදලාලි කෙනකුට ඇපත් නැති කළ සුද්දකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. සුද්දා ජර්මන් ජාතිකයෙකි. ලංකාවට ආදරය කරන්නෙකි. ඒ නිසාම ඔහු ලංකාවට අවස්ථා කිහිපයකදීම ආවා ගියාය. ඒ ඉස්සරය. දැන් ඔහු බින්න බැස ඇත්තේ ලංකාවේමය. ගමකය. ඒ ඔහුගේ සුදු හාමිනේ සමගය. මේ සුදු දෙන්න දෙමහල්ලන් කෑවේ බිව්වේ උයා පිහාගෙනය. 21 January 2026
කයිවාරු ගහලා අමාරුවේ වැටිලා පුරවැසියන්ගේ පරම යුතුකම එරට දූ දරුවන්ට සියලු සම්පත් ලබාදී ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම යැයි කියමින් තමා ඒ වෙනුවෙන් සියලු ධනය, කාලය, ශ්‍රමය වැය කරන උතුම් කාන්තාවක බව පෙන්වීමට තමා සහභාගී වන උත්සවවල ඡායාරූපය මුහුණු පොතේ පළකරන එක්තරා කාන්තාවක නිසා දරුවන්ගේ වැඩක් කඩාකප්පල් වෙන්නට ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 20 January 2026
කෑම එකට වලි දාගෙන ගමේ පිරිසක් සමග එක්දින වන්දනා චාරිකාවක නිරතව රාත්‍රී ආපසු නිවසට පැමිණි සිය බිරියට උදෑසන නිවසින් පිටත්වනවිට දැනුම්දුන් පරිදි “චිකන් කෑම එකක්” නොගෙනාවයි උරණ වූ බේබදු සැමියකු ඇති කළ කලබගෑනියක් පිළිබඳ පුවතක් වයඹට මායින් වූ රජරට ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 19 January 2026
මුදලාලිගේ නුවණින් ගෝලයා බේරිලා අමාරුවේ වැටෙන්න ගිය සේවකයා බේරාගත් ආපනශාලා හිමියකු පිළිබඳව අපූරු පුවතක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. 17 January 2026
කසාද උගුලෙන් අනූනවයෙන් බේරිලා විවාහයට දින නියමවී සිටි තරුණියක හැට හැවිරිදි විවාහක සැමියකු සමග ඇසුරක් පවත්වනවා යැයි කියමින් ඔහුගේ බිරිය විසින් කරන ලද හෙළිදරව්වක් නිසා උගුලේ වැටෙන්නට ගිය තරුණයකු ඉන් ගැලවීගිය අමුතුම තාලේ කතාවක් ගැන දකුණු පළාතේ බත්දුන් ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 16 January 2026
රේස් ගිහින් කුලී රියෙන් යවන්න වෙලා සුපුරුදු ලෙස සුදු සැරයටියක්ද අතැතිව මගී බස් රථයකින් සිය ඥාති නිවසකට යමින් සිටි දෘශ්‍යාබාධිත වැඩිහිටියකු තමන්ව නියමිත නැවතුම්පොළෙන් බස්සවන ලෙසට කල්තියා දැනුම්වත්කර තිබියදීත් එය නොසලකා හැර රේස් ගිය එම කොන්දොස්තරට සහ රියැදුරාට අදාළ මගියාව කුලී ත්‍රිරෝද රථයකින් ආපසු ඔහුගේ ගමනාන්තයටම පිටත්කර යැවීමට සිදුවූ බව කියන පුවතක් මැද පළාතේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 15 January 2026
වැලිතලප වාෂ්ප කළ උපාසක අම්මාගේ රෙදි ගැලවිලා සාමාජික නිවෙස්වල රැස්වෙන කාන්තා සමිතියකට සහභාගිවූවන් වෙනුවෙන් පිරිනැමුණු තේ පැන් සංග්‍රහයේදී ලබාදුන් “වැලි තලප” භාජනයේ ඉතුරු වැලිතලප ටික කිසිවකුත් තුන් හිතකින්වත් නොසිතන තැනැත්තියක විසින් රැගෙන ගොස් ඇති පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 14 January 2026
අල තම්බන්න ගිහින් අලි ජංජාලයයි දේශීය කෑම වර්ගවලට ආදරය කරන පුද්ගලයකු වැල් අල වර්ගයක් මිලට ගෙන නිවසට ගෙනැවිත් ඒවා පිළියෙල කරගන්නට ගොස් සිදුවූ අකරතැබ්බයක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 13 January 2026
කන පැළෙන්න බී අලි අමාරුවක මිතුරාගේ පියාගේ මළගම දා රෑ කන පැළෙන්න බී අලි අමාරුවක වැටී රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයකු පිළිබඳව පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 12 January 2026
සින්දු අවුල අස්සේ මගුල් ගෙදර කෑම වාෂ්ප වෙලා තම දියණියගේ විවාහ මංගල දින දා බීමතින් මත් වී විකාර කරද්දී සියල්ලගේ අවධානයෙන් මිදී තිබූ මංගල කෑම මේසයේ තිබූ කෑම පාර්සල් කර මංගල නිවසින් පිට කෙරූ මවක සහ පුතකු පිළිබඳ පුවතක් කෑගල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. ගම්මානයේ පිළිගත් පවුලකි. දියණියන් තිදෙනා , මව සහ පියා ය. වැඩිමාලු දියණියන් දෙදෙනා විවාහක ය. ඔවුහු දෙදෙනා සිය සැමියන්ගේ පවුල් සමඟ වාසය කරති. නිවසේ මව , පියා සහ බාල දියණිය වාසය කරති. විවාහ යෝජනාවක් විත් මනමාල පාර්ශව 10 January 2026
මිය ගිය සැමියා මහ රැ කෝල් කරලා වසර දෙකකට පමණ පෙර මිය ගිය සිය සැමියාගේ දුරකථන අංකයෙන් බිරිඳට මහ රෑ ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් මහ කලබෑගෑනියක් සිදු වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචිව සිටි මැදිවියේ පුද්ගලයකු මෙයට වසර දෙකකට පමණ පෙර හදිසියේ මිය ගියේය. ඔහු සිය බිරිය සහ දරුවන් සමඟ ඉතා ආදරයෙන් ජීවත්ව සිට ඇති අතර හදිසියේ සිදු වූ සැමියාගේ වියෝව බිරියට දරා ගත නොහැකි ව 10 January 2026
අඩි ගසා පිස්සු කෙළියාට මතක හිටින පාඩමක් මත්පැන් භාවිතකර අසැබි වදන් කියමින් අන් අයට හිරිහැර වන අයුරින් හැසිරුණු පුද්ගලයකුට ගමේ තරුණ පිරිස එකතුවී අමතක නොවන පාඩමක් ඉගැන් වූ පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි. දරුවන් තිදෙනකුගේ පියකු වූ ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබු අතර කුලී වැඩක යෙදී ලැබෙන මුදලින් සවස් වන විට මත් වතුර තොල ගෑම ඔහුගේ සිරිත විය. මෙම බේබදුකම හේතුවෙන් ගේ දොර අවශ්‍යතා සපුරා ගැනීම ද ඔහුගේ බිරිඳට මහත් ගැටලුවක් විය. දිනපතා ඇඳිරි වැටීගෙන එන විට මත් වතුරෙන් හොඳහැටි සප්පායම් වී ග 10 January 2026
තුටු පඩුරු ඉල්ලන්න ගිහින් රෙදි ගලෝගෙන අලුත් අවුරුද්දට යයි කියමින් තුටු පඬුරුවලින් සාක්කුව පුරවා ගන්න ජනවාරි මස පළමු වැනිදා ගෙයින් ගෙට ගොස් අලුත් පාඩමක් ඉගෙනගත් අයකු පිළිබඳ කතාවක් අලුත්වල නගරයෙන් අසන්නට ලැබේ. දූවරුන් දෙදෙනකුගේ පියෙකි. ජනප්‍රිය පුද්ගලයෙකි. මොළේ නිය පොත්තේ සිටය. මේ ජනවාරි පළමු වැනිදා සිය සාක්කුව පුරවා ගන්න ඔහු අපූරු උපක්‍රමයක් යෙදෙව්වේය. එය ක්‍රියාත්මක කරමින් මිනිහා ජනවාරි පළමු වැනිදා අලුයම තමන් දන්නා හඳුනන යමක් කමක් ඇති අයකු හමුවීමට ගියේය. අද ජනවාරි පළමු වැනිදානේ 10 January 2026
විස්කි කියා සැන්ඩි බීලා විදේශගතව සිටි අයෙකු විසින් ගෙනෙන ලද රටබීම බෝතලයක් මිලදීගත් පිරිසකට එය පානය කරන්නට ගොස් සිදුවූ අලකලංචියක් ගැන අමුතුම තාලේ තොරතුරක් පසුගියදා දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා විය. පාසල් වියේ සිටම යහළුකම් පවත්වන මිතුරන් තිදෙනෙකි. මේ මිතුරු සමාගමේ ප්‍රධානියා කුරුඳු ගම්මිරිස් ඇතුළු කුළුබඩු එකතු කරන අතමිට සරු අයෙකි. තවකෙක් වෑන් රථයක් හිමි දේශීය විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරන්නෙකි. අනිකා පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකි. මංගල උත්සවයකට ගියත 10 January 2026
පිටිකිරි පොල් කිරි වෙලා වැසිකිලි පෝළිමේ සහනාධාර මල්ලක තිබූ පිටි පැකට් එකක් දියකර බීමෙන් බඩේ අජීර්ණයකට මුහුණ දුන් මිත්තණියක සහ මුනුබුරකු පිළිබඳ කතාවක් කැබිති ගොල්ලෑවට එපිට ගමකින් දැනගන්නට ලැබුණි. එම ගම පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට හසුවීමෙන් තරමක් හානි සිදුවූ ගමකි. මේ ගමේ විසූ මිත්තණියක් සහ වයස අවුරුදු 14ක පමණ මුනුබුරෙක් නිවසක වාසය කළෝය. ඔවුන්ගේ නිවස ජලයෙන් සහ සුළඟින් හානියට පත් වී තිබුණි. මේ හේතුව නිසා වරින් වර ලැබුණු සහනාධාර බඩු මළු ඔවුන් දෙදෙනාට ද ලැබී තිබුණි. මෙම මිත්තණිය 10 January 2026
පාසල් ශ්රමදානෙට කසිප්පු පැකැට්ටුවකුත් ගිහින් සැමියා විසින් යතුරු පැදියේ අසුන යට හොර රහසේ සඟවා තිබූ කසිප්පු පැකැට්ටුවක් සමඟ බිරිඳ එම යතුරුපැදියෙන් පාසලේ ශ්‍රමදානයකට යාමේ සිදුවීමක් පිළිබඳව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. මේසන් බාස් කෙනකු 09 January 2026
ගමේ හොල්මන් කළ භූතයා වෙදගෙදරින් එළියට කාන්තාවන් පමණක් සිටින නිවාසවල වහලයට රාත්‍රී කාලයේ ඇතුළු වී හොල්මන් කරන “භූතයා” ගමේ වෙද ගෙදරින් මතුවූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. ගම්මානයේ බොහෝ ගෘහ මූලිකයෝ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු විවිධ දෛනික කුලී වැඩ සඳහා කොළඹ හෝ වෙනත් ඈත දුර ප්‍රදේශවල රැකියා සඳහා පිටත්ව යති. ඔවුන් එසේ ගිය පසු නිවාසවල බිරින්දෑවරු තම කුඩා දුවා දරුවන් සමග සිටිති. 08 January 2026
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026