lankadeepa.lk

රිය අනතුරකින් 6 ක් රෝහලේ

2019 අගෝස්තු මස 18 ප.ව. 07:53

0     119

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී (18) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.


lankadeepa.lk

රටට වැසි-ජනතාවට සෙත් පතා සොකරි නාඩගමක් දඹුල්ලේ

2019 අගෝස්තු මස 18 ප.ව. 03:28

0     73

ප්‍රදේශයේ ජනතාවට සෙත්පතා සහ රටට වැසි පතා පරම්පරික සොකරි නාඩගම රඟ දැක්වීමක් අද 18 දින පහන්වනතුරු දඹුල්ල පහලවැව වැව් තාවුල්ලේ දී පැවැත්විණි.


lankadeepa.lk

ත්‍රිරෝදයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

2019 අගෝස්තු මස 17 ප.ව. 08:42

0     228

කඳපොළ පොලිස් වසමට අයත්, නුවරඑළිය-උඩුපුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ, කඳපොළ එස්කඩේල් ප්‍රදේශයේදී අද (17) ත්‍රීවීල් රථයක් අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි එකම පවුලේ මව හා පියා මිය ගොස් දරුවන් තිදෙනෙක් බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.


lankadeepa.lk

කාසල්රී ජලාශයේ බිළිඳු මළසිරුරක්

2019 අගෝස්තු මස 17 පෙ.ව. 11:16

0     331

කාසල්රි ජලාශයේ පාවෙමින් තිබූ බිළිඳෙකුගේ මළසිරුරක් අද (17) සොයාගත් බව හැටන් පොලිසිය පවසයි.


lankadeepa.lk

මාතලේ නාගරික කොමසාරිස්ට තර්ජනය කිරීමට එරෙහිව විරෝධතාවක්

2019 අගෝස්තු මස 16 පෙ.ව. 11:54

0     70

මාතලේ නගරාධිපතිවරයාගේ නිල රියදුරා විසින් මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට බැන තර්ජනය කිරිමට විරෝධය දක්වමින් නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු සිව්දෙනෙක් අද (16) දින නගර සභවේ ගේට්ටුව ඉදිරිපිට බිම වාඩිවී විරෝධතාවක නිරතවූහ.


lankadeepa.lk

පාත හේවාහැට ප්‍රා.සභාවේ සේවකයින් 2 කට බඹරු අනිති

2019 අගෝස්තු මස 15 ප.ව. 09:15

0     47

බෙල්වුඩ් ප්‍රදේශයේ දී බඹරු ඇනීමෙන් පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ සේවකයින් දෙදෙනෙකු අද (15) සවස ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.


lankadeepa.lk

උකුවෙල ප්‍රා. සභාව උණුසුම් වෙයි

2019 අගෝස්තු මස 15 ප.ව. 05:13

0     69

උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සඳහා සභා රැස්වීම් ශාලාව ලබාදීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවක් හේතුවෙන් අද(15)පැවති මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්වයක් ඇති විය.


lankadeepa.lk

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක

2019 අගෝස්තු මස 15 ප.ව. 04:50

0     40

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව ටින්සින් නගරයේ ව්‍යාපාරිකයෝ සහ ප්‍රදේශවාසීහු එක් ව අද (15) උද්ඝෝෂණයක නිතරවූහ.


lankadeepa.lk

‘ටිකිරි ඇතින්න සුවෙන්‘

2019 අගෝස්තු මස 15 ප.ව. 03:40

2     213

ටිකිරි ඇතින්න දළඳා පෙරහරේ විශ්ණුදේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරලි සිටි බවත් එසේ බිම පෙරලි සිටියේ ඇයගේ වයස තත්වය මත බවත් වෛද්‍ය පරික්ෂණයකට ලක් කර ඇගේ සෞඛ්‍ය තත්වය නිවරදිව කිව හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අසෝක දංගොල්ල මහතා පවසයි.


lankadeepa.lk

බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 7ක් රෝහලේ

2019 අගෝස්තු මස 15 පෙ.ව. 11:29

0     29

තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් කම්කරු කන්තාවන් හත්දෙනෙකු අද (15) තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසීය.


lankadeepa.lk

ගින්නකින් ලී වෙළෙඳසැලක් මුළුමනින්ම විනාශයි

2019 අගෝස්තු මස 15 පෙ.ව. 09:43

0     148

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළදසැළකට පිරිසක් විසින් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


lankadeepa.lk

ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

2019 අගෝස්තු මස 14 ප.ව. 06:28

0     166

මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ පුංචි සෝලංකන්ද තේ වත්ත ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද (14) පෙරවරුවේ සොයාගත් බව මස්කෙළිය පොලිසිය පවසයි.


lankadeepa.lk

ලොරි රථයක් සොරකම් කළ අයෙකු පොලිස් දැලේ

2019 අගෝස්තු මස 14 ප.ව. 06:11

0     87

හැටන් නගරයේ ගාල් කර තිබූ කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු ලොරි රථය සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.


lankadeepa.lk

තුවාල ලැබූ අකුරම්බඩ වන අලියා මිය යයි

2019 අගෝස්තු මස 14 ප.ව. 03:16

1     118

මාතලේ - අකුරම්බඩ ප්‍රදේශයේ දී වෙඩි වැදී තුවාල ලබා සිටියේ යැයි සැක කරන ලද වන අලියා අද (14) පස්වරුවේ මිය ගිය බව වන ජීවි දෙපාර්තමේන්තුව කියයි.


lankadeepa.lk

මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයට පස් කඳු කඩාවැටී ගමනාගමනය ඇනහිටී

2019 අගෝස්තු මස 14 පෙ.ව. 11:18

0     71

මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසළ, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය පුළුල් කරන ස්ථානයට අද (14) විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ධාවන කටයුතු පැය කිහිපයක් ඇනහිට තිබුණි.


lankadeepa.lk

නිව්වැලි වත්තේ නාය යාමෙන් අවතැන්වූ 59 ක් තාවකාලික ස්ථානවලට

2019 අගෝස්තු මස 14 පෙ.ව. 10:28

0     26

කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේළියකට ඉහළින් වු පස් කන්ද තවදුරටත් අවදානමක් පවතින නිසා එම වතු නිවාස පේලියේ පදිංචි පවුල් 12 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු නොර්වුඩ් නිව්වැලිගම දෙමළ මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති බව එම වතු යායේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය.


lankadeepa.lk

ගෝඨාභය පිළිගැනීමේ උත්සවයක් දඹුල්ලේදී

2019 අගෝස්තු මස 13 ප.ව. 05:38

0     342

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල නගරයේදී අද (13) සවස පැවැත්විණ.


lankadeepa.lk

ත්‍රිරෝද රථ දෙකක් ගැටී 3 ක් රෝහලේ

2019 අගෝස්තු මස 12 ප.ව. 09:10

0     242

තලාතුඔය මාරස්සන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් මුදුනකඩේ ප්‍රදේශයේදී අද (12) මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.


lankadeepa.lk

පස් කඳු කඩා වැටී වතු නිවාස හතරකට හානි - 2ක් රෝහලේ

2019 අගෝස්තු මස 12 ප.ව. 04:04

0     82

හැටන් දික්ඔය ඔටරි වතුයායේ වතු නිවාස දෙකක් සහ දිඹුල පොලිස් වසමට අයත් කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස දෙකක් මතට අද(08) පස් කඳු කඩාවැටීමෙන් නිවාසවලට අලාභ හානි සිදුවී ඇතැයි හැටන් පොලිසිය පැවසීය.


lankadeepa.lk

මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනය ඇනහිටී

2019 අගෝස්තු මස 12 ප.ව. 03:15

0     159

මස්කෙළිය ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (12) අහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක පමණ කාලයක් ඇන හිට තිබූ බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.


lankadeepa.lk

කොටගල නිවාස කිහිපයක් වතුරෙන් යට වෙයි

2019 අගෝස්තු මස 12 ප.ව. 01:22

0     53

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට අද (12) උදැසන සිට පවතින අධික වර්ෂාවත් සමඟ කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ නිවාස පහක් ජලය යටවී තිබේ.


lankadeepa.lk

කන්දෙනුවර වතුයායේ උද්ඝෝණයක්

2019 අගෝස්තු මස 12 පෙ.ව. 11:55

0     28

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් කන්දෙනුවර වතුයායේ වතු කාර්යාලය කරගහලන්ද ප්‍රදේශයට රැගෙනයාට විරෝධය දක්වමින් එහි සේවකයෝ අද (12) විරෝධතාවක නිරතවුහ.


lankadeepa.lk

නොර්වුඩ් ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක ගින්නක්

2019 අගෝස්තු මස 08 ප.ව. 07:53

0     421

හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක අද (08) පස්වරු 6.30 ට පමණ ගින්නක් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.


lankadeepa.lk

වැස්සෙන් මාතලේ නිවාස 53 කට හානි

2019 අගෝස්තු මස 08 පෙ.ව. 10:58

0     69

වැසි සමග හමා ගිය තද සුළං හේතුවෙන් මාතලේ ප්‍රදේශ කිහිපයක (08) උදෑසන වන විට නිවාස 53 කට හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.


lankadeepa.lk

මධ්‍යම ආණ්ඩුකාර වැඩ අරඹයි

2019 අගෝස්තු මස 07 ප.ව. 03:42

0     108

බස්නාහිර හා දකුණු පළාත් වලට වඩා මධ්‍යම පළාතේ සෞඛ්‍ය, අධ්‍යාපන හා සංචාරක ආදි ක්ෂේත්‍ර ගණනාවක් පහළින් තිබෙන බවත් මෙම තත්ත්වයෙන් ඉහළට මධ්‍යම පළාත ගෙන ඒමට සැමගේ කැපවීම අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.


lankadeepa.lk

මාතලේ සංවර්ධන නිලධාරීහු දිසාපති කාර්යාලය වටලති

2019 අගෝස්තු මස 07 ප.ව. 02:12

1     145

මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන්ට අන්තනෝමතිකව ස්ථාන මාරුවීම් ලබාදීමට විරෝධය දක්වමින් දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන නිලධාරීහු අද(07) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණ උද්ඝෝෂණක නිරතවූහ.


lankadeepa.lk

ගමකටම කරදරයක් වු අඳුන් දිවියෙක් අල්ලයි

2019 අගෝස්තු මස 06 පෙ.ව. 10:41

0     243

නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දඕවිට ප්‍රදේශයේ ගමක් භිතියට පත් කරමින් සැරිසැරු අඳුන් දිවියෙකු උගුලක් අටවා අල්ලාගැනීමට ගම්වාසීහු අද (06) උදැසන සමත් වූහ.


lankadeepa.lk

තිරිඟු පිටි කන්ටේනරයක් පෙරැළී 5කට තුවාල

2019 අගෝස්තු මස 05 පෙ.ව. 11:20

0     207

තලවකැලේ සිට ඩයගම දක්වා තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු ඇතුළු සිව්දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා අද(05) ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ලිදුල පොලිසිය කියයි.


lankadeepa.lk

කසල තේ ලොරියක් ප්‍රපාතයකට පෙරැළෙයි

2019 අගෝස්තු මස 05 පෙ.ව. 10:41

0     285

පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් පෙරැළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසීය.


lankadeepa.lk

මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ අගයක

2019 අගෝස්තු මස 04 ප.ව. 04:46

0     141

ශ්‍රී ලංකාවේ සෙසු පළාත් වලට වඩා මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.