IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


චීන - ශ්‍රී ලංකා හරිත බලශක්ති වැඩසටහනක්

(නිමල කොඩිතුවක්කු)
 
‘දීප්තිමත් සහ ආරක්ෂාකාරී ශ‍්‍රී ලංකාවක්’  යන තේමාව යටතේ සූර්ය බලශක්ති උත්පාදනය, සූර්ය වාරි පද්ධති, පොටෝවෝල්ටික් බල තාක්ෂණය ආදී විෂය රැසක් ආවරණය වන පරිදි චීන - ශ‍්‍රී ලංකා හරිත බලශක්ති වැඩසටහනක් ආරම්භ කර තිබේ.

චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ මහජන රජය සහ යුනාන් ප‍්‍රාන්තයේ වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ආධාර යටතේ ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක‍්‍රියාත්මක කෙරේ.

මෙයට සමගාමීව පැවැත්වෙන චීන - ශ‍්‍රී ලංකා හරිත බලශක්ති සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති අතර එහිදී ස්වයංක‍්‍රීය සූර්ය වීදි ලාම්පු ආදර්ශන ව්‍යාපෘතියක් සහ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පැවැත්විණි.

ව්‍යාපෘතිය යටතේ ජෙන්සෝ පවර් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම සිය චීන සහකරුවන්  වන රෝඩ් ස්මාර්ට් සමඟ එක්ව රජයේ ආයතනල පාසල්, උද්‍යාන, පාලම් ආදිය ඉලක්ක කරමින් ස්වයංක‍්‍රිය සූර්ය වීදි ලාම්පු 140 කට අධික ප‍්‍රමාණයක් මෙරට ස්ථාපිත කර ඇත.

බාහිර පරිසරයේ ආරක්ෂාකාරී බව තහවුරු කරමින්  වාහන නැවතුම් පලල පාසල් ක‍්‍රීඩාංගණ, ආගමික මධ්‍යස්ථාන ආදිය ඉලක්ක කරමින් මෙම ස්වයංක‍්‍රීය සූර්ය විදී ලාම්පු දිවයිනේ සෑම ප‍්‍රදේශයක් වෙතම හඳුන්වාදීමට නියමිත ය. මෙයට අමතරව චීන සහ ශ‍්‍රී ලංකා උපදේශකවරුන් විසින් දේශීය තාක්ෂණ ශිල්පීන් 150 දෙනෙකු පුහුණු කරවීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.

මෙම පුහුණු වැඩමුළුව පිළිබඳව අදහස් දක්වමින් ජෙන්සෝ පවර් ටෙක්නොලොජීස්  හි ප‍්‍රධාන  විධායක නිලධාරි සහ ප‍්‍රධාන සම්බන්ධීකාරක ආචාර්ය අවන්ත අතපත්තු මහතා සඳහන් කළේ මෙම පුහුණු වැඩසටහන සූර්ය බලශක්ති ක්ෂේත‍්‍රයට අදාළ දේශීය සහ විදේශීය පාර්ශවකරුවන්ගේ සබඳතා වර්ධනය කර ගැනීමට පදනමක් වූ බවයි.

ජනාධිපති ලේකම්  උදය ආර්. සෙනවිරත්න, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ප‍්‍රධාන ලේකම් බී. එම්. එස් බටගොඩල ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් සේපාල, චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ හරිත බලශක්ති සංගමයේ මහ ලේකම් හන් ලියාල ශ‍්‍රී ලංකා - චීන තානාපති කාර්යාලයේ  ආර්ථික හා වෙළඳ උපදේශීකා සු මීන්  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (0)

චීන - ශ්‍රී ලංකා හරිත බලශක්ති වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6133 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 316 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site