
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින් ඉහළම කාර්යසාධනය පළකළ සිය උපදේශකයින්ගේ සහ නායකයින්ගේ සහභාගිත්වය සහිතව පසුගියදා Cinnamon Grand Colombo හිදී “Momentum 2026” උළෙල පවත්වනු ලැබිණි. සමස්ත රක්ෂණ ක්ෂේත්රයේද පිළිගැනීමට පාත්‍ර වූ ජයග්‍රාහකයින් වන, සමාගමේ විශිෂ්ටතමයින් ඒකරාශී කිරීම සහ දිරිගැන්වීම සඳහා වූ ප්රමුඛ පෙළේ සමුළුවක් ලෙස මෙම අවස්ථාව වැදගත් විය. නවෝත්පාදක සහ වටිනාකම් ඉහළ නංවන විසඳුම් ඔස්සේ සිය හිතවත් රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍යය, ධනය, පවුල, දරුවන්ගේ අධ්‍යාපනය, විශ්‍රාමය, හෝ ජීවිතය සුරක්ෂිත කිරීම යන මේ කවර ආකාරයකින් වුවද වටිනාම සැම දේ සුරැකීම සඳහා විශේෂයෙන් කැප වූ ඉදිරි වසරට අදාළ නව ව්‍යාපාර උපායමාර්ගය හඳුන්වාදීමද මෙහිදී සිදු කෙරිණි.
Momentum 2026 සැලසුම් කරනු ලැබුවේ උපදේශකයින්ට සහ නායකයින්ට ජාත්‍යන්තර මට්ටමේ දැක්මෙන් පිරිපුන් දැනුම සහ සංවර්ධන අවස්ථා හිමිකර ගැනීමේ අසහාය හැකියාව පිරිනමන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු සමුළු නිර්ණායකවලට අනුකූල වන ආකාරයටය. උපදේශකවරුන්ගේ හැකියාව ජාත්‍යන්තර මට්ටම් දක්වා ඉහළ නැංවීම මඟින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පවුල්වලට ඔවුන් අපේක්ෂා කරන මඟපෙන්වීම, රැකවරණය, සහ ආරක්ෂාව පිරිනමමින්, වඩාත් ඉහළ අර්ථවත්බව, අඛණ්ඩතාව, සහ පාරිභෝගික ඵලදායිතාව සහිතව සිය සන්නාම පොරොන්දුව ඉටුකිරීමට ඇති හැකියාව සමාගම විසින් යළි තහවුරු කරනු ලබයි.
ඉහළම විශිෂ්ටතා පළ කරන්නන්ට සිය විශේෂඥතාව ඉහළ නංවා ගන්නා අතරම නායකත්වය උදෙසා වූ දූරදර්ශී ප්‍රවේශයක් ගොඩ නංවා ගැනීමට සහාය වීම සඳහා පහසු මාර්ගෝපදේශයක් ඉදිරිපත් කළ ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින් පිරිසකගෙන් සමන්විත සම්භාවනීය මඬුල්ලක් මෙම අවස්ථාවට එක් විය. ඔවුන් අතර ඉයන් වොට්ස්, සනත් ජයසූරිය, ශලින් බාලසූරිය, මනෝෂ් කුලසේන, රමිඳු රන්දෙණි, සංජීව් ජයරත්නම්, පීටර් ඩී’ අල්මේදා සහ ඇල්බර්ටෝ රුයිස් යන අයද වූහ.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2025 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 46.2ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 91.1ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd