IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සෝවියට් යානය ඉන්දීය සාගරයට

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අනුව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය කඩා වැටෙනු ඇතැයි අනුමාන කර ඇත්තේ ඉන්දුනීසියාවට ඔබ්බෙන් ඉන්දීය සාගරයටය.

සෝවියට් රුසියාව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය 1972 මාර්තු මාසයේ දී සිකුරු වෙත යැවීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය.

යානය පෘථිවියට ඉහළින් අක්‍රිය වී පාවෙමින් තිබුණු අතර, පසුව එය කෙමෙන් කෙමෙන් පෘථිවියට ඇදී ආවේය. පසුය එය පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඉන්දීය සාගරයට පතිත වනු ඇති බව විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

සෝවියට් විද්‍යාඥයන් ‘කොස්මොස් 482’ නිර්මාණය කර ඇත්තේ සිකුරුගේ වායුගෝලයේ අධික තාපයට ඔරොත්තු දී සිකුරු මතුපිටට ගොඩබෑමටය.

පෘථිවි වායු ගෝලයට වඩා සිකුරුගේ වායුගෝලය අධික තාපයෙන් යුක්ත බැවින්, අක්‍රිය වූ යානය පෘථිවි වායුගෝලයේ විනාශ වී නොයනු ඇතැයි ද පැවැසෙයි. ඒ අනුව, ‘කොස්මොස් 482’ යානය හානි නොවී මුහුදට පතිත වනු ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

සෝවියට් යානය ඉන්දීය සාගරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17378 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site