
වසර 100 කට පසු, නව වල් බළල් විශේෂයක් බොලිවියාවෙන් හමුවුණු බව විද්‍යාඥයෝ පවසති. ටිල්කයා බළලා (Tilcaya cat) යනුවෙන් පොදු නමින් හැදින්වෙන මේ සත්වයාගේ විද්‍යාත්මක නාමය ‘ලියෝපාර්ඩ්ස් ටිල්කයෝ’ (Leopardus tilcayo) ය.
මේ සත්වයා, සාමාන්‍ය ගෘහස්ථ බළලකුගේ ප්‍රමාණයට සමානය. ටිල්කයා බළලාගේ සමේ ඇති තිත් සහ වයිරම්, මෙම කලාපයේ වනාන්තරවල වෙසෙන අනෙක් වල් බළල් විශේෂවලට සමාන බැවින්, විද්‍යාඥයන්ට මුලදී මේ සත්වයා නව බළල් විශේෂයක් යැයි වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වුණු බව පැවැසෙයි.
ටිල්කයා බළලා නව විශේෂයක් බව තහවුරු වූයේ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් පසුවය. දැනට නිල වශයෙන් පිළිගත් බළල් විශේෂ 41 ක් ඇති අතර, මෙම නව සොයාගැනීම් සමග එම සංඛ්‍යාව 44 ක් හෝ ඊටත් වඩා වැඩි වීමට ඉඩ ඇති බව විද්‍යාඥයන්ගේ අදහසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd