
මෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට පත්විය.
අනතුරින් දෙදෙනකු මියගිය බවත්, 19 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්වය බරපතල යැයි ද පැවැසෙයි.
පාලමේ හැපෙද්දී නෞකාවේ 277 දෙනෙක් සිට ඇත.
මෙක්සිකෝ නාවික හමුදා කැඩෙට් පුහුණුව අවසන් කිරීම නිමිත්තෙන් මෙම නෞකාව නිව්යෝක් පැමිණි බව ද පැවැසෙයි.
නෞකාව මීටර් 91 ක් දිග, මීටර් 12 ක් පළල එකකි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැක්සිකෝවේ ඉන්නේ අති පණ්ඩිත නායක උත්තමියක්, ඒක නිසා ඇමරිකන් උපදෙස් ගණන් අරන් නැහැ වගේ...!