
බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම් දුන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
රාජකීය මී මැසි පාලකයා ලෙස කටයුතු කරන්නේ 79 හැවිරිදි ජොන් චැපල් ය. එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව සහ මහ රැජිනගේ පුතු චාල්ස් කුමරු තෙවැනි චාල්ස් යන නමින් කිරැළ පැලැඳීම, මී මැස්සන්ට දැනුම් දීම සාම්ප්‍රදායිකව ක්‍රියාවලියක් යැයි මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.
රැජිනගේ අභාවය සහ චාල්ස් කුමරු කිරුළු පැලඳීම, බකිංහැම් මාලිගයේ සහ ක්ලැරන්ස් හවුස් මන්දිර ගෙවත්තේ මී මැසි ජනපදවලට දැනුම් දීම සිදුවූයේ කළු පැහැයෙන් යුත් රිබන් පටි එම මී මැසි ජනපදවල රඳවමිනි.
“ඒක රජ පවුලේ සම්ප්‍රදායට අනුව සිදුවන්නක්. මහ රැජිනගේ අභාවයෙන් පසු මී මැස්සන්ගේ නව ස්වාමියා තෙවැනි චාල්ස් රජු බව මී මැස්සන්ට දැනුම් දීමක්. මී මැස්සන්ට ජනපදයෙන් යන්න එපා යැයි මා පවසන්න ඕනෑ. මී මැසි ජනපදයට ළං වෙලා තට්ටු කරමින් මා ඒ බව ඔවුන්ට කියන්න ඕනෑ. සාම්ප්‍රදායට අනුව වැඩ සිදුවෙන්නේ එහෙමයි.” යැයි ජොන් චැපල් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ආණ්ඩුව මාරු වෙනකොට ලඟම තියෙන ගව පට්ටියට එක දැනුම් දෙනවා.
මී මැස්සන් පරාගණය සඳහා පරිපූර්ණ ලෙස අනුවර්තනය වී ඇති අතර, ශාක වර්ධනය වීමට, බෝ කිරීමට සහ ආහාර නිෂ්පාදනය කිරීමට උපකාරී වේ. ඔවුන් එසේ කරන්නේ පුෂ්ප ශාක අතර පරාග මාරු කිරීම සහ එමනිසා ජීවන චක්‍රය හැරවීමෙනි. මී මැස්සා පරිසරයට අත්‍යාවශ්‍ය සහ සමතුලිතතාවය රැකගැනීමට ක්‍රියාකරන සත්වයෙකි.
ඕක අපි කෙරුවා නම් මේ රටේ කොටසක් ඉන්නවා ගෝත්‍රික නවීන විද්‍යාවට නොගැලපෙන අන්ධයින් වගේ කියා රටේ ජනතාව පහත්කොට සලකන කලු සුද්දෝ කොටසක් ඉන්නවා... කතිර කට්ටිය..
අපි නං මෙහෙ රජා මලාම මී හරක්ට දැනුම් දෙනවා. දැං රජාලා 4-5ක් ම ඉන්නවා පෝලිමෙ ගොක්කොල ගැන ගැන. ඒ්ත් තාම බල තන්හාව අඩුවක් නැ. තොලොංජි වෙලා යන්නෙත් නෑ රටට වැඩක් වෙන්න.
මම නම් හිතුවේ අපේ රටේ විතරයි ගොන්, තකතීරු වැඩ කරන්නේ කියලා...!
කාර්මික විප්ලවයේ රජාණෝද, ස්වභාව ධර්මයේ න්‍යායන් සමග ද ඒකාත්මික වෙලා...
බලන් ගියාම එහෙත් ගොන් වැඩ තියෙනවානේ..?
මළ සමයං...!
මෙහෙ ඔහොම කලාම හෙන ගෝත්‍රිකයි
මෙහෙ එහෙම දෙයක් වුණාම යම රජ්ජුරුවෙන් අපිට මැසේජ් එකක් එවනවා, ස්ථානයක් සූදානම් කරලයි තියෙන්නේ කියලා...
මේ වගේ මිනිස්සු ඉන්න රටකට යන්නද පෝලිම්වල ඉන්නේ.. ඊට හොඳයි දඹානේ මිනිස්සු.. අපේ රටේ අවුරුද්දට කිරි ඉතිරෙන එකටත් අවලාද කියන්න. මහ පණ්ඩිතයින්ට මේවා ඇහෙනකොට මොනවා හිතෙනවා ඇතිද?