IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (29) වාර්තා කළේය.

කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු එකම ඇඳක සිටින බවත් රෝගීන් දෙදෙනකුට එකම ස්වසන සංවාතන යන්ත්‍රයෙන් (වෙන්ටිලේටර්) හුස්ම ගැනීමේ පහසුකම් සපයන බවත් එම වාර්තාවල දැක්විණි.

මුම්බායි යනු ඉන්දියාවේ ප්‍රධානම මූල්‍ය කේන්ද්‍රස්ථානයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට ඇඳින් සියල්ලම පාහේ මේ වනවිට රෝගීන්ගෙන් පිරීගොස් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනගරය වන මුම්බායි නුවර පරිපාලන ඒකකය වන බ්‍රිහාන්මුම්බායි නගර පරිපාලනය නිකුත් කළ නිල දත්ත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය ඒ බව වාර්තා කර තිබිණි.

ඉන්දියාවේ මුම්බායි නුවර රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක සතුව ඇඳන් 645 ක් ඇති බවත් අද වනවිට ඒ සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

ඇඳන් 4,292ක රෝගීන් සිටින බවත් එම ඇඳන්වල සිටින රෝගීන්ගෙන් සියයට 65 දෙනකුගේම තත්ත්වය අසාධ්‍ය යැයි ද වාර්තා විය. මුම්බායි නුවර රජයේ රෝහල් සතුව වෙන්ටිලේටර් යන්ත්‍ර 373ක් ඇති අතර කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඊයේ සවස වනවිට ඉන් සියයට 72ක් ම භාවිත කර තිබිණි.


මුම්බායි නගරයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 35,000කට වැඩි ගණනක් වාර්තා වී තිබූ අතර අවසන් පැය 24 දී එම නගරයෙන් ආසාදිතයන් 1,438 දෙනකු හඳුනාගෙන තිබිණි. මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට 59,546 දෙනකු හඳුනාගෙන තිබිණි. 

ඉන්දියාවේ ප්‍රාන්තයකින් වාර්තා වන වැඩිම ආසාදිතයන් ගණන එය වන අතර ආසාදිතයන් පනස්දහස ඉක්මවා වාර්තා වන එකම ප්‍රාන්තය වන්නේ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි.

ඒ.එෆ්.පී./රොයිටර්

055

 



අදහස් (0)

මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site